අදත් වැස්ස...
මේ දවස් ටිකේ ඉතීම් වැස්ස තමයි. ඊයේ හවස යාලුවෙක්ගෙ studio එකකට පොඩ්ඩක් ගෙහුං එන්ට ගියා. ගිහින් ඉන්නකොට ඌ අහපි... ඉස්සරහට ඉතින්
මොකෝ වෙන්නෙ කියල.
මං රනිල්
රාජපස්සද, නැත්තං ජ්යෝතිෂ්යකාරයෙක්ද... රටේ ඉස්සරාට වෙන විගඩන්, නාඩගං ටික කලින්
දැනගන්න. හුම්. වැහි කළුවක් ආව. කාලගුණය මේ තියෙනවා... මේ වෙනස් වෙනව. හරියට මොකක්
වෙයිද කියල හිතා ගන්න බෑ.
මං... ඌයි තා
එකෙක් එක්කයි දන්හිල් එකකුත් ගහල කාරිය එන්ට ආව. අද රෑ කඩේ යද්දිත් පොඩි වැහි mood
එකක් තිව්න. දවස් පඩි කාරයො... බාර් එක ගාව. බියර් ගන්නවා, වඩේ කනවා... මත් වෙච්ච
අස්සෙ ඉතුරු සල්ලි හරිදත් බලනවා. පව් ඉතීම් අසරණ ජීවිත. මං නම් බොන්නෙ නෑ........
බියර්. ගෑස්ටික් එක නිසා බියර් ටිකක් අමාරුයි. අනිත් ඒවා... හි..හ්හි. සිගරට් උනත්
ඇඟට හොඳ නෑ නෙ. ඒ නිසා මං මේ ටිකේ දන්හිල්. තව පොඩ්ඩෙන් රු100ක ආසන්නයට වැටයූ දන්හිල්
එක තෙමෙනවා. ඒත් ලොකු අවුලක් නෑ... මොකද තාම රු 8ට ගත්ත ගිණිපෙට්ටියක් නෙ තියෙන්නෙ.
40හේ ගිණිපෙට්ටියත් අවුලක් නෑ ඉතීම්... මොකද IMF ණය
හම්බවෙන සීන් එකක් තියෙන්නෙ.
පොද වැස්සෙ
යනකොට, අඳුරන වැඩිහිටියෙක් කියාපි... කුඩයක් අරං යන්න. වැඩේ කියන්නෙ උන්ද කුඩයක් ගෙනල්ලත්
නෑ. මේ පොඩි දුරට මොන කුඩද.. ඕව උස්සන් යන්න බෑ.... මං කියල දැම්ම.
ඊයෙ හවස ලොකු
වැඩක් නැති හන්ද blog පැත්තට ගියා. නිදිගෙ
පංචතන්තරේ නිදියි, ඩ්රැකීගෙ අඩවියේ ඩ්රැකීයි
post දෙකක් දාල... ෆිලුමක් ගැන. ඒවත් කියවන්න එපෑ ඉතීම්.
නිදියත්...
ලියන්න ඕනෙනම් ලියපං තනියෙම. තව කවුරුවත් මොකටද. අනික ඩ්රැකීය ෆිලුම් ගැන ලියන එක
අඩුකරලත් තිවනෙ....... මේක දිගටම යයිද. ඒම උනොත් මට තමා කෙල වෙන්නෙ. මගේ ෆිලුම් post
ලෙප්ට්. කෝකටත් හොඳ මූණ දාගෙන ගෙහුං කමෙන්ට් කරා... නැත්තං වැඩේ මාට්ටු නෙව. මොක
උනත් මයෙ blog බලන්න එන ඈයො ඉන්නෙත් කීයෙන් කී දෙනාද. එයිනුත්
මිනිස් පරාණ ඊට අඩුයි. වැම්පයර් කියයි, බස්සො කියයි. ඇයි
නයි. Pra Jay... ඒ යෝදය, තල තිස් එකෙන් මොකට අයිති වෙනවද
කියල දෙයියො තමයි දන්නෙ. ලඟදි bra එකකුත්... බලන වගක් නම්
දැනුණ හිට.
ඔන්න ඉතීම්
මොක උනත් Thirteen
Lives (2022) ෆිලුම බාගෙන බැලුව. මුන් නම් කියයි. මං එපෑ ඩේට
කපන් බාගන්න. ඒ අස්සෙ මැසේජ් එනවා දිගට හරහට.... වෙන කාගෙන්ද, දුරකථන සේවා සපයන්නන්ගෙන්.
පහසුකම් හා සේවා ගාස්තු වැඩි කරාය කියල හිට... රජයේ අණ පරිදි. අනෙ අම්මප. කම් නෑ. කම්
නෑ... phone එකේ contact list එකේ පතුළ නොපෙනුනාට... සම්බන්ධතා තියන් ඉන්න කීයෙන් කී දෙනාද. උන් ටිකත්
හලලා... net යන ඒකත් නවත්තලා... සිම් එකයි, රවුටරෙයි
ජාතියේ නාමෙන් කුණු කූඩෙට දානවා. මොකද IMF ණය හම්බවෙන
සීන් එකක්නෙ තියෙන්නෙ.
කඩේ ගෙහුං
එනකොට කෙල්ලෙක් පාන් ගෙඩියක් සොපින් එකේ දාන්... උජාරුවට යන ලස්සන. හුම්ඃ... මං
බලයි ඔය ලොකුකම්. අර ඌරුවරිගේ වන්නිල ඇත්තන්, නොදියුණු ජාතියක් ද තාම ?