සමහර වෙලාවට පොඩි
වැස්සකටත් එලියට බහින්න අකමැති වෙන, alarm එකට ඇහැරිලා ආයෙම
විනාඩි පහක් විතර ඇඳේ පෙරලි පෙරලි ඉන්න අපි නොදැනිම කම්මැලි වෙනව. ඒත් එක්ක කරන්න
තියෙන වැඩ අතපහු වෙන එක අහන්න දෙයක්ද?
ඒත් සමහර
ධෛර්යමත් ජීවිත දැක්කම, ඒ අයගෙ කතා ඇහුවම... ඇස් දෙකත් එක්ක උඩ යනව. වෙන මොකවත්
හින්ද නෙමේ මේ වගේ අය ඇත්තටම ඉන්න පුළුවන්ද? මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන සැකෙත්
එක්ක. ඒ වගේම ඒ අයගෙ කතා... අපිටත්, අපේ ජීවිත වලටත් motivation එකක්, ආදර්ශයක් වෙනව නොදැනීම 💪
කොලොම්පුර්
තුමා. ඔව් ඔව් අපේ කොලොම්පුරේ තමයි. උන්ද එක්ක දවසක් කතා කරගත්ත පොතක් දොරට වැඩීමේ
උත්සවයකට යන්න කියල. දිනය හරියටම කිව්වොත් 2022-09-18. ස්වයං චරිතාපධාන සීන් එකක්.
කාගේ පොතක්ද, කොහෙද තියෙන්නෙ කියල නොදැන... මාත් ඔහේ
වැඩේට හා කිව්ව. කියල ඉතිං කොලොම්පුරේගෙන් තැන ඇහුව.
'උඹ මහවැලි කේන්ද්‍රය ගාවට වරෙන්... අහවල් වෙලාවට. මං බයික් එකෙන් එතැන්ට
එන්නම් බොට හෙල්මට් කට්ටකුත් අරං... යනකොට බයික් එකේම යන්නත් එක්ක'
'මහවැලි. මත..ක.ත් නෑ. අර union place පහුකරන හරියේ
BOC එක ගාව නේ'
'ඒක නෙමේ බම්. උඹ කලාභවන පාස් කරල පොඩ්ඩක් වරෙන්, අර පින්තූර විකුණන්න
දාල තියෙන හරියෙ. එතැන ඉඳහන් මං ටක් ගාල එන්නම්'
'ආ... හරිනෙ. මහවැලි කේන්ද්‍රය නේ. මට එකපාර මතක් උනේ.. මහවැලි අධි.කා..රි.ය😃'
'උඹ #@.......
මං ලකලෑස්ති
වෙලා ගියහම කොලොම්පුරේත් කියපු වෙලාවටම ආව. දෙන්න ඇතුළට යනකොටත් වැඩේ පටන් අරං. පොත්
කවුන්ටරෙන් පොතක් අරං බලද්දී හෝල් එක ඇතුළට යන්න තියෙන්නෙ ස්ටේජ් එක පැත්තෙම පහළ තියෙන
දොරකින්. සභාතොමෝට බම්බු ගහගන්න කියල... ආවනං ඉතින් යමන් කියල දෙන්නම ස්ටේජ් එකටත්
රබර් ඇහැ දාගෙන, ඉන්න ආරාධිත ඇතුළු සියලු අසුන්ගත පිරිස පහු කරන් පිටිපස්සටම ඇදුන.
මොකද එතකොටත් හෝල් එක හවුස් ෆුල්. ලොකුම තරමේ හෝල් එකක් නොවෙන හන්දත් වෙන්න ඇති එහෙම
වෙන්ට ඇත්තෙ. ඒත් එහෙම හරි කස්ටිය හිටිය. දැන් පොත පතට තියෙන තැන එක්ක බලපුහාම මේ
ආපු පිරිස ඇති, ටිකක් දුරට නෙමේ බොහෝ දුරට හරි හිත හදාගන්න... පොතේ කතෘතුමා - ප්‍රකාශන
ආයතනයට. මොකද මුද්‍රණ, කඩදාසි, ප්‍රවාහන ආදී සෑම දෙයකටම යන
වියහියදම් දවසින් දවස ඉහළ යන කාලෙක වගේම අර කියපු... වෙනදට වඩා කියවීමෙන් දුරස්
වෙච්ච සමාජෙක මේ විදිහට පොතක් එළිදක්වනවා කියන්නෙම ඉල්ලං පරිප්පු කෑමක් වගේ.
කොහොමින් හරි
පිටිපස්සෙම පේළියට එක පේළියක් ඉදිරියෙන් දෙන්නට සීට් දෙකක් සෙට් උනා යන්තමින්. දැන්
ඉතිං ආවනම් ආරාධිත /අනාරාධිත, එකී මෙකී නොකී කතාවල් අහං ඉඳපන්කො. (වැඩි වෙලාවක්
නම් උත්සවය තිබ්බෙ නෑ). ඒ වෙලාවේ තමයි හිතුණේ මොකට ආවද කියල. මොනා කරන්නද... කුම්බලා
fish කෑවනම් විඳපං බස්සෝ කිව්වලු. කාරී නෑ ආපු එකේ කතා ටික පුළුවන් විදිහටවත්
අහන් ඉමුකෝ. ඔන්න ඉතිං ටික ටික චරිත වර්ණනාව ඇහෙනවා... මේ අපි ගිහිං ඉඳගත්තෙ ආරාධික
කතාවේ ටිකක් තැන ගිහිං තියෙන කොටමයි.
මොකා මේ පොත
ලියපු එකාට වකුගඩු දෙකක් බද්ධ කරලලු. (දෙකම අසාර්ථකයි). හරි යාන්තමට මතකයි
කොලොම්පුරේ ටිකක් ඔය ගැන විස්තර කරා. උන්දත් කතාව අහන නාහන ගාන වගේ මූණේ හැටියෙන්,
ඒත් ඇස් වෙදිකාව උඩ. පිටිපස්සෙ පෝලිමේ පොඩි කසුකුසුවකුත් යනව. ටිකක් හැරිල
බැලුව... තරුණ වයසේ ලලනාවන් තුන හතරකුත් ඉන්නව. ටිකක් ඇහැ කන දාල බලද්දී... හුම්
මේ අය පොත ලියපු කෙනාගෙ වැඩකරන තැන සෙට් එකක් වගේ. කට්ටිය ටිකක් fun එකේ ඉන්නෙ. පොත ලියපු කෙනා මහාවංස දේශන කාරයෙක් වෙන්න ඇති ෂුවර් එකට. ඒකයි
මේ කට්ටිය කිචිබිචි ගගා සැරින් සැරේ හිනා පහළ කරන්නෙ එයා ගැන කියා කියා වෙන්න ඇති.
ඔය අස්සේ වේදිකාවේ කතාවෙන් කියනව ඇහෙනව මේ කෙනාගේ ඉස්පිරිතාල, ජීවිත විස්තර ඇතුළු මෙතෙක්
ආපු ගමන ගැන ඉතා කෙටියෙන්. නැත්තං පොත අරන් කියවන්න දෙයක් නෑ නෙ.
මාර පොරක්
නෙ. වකුගඩු දෙසැරයකුත් බද්ධ කරල, අටෝරාසියක් ඔපරේෂනුත් කරල, මැරෙන්න ඔන්න මෙන්නත්
ගිහිල්ල, වෙන්වීම් පවා දරාගෙන, අනන්ත දුක් විඳල, අනෙක් රෝගීන්ටත් උපදෙස්- උදව්
දෙමින්, ළමයින්ට ඉගැන්වීම් හා පාසලේ ක්‍රීඩා-කළා කටයුතු හැම එකක්මත් කරගෙන...
විනෝද චාරිකාවන් පවා ගිහින්. විසි ගණනකට වැඩිය සිරිපාදේ පවා ගිහින්. සතියකට දින
තුනක් රුධිරය මාරු කරගන්න තියෙද්දී පවා.
මේ
ලෙඩ වෙන්න මූලික හේතුවත් සුනාමි කාලේ ඒවාට උදව් වෙන්න ගිහින් විසබීජ ශරීරගත වීමක්.
එතකොට තමයි
ඇත්තටම එතුමා ගැන ලොකු පැහැදීමක් ඇති වුණේ. ඊට පස්සෙ මේ පොතේ කතෘතුමා වුන ඔහු ඉන්දුක
ප්‍රනාන්දු අයිය මයික් එකට ඇවිත් ඔහුගෙ කතාව කරේ. අයිය කියන්නත් බෑ, ඔහු පාසලක්
මෙහෙයවන විදුහල්පතිවරයෙක්. ළමයින්ට ආදරේ කරන, ළමයින් ගැන ළමයින්ගෙ මට්ටමින් හිතන
ගුරු දෙවියෙක් කිව්වොත් නිවැරදියි. මයික් එකට ආවේ මූණෙ පිරිච්ච හිනාවකුත් එක්ක.
සම්පූර්ණ කතාව අවසානෙත්, ඒ වැඩසටහන අවසානෙත්, ඒ හිනාව, ජවයේ සේයාවල් ඒ මූණේ රැඳිල
තියෙනව දැක්ක. ඒ හිනාවත්, අර පිටිපස්සෙ පේළියේ අයගෙ හිනාවත් අතර සම්බන්ධය මට පස්සෙ
තමයි තේරුණේ. එතරම් ඔහු සුභවාදීව ශක්තිමත්ව ජීවිතය - අභියෝග දිහා බලන කෙනෙක්. සැහැල්ලුව
කතා කරපු ඒ කතාවත්, වින්ඳ ඒ දුකත් අතර දුර. එය ගණන් කළ නොහැකියි. වෙන කෙනෙක්ට එය උරුම
උනානම් ඔහු/ ඇය තෝරාගන්නෙ මරණය. මට එකපාරටම මේ ලියන මොහොතෙ මතක් උනේ.......
ලස්සන ළඟ
කවියෙකි ගොළු වන්නේ
ලස්සන ළඟදියි
කදුළුත් එන්නේ
ලස්සන ගැන
මොන මිනිහද දන්නේ
ලස්සන තද
රිදුමෙනි බිහි වන්නේ.... කියල තියෙන, විමලරත්න කුමාරගමගේ කවියාගෙ කවිය.
උත්සවේට
සහභාගී උනේ බොහොම සැහැල්ලුවෙන්. ඒත් ඒ සැහැල්ලුවට අමුතු හැඟීමක්, පෙළඹවීමක්, ධෛර්යක් ඇතිව දොරට වැඩුන උත්සවය අවසානේ පොතකුත්
අරං ආව. ඔහු ගැන ඇතිවුණ ලොකු ගෞරවයකුත් එක්ක. අරං ආවමත් නෙමේ. අරං දුන්න පොත අරන්
ආව. කොලොම්පුරේ... ආ උඹටත් එකක් කියල තව පොතක් මිලදී ගත්ත... ආයේ ශාලාවෙන්
එලියට එන ගමන්. ස්තූතියි අසංග අයිය!
ඉතිං මෙහෙම
අප්‍රතිහත වීර්යයකින් ජීවිතය ආලෝකමත්කරගෙන අනෙක් දුවා දරුවන්ගේත් ජීවිත ආලෝකමත්
කරන ඉන්දුක විදුහල්පතිතුමාගේ පොත ඕන කෙන්කෙට අර දුරකථන හරහා... ලෝකෙ ඕන තැනකට
ගෙන්නගන්න පුළුවන්. මේ post එක කියවලා පොතක් ගන්න එක කෙනෙක් හරි උත්සුක
උනොත්... මටත්, අසංගටත් ගොඩක් ලොකු දෙයක් වෙයි ඒක.
මේ ඔහු සහභාගී වුණු රූපවාහිණී වැඩසටහනක් ➤