රූපය - අන්තර්ජාලයෙන්

මේ කතාව ඉංග්‍රීසි බසින් කොහි හරි තිබුණ මතකයි. හරියටම ඉතින් මතක නැති නිසා ඒ කතාවමද නැත්තං වෙන කතාවක්ද කියල කියන්නත් බෑ. ඉතින් ඒ නිසා පුවත්පතේ තිබ්බ ඒ කතාව ඒ විදිහටම දාන්නම්..

මේ කියන කාන්තාවගේ නම් ලින්ඩ අය දවසක් සාප්පු සවාරියක් ගියා. තමන්ට ඕන කරන හැම දෙයක්ම තියෙන සාප්පුවකට ගොඩවෙච්ච ඇය බොහොම නිදහසේ තමන්ට ඕන කරන බඩු මුට්ටු ටික තෝර ගත්තා. ඊට පස්සෙ බිල ගෙවන්න කවුන්ටරේ ලඟට ඇවිත් මුදල් පසුම්බිය ඇරියම කැෂියර් දැක්ක පසුම්බිය ඇතුලෙ, ගෙදර tv රිමොර්ට් එක තියෙනවා. දැන් කැෂියර්ට හරිම කුතුහලයක්. මේක හංගගෙන ඉන්න බැරිම තැන කැෂියර් ඇහුව.. “මැඩම් යන යන හැම තැනම ඔය රිමොර්ට් එක අරගෙන යනවද?. “අපෝ නෑ.. හැමවෙලාවකම නෙමෙයි.. අද මගේ හස්බන්ඩ් මාත් එක්ක shopping එන්න බෑ කිව්ව. මොකද දැන් world cup එකනෙ. මම එයාට හොඳ පාඩමක් උගන්වන්නම් කියල හිතාගෙන මේ රිමොර්ට් එක අරං ආව”.

පාඩම - ඔබගේ බිරිඳගේ විනෝදාංශවලට සහ අවශ්‍යතාවලට සහයෝගය දී ඇය සමග ඉන්න.

ලින්ඩගෙ කතාව අහපු කැෂියර්ට හොඳටම හිනා. ඒත් කැෂියර් ඇය ගත්තු හැම බඩුවක්ම මේසෙ උඩින් තියන්න ගත්ත.  ලින්ඩ දැන් පුදුමයෙන් වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා. “මොකද ඔය කරන්නෙ.. මං ඕව ගෙදර ගෙනියන්න ගත්ත දේවල්නෙ”. “සමාවෙන්න මැඩම්.. මහත්තය මැඩම්ගෙ credit card එක block කරල” කැෂියර් කිව්ව.

පාඩම - හැම වෙලාවෙම ඔබගෙ සැමියගෙ විනෝදාංශවලටත් ගරු කරන්න.

ඔය වෙලාවේ ලින්ඩ මුදල් පසුම්බිය ඇදල තවත් credit card එකක් එළියට ගත්ත. “මේක හස්බන්ඩ්ගෙ එක.. අවාසනාවට මේක block කරන්න අමතක වෙලා”. ලින්ඩ බොහොම ජයග්‍රාහී ලීලාවෙන් කැෂියර්ට එහෙම කිව්ව.

පාඩම - ඔබේ බිරිඳගේ බලය සහ මොළය අවතක්සේරු කරන්න එපා.

ඔන්න දැන් ලින්ඩ කැෂියර්ට දීපු credit card පතින් ගෙවන්නයි හදන්නෙ. ඒත් ඔන්න එකපාරටම මැෂින් එකෙන් පණිවිඩයක් එනව මෙන්න මෙහෙම. මෙය භාවිත කිරීමට ඔබේ ජංගම දුරකතනයට ලැබුණු රහස් අංකය ඇතුළත් කරන්න කියල.

පාඩම - පිරිමියා පැරදෙන්න යනකොට මැෂින් එක පවා ඔහුව බේරා ගන්නා ඉදිරිපත් වෙනවා.

ඊළඟට ලින්ඩ කැෂියර් එක්ක ලස්ස්සනට හිනා වෙලා බෑග් එකට අත දාල ගත්ත ජංගම දුරකතනයක්. ඔන්න ඒකෙ තියෙනව මේ දැන් ආපු මැසේජ් එක. “මේ ගෑනි හස්බන්ඩ්ගෙ ෆෝන් එකත් අරගෙන ඇවිත්, ෂොපින් කරද්දී එයාට කෝල් කර කර කරදර කරයි කියල”. කැෂියර් එහා පැත්තෙ හිටපු කැෂියර්ගෙ කනට ලංවෙලා රහසින් වගේ එහෙම කිව්ව. ඊට පස්සෙ ලින්ඩ තම සැමියගෙ credit card පතින් බිලත් ගෙවල බඩුත් අරං සතුටින් ගෙදර ගියා.

පාඩම - අපේක්ෂා සහගත විදිහට බිරිඳව අවතක්සේරු කරන්නට එපා.

තවම කතාව ඉවර නෑ හොඳේ. ලින්ඩ ගෙදර එනකොට සැමියගෙ කාර් එක නෑ. ඒ මදිවට ගෙදර දොරේ පුංචි පණිවිඩයකුත් ලියල අලවල. “මට රිමොර්ට් එක හොයාගන්න බෑ. මං යාළුවෝ එක්ක එළියට යනවා match එක බලන්න. ගෙදර එනකොට රෑ වෙයි. ඔයාට මොනවහරි ඕන නම් මගේ ෆෝන් එකට කෝල් කරන්න”. ලින්ඩට දැන් කරන්න දෙයක් නෑ. හස්බන්ඩ්ගෙ ෆෝන් එකත් ඈ ගාව. ඒ මදිවට හස්බන්ඩ් ගිහින් තියෙන්නෙ ගෙදර යතුරත් අරං.

පාඩම - හැම වෙලාවෙම ඔබේ සැමියාව පාලනය කරන්නට යන්න එපා. ගොඩක් වෙලාවට දිනන්නෙ ගැහැණියට වඩා පිරිමියායි.

Man in Black (1997) එකේ ‘Agent J’ නොදන්න කෙනෙක් නැති තරම්. Will Smithව ලෝකෙම දැන ගන්නෙ ඒකෙන්. ලෝකෙම ආදරේ කරන Will Smithගෙ 53වන උපන් දිනය යෙදිල තියෙන්න අද. Smith චිත්‍රපට වලින් අතිශය ජනප්‍රිය වුනත් කළා දිවිය පටන් අරං තියෙන්නෙ 1980 ගණන්වලින් Rap සංගීතඥයෙක් විදිහට The Fresh Prince කියන අනුවර්ත නාමයෙන්. ඒ වගේම පළමු Grammy Award එක අරං තියෙන්නෙ 1989.

The Fresh Price ලෙස රැප් කරමින්

Will Smith රඟපාපු හැම චිත්‍රපටියක් වගේම සාර්ථක උනා. Box Office හිට් උනා. පළවෙනි Box Office එක වෙලා තියෙන්නෙ Bad Boys (1995). ඊට පස්සෙ අවුරුද්ද ආපු Independence Day 1996යෙ වැඩිම ආදායම් ලබපු චිත්‍රපට අතරින් එකක් වෙලා තියෙනවා.

1997 දි අපි හැමෝම බලපු Man in Black චිත්‍රපටියත් world හිට් එකක් උනේ ස්මිත් hollywood වල සුපිරි තරුවක් බවට පත් කරලා. ඒකෙ ස්මිත් කල රංගනයටද විචාරක පැසසුම් මදි නොකියන්න හම්බෙලා තිබුණ. ඒ චිත්‍රපටියෙ තේමා ගායනා කරෙත් ස්මිත්. ඒ සින්දුවත් හැම චාට් එකකම No1 උනා.

ඒ වගේම මං ඇතුළු හැමෝම බලල තියෙන Bad Boys (1995), Men in Black 2(2002), i robot (2004), Bright (2007), Hancock (2008), Focus (2015), Concussion (2015), Collateral Beauty (2016), Aladdin (2019) සුපිරි චිත්‍රපටි.

රූපය - අන්තර්ජාලයෙන්

Concussion (2015) - ක්‍රීඩකයන්ගේ හිස් ගට්ටනය වීම නිසා ඇතිවන මොළයේ රෝගයක් සොයාගන්න වෛද්‍ය ඔමාලුගේ සත්‍ය කතාව ඇසුරින් නිපදවුණු මේ චිත්‍රපටයේ ඔහුගෙ රඟපෑම ඉතා තාත්විකයි. 2016 ආපු Collateral Beauty චිත්‍රපටියේ රඟපෑමද විචාරක පැසසුමට ලක්වුනා. ඒ වගේම චිත්‍රපටියට අත්සන් තැබීමෙන් කෙටි කලකට පසු Smithට තම පියා පිළිකාවක් නිසා අහිමි වුනා. චිත්‍රපටයේ ඔහුට රඟ දක්වන්න තිබුනෙ පිළිකාවකින් තම දියණිය අහිමි වුන පියෙකුගේ චරිතයක්. එතකොට 2007දී Netflix නිෂ්පාදකයින් එතෙක් ඔවුන් දැරූ වැඩිම පිරිවැය යොදමින් Bright චිත්‍රපටිය සඳහා ස්මිත්ව යොදා ගත්ත. 

Concussion (2015) හි තාත්වික රංගනයක යෙදීමින්

ත්‍රාසජනක අත්දැකීම් ලබා ගන්නටද කැමැත්තක් දැක්වන Smithගෙ ඒ ක්‍රියාවන්වල යෙදෙන video ඔහුගේම YouTube නාලිකාවෙන් බලා ගන්නත් පුළුවන්. ඒ හරහාද විශාල පිරිසක් ඔහු හා එකතු වෙනවා.. ඉතින් සුභ උපන්දිනක් Will Smith.

 චිත්‍රපටිය පටන්ගන්නෙ Abelගේ ප්‍රතිබිම්බයත්, ඔහුවත් හා ඔහුගේම සිතුවමත් පෙන්වමින්ය. Abel තම රූපය කන්ණාඩියකින් බලාගෙන සිතුවමට නගන අවස්ථාවයි ඒ. ඒ ලස්සන camera කෝණයක් එක්ක පටන් ගන්න Bridge Of Spies (2015) චිත්‍රපටිය Steven Spielbergගෙ අධ්‍යක්ෂණයක්. Steven Spielberg සහ Tom Hanksගෙ සුපරි එකතුවීම නැවත දැකගන්න පුළුවන් මේ චිත්‍රපටියෙ අනෙක් ප්‍රධාන චරිතය විදිහට, අර හරි අපූරු ආරම්භයෙ Ableට ඉන්න Mark Rylance. 90% ක ප්‍රතිචාරයක් Rotten Tomatoes වල ගනිද්දී IMDB වල7.7 විදිහට දැක්වුන Bridge Of Spies 2015 වසරෙදි Box Office හිට් එකක් උනා. මොකද රටවල් අතර සීතල යුද්ධය, බර්ලින් තාප්පය, රාජ්‍ය රහස් තොරතුරු කියන කරනා මේ චිත්‍රපටියෙ ප්‍රධාන මාතෘකාව වෙච්ච නිසා වගේම අර කිව්ව සුපිරි එකතුවක් දකින්න පුළුවන් වෙන නිසා.

රූපය - අන්තර්ජාලයෙන්

නිව්යෝර්ක් නීතිඥ James B. Donovanට (Tom Hanks) තම රටේ ඔත්තු බැලූ රුසියන් ඔත්තු කරු Abelගෙ (Mark Rylance) පෞද්ගලික නීති උපදේශක වෙන්න වැඩ සැලසෙනවා. මානව හිමිකම් කියල දේකුත් තියෙන නිසා හා අධිකරණ ක්‍රියාවලිය නිසි ලෙස සිද්ධ කර ගන්න ඕන වෙන නිසා. ඒ නිසා තමයි Jamesගෙ ලොක්ක ඔහුට කියන්නෙ නිකන් පෙනී සිටීමක් විදිහට වගේ මේ වැඩේ භාර ගන්න කියල. එක පැත්තකින් තම රටට වැරදිකාරයෙක්, අනෙක් අතට දේශද්‍රෝහී ලේබලයට බයේ ගෙදරින් දක්වන අකමැත්තද පැත්තකින් තියල  “හැම කෙනෙකුටම ආරක්ෂාව, නීති උපදෙස්.. අවශ්‍යයි” කියල James වැඩේ භාර ගන්නවා. ඒ වගේම ඔහු චූදිතයව මරණ දඬුවමින්ද බේරා ගන්නවා. ඒ අනාගතයෙ තමුන්ගෙ රටේ කෙනෙකුටත් මේ විදිහට වෙන රටක චූදිතයෙක් වෙන්න උනොත් ඒ දෙදෙනා හුවමාරු කරගැනීමේ අදහස තර්කයට නගමින්. අධිකරණයේ හා ඉන් පිටතත්. James සිතූ හා ඒ පෙන්වා දුන් දෙයම ඒ විදිහට සිදුවුනා.

තම රටේ ඔත්තුකරු Powers හා Able හුවමාරු කිරීමේ නිල - නොනිල කර්තව්‍යයටද James ඉෂ්ඨ කරමින් තම රටෙන් ජර්මනියට ගොස් ඉගෙනීම හදාරන තරුණ Pryorව ජර්මන් සිරභාරයෙන් නිදහස් කරගැනීමටද උත්සහ කරනවා. එක හුවමාරුවක් තමන්ගෙ පැත්තෙන් සිදු වෙද්දී එයට රුසියාව හා ජර්මන් පැති දෙකෙන් දෙදෙනෙක් කොහොම ලබා ගන්නද. නමුත් නොපසුබස්නා උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් ඔහු ඒ කාර්ය සාර්ථක කර ගන්නවා.

Bridge Of Spies - සත්‍ය කතාවක් පාදකව තැනුණු මේ චිත්‍රපටය නාට්‍යම අකාරයෙන් ගලා යන අතර බර්ලින් වල සිදුවන සිදුවීම් කෙටියෙන් දක්වා තිබීම වෙන්නට ඇත්තේ ඇමරිකාවේදී සෝවියට් ඔත්තුකරු හා James ගැන /කතා නායකයාන් දෙදෙනාගෙ පසුබිම් ගැන පෙන්වීම නිසා වෙන්නට පුළුවන්. ඒ නිසා කතා තේමාව වුනු ‘ඔත්තුකරුවන්ගේ මාරුවීම’ පටන් ගන්නේ චිත්‍රපටයේ හරි අඩක් ගිය පසුයි. ඒ නිසා බර්ලින් වල සිදුවන සිදුවීම් ටිකක් වේගවත් බවකින් ගලා යන බවක් තමයි මට දැනුනෙ.

        ඒ වගේම විචාරක අදහස් වල දකින්න ලැබුන - චිත්‍රපටය නාට්‍යමය ආකාරය විචිත්‍රවත් බව නිසා සත්‍ය මදක් යටපත්ව තියෙනව කියල.

Steven Spielbergගෙ Tom Hanks ත් හිටපු Saving Private Ryan වගේම, Lincoln, Munich චිත්‍රපටි හා මේකත් අරගෙන බැලුවහම ඒවායෙ යම් දේශාභිමානි ගතියක්, ඇමරිකානු නීතියේ අභිමානයක් වගේ දෙයක් පෙන්නවන්න හදනවාදෝ කියල හිතෙනවා. [Amistad (1997) එකේ තදින්ම තියෙනව කියලයි මට හිතෙන්නෙ]. මොකද මේ හැම එකකම වගේ රට වෙනුවෙන්, නීතිය වෙනුවෙන් වැඩි දායකත්වයක් දක්වන චරිත ප්‍රධන භූමිකාවල, කතාව තුල දකින්න පුළුවන් නිසා. ඒ වගේම මේ චිත්‍රපටියෙ පිරිස ඔත්තුකරුට අකමැති උනත් ඇමරිකානුවන් නීතිමය සීමාවක් තුළ කටයුතු කරන බවක් පෙන්වනවා වගේම අනෙක් රටවල් දෙකේ අශික්ෂිත බවක්, ඔවුන් වැරදිකාරයින් බවකුත් පෙන්වන්නෙ නැහැ. නමුත් එහෙම නෙමෙයි කියවෙන විදිහෙ අර්ථයක් ගැබ් වෙන්න රූප රාමු සීරු මාරුවට යොදාගෙන දෝ කියල සැකයක් මතු වෙනවා. සමහර විට සම්පූර්ණයෙන්ම එහෙම නොවෙන්නත් පුළුවන්. (Able සිරභාරයේ සිටියදී ඔහුට හිංසනයක් ආමරිකාවෙන් සිදු නොවෙද්දී Powersට රුසියානු අත්අඩංගුවේදී, Pryorට ජර්මනියෙදි හිරිහැර වෙනවා.)

සමහර විට Bridge Of Spies කියන්නෙ ඇමරිකානු සභ්‍යත්වය, නීතියට තැන බව ලොවට කියන්න හදපු Steven Spielbergගෙ පාලමද දන්නෙ නෑ. නැත්තන් වෙච්ච සත්‍ය සිදුවීම ඇසුරින්... නීතිය, මනුෂ්‍යත්වය හා සභ්‍යත්වය කෙසේ විය යුතුද කියා පෙන්වන්න හදන පාලම කරන්න හැදුවද දන්නෙත් නෑ.


   අද පෝය නිසා Facebook එකේ දැකපු මේ ලිපිය මෙහෙම පළකරන්නම්

 

අවුරුදු දහයක් විතර මම බණ කිව්වේ හරිම අමාරුවෙන් මට පෙනහලු වල දිගු හුස්ම ගැනීමේ අපහසුවක් තිබුණා. ඒ ඇදුම රෝගය... බණට යන්න කලින් නෙබියුලයිස් කරනවා. ඉන්හේලර් දෙකතුනක් තියාගෙන බණ කිව්වේ. බණ කියද්දී හුස්ම රදවගන්න අමාරුයි නවත්තගන්න බැරි කැස්සකුත් එනවා. සමහර දවස්වලට පැයක් බණ කියල ඉවර වෙද්දී පපුව හිරිවැටිල. ඉස්සර මම මාස තුන හතරකට සැරයක් රෝහල් ගතවෙනවා හුස්ම ගැනීමේ අපහසුව නිසා. අමාරුවෙන් හුස්ම පාලනය කරමින් බණ කියල බණ ඉවරවෙලා සිහිනැතිව වැටිලත් තියනව.

ඒ කර්මයට මම අභියෝග කලේ "සීල සුව අරණ" හදල. ගිලන් භික්ෂූන්ට අද මම නොමිලේ ප්‍රථිකාර කරන අංග සම්පූර්ණ රෝහලක් බදු මධ්‍යස්ථානයක් ඉතා දුක් මහන්සි වෙලා ගොඩනැගුවා. අද නේවාසිකව 35 නමක් විතර ගිලන් භික්ෂූන් ප්‍රථිකාර ලබනව. ගිලන්රථ සහ හතලිස් දෙනෙක් පමණ රෝහල් කාර්ය මණ්ඩලයක් මගේ යටතේ අද සේවය කරනවා. ආයුර්වේද පංචකර්ම ප්‍රථිකාර ක්‍රම බටහිර ප්‍රථිකාර දෙකම සිදුකරනව. ඊට අමතරව මම රෝහල් රැසකට වෛද්‍ය උපකරණ රෝහල් ඇදන් බෙහෙත් වාර්ෂිකව පරිත්‍යාග කරනවා.

නිරෝගී භික්ෂූන් අතර අගතැන්පත් බක්කුල මහරහතන්වහන්සේ නාමයෙන් දෙව් මිනිස් ලෝකයාට අඩි 130 උස චෛත්‍යයක් මම ඉදිකරගෙන යනව. ඒ කර්මයත් මම ජයගත්තා දැන් මට බණ කියද්දි ඒ අපහසුතා කිසිවක් නැහැ. දිට්ඨධම්මවේදනීය පිනම තමයි.

අකුසල කර්ම විපාක බලවත් නම් කොච්චර බෙහෙත් බීවත් ලෙඩ හොදවෙන්නෙ නැහැ. හොඳ වෛද්‍යවරු වෙලාවට මුණගැසීමත් පිනක වෙස් වලාගත් ආශිර්වාදයක්.

හිටපු සේනාසන වලින් මාව එලියට දැමීම. ඉන්න ආයතනයක් නැතිව සිවුරු පාත්තර අරගෙන ආරණ්‍ය ගානෙ ඇවිද්ද. පංසල් වලින් ආරණ්‍ය වලින් මාව බාරගත්තේ නැහැ. කුලියට පුංචි ගෙයක් අරගෙන තනියම බණ කියමින් අවුරුදු තුනහතරක් ටික ටික ආයෙ උස්සහයෙන් නැගිට්ට. දානයක් නැතිව දවසම බඩගින්නේ හිටපු දවස් අනන්තයි. මට කියල ආයතනයක් හදාගන්නෙ නැතිව ඒ අමාරුම කාලෙ බණ කියද්දී ලැබුණු දහම් පරිශ්කාර මුදල් වලින් ගෙදර ගිනි අරගෙන ඉන්න. තැනක් නැතිව සොහොනක හිටපු පවුලකට ගෙයක් හදල දුන්නා. අද වෙද්දී මම අසරණ පවුල් වලට ගෙවල් විස්සක් විතර හදල පරිත්‍යාග කරල තියනවා. ඒ පිං වල දිටඨධම්මවේදනීය විපාක අද මට ලැබෙනවා.

නිවන් දකිනකම් සිව්පසයෙන් මට ආයෙ අඩුවක් නම් වෙන්නෙ නැහැ කියල මට ලොකු විශ්වාසයක් තියනවා.

අද මාධ්‍යවල බණ කියන ගොඩක් ප්‍රසිද්ධ තරුණ ස්වාමීන්වහන්සේලාට දක්ෂතා මතුකරගෙන ඉදිරියට යන්න මම උදව් කරල තියනවා. ඉගෙනගන්න පාසල් දරුවන් දසදහස් ගනනකට මම උදව් කරල තියනවා. Colombo Tv / මෙත් සදහම් විකාශය තුළින් ගොඩක් දක්ෂ ධර්ම දේශකයන් වහන්සේලාට ඉදිරියට යන්න මම අවස්ථාව හදල දීල තියනවා. දක්ෂයන්ට ඊරිසියා කරල කුහකකම් කරල ඉදිරියට යන්න බැහැ. ඒ විපාක තමන් කරා එනවා. මේ වෙද්දී මම රටවල් තිහකට පමණ වැඩම කරල ධර්ම දේශනා කරල තියනව. අද මා තුළ දහම් දැණුමක් තියනවනම්, ධර්ම දේශනා කිරීමේ කුසලතාවයක් තියනව නම් ඒ මම වපුරපු අස්වැන්න. මම කවදාවත් බණ කියද්දී අනුන් විවේචනය කරන්නේ නැහැ. කාවවත් පහත් කරන්නේ නැහැ. මගේ බණක් නිසා කිසිවෙකුගේ සිතක් නොරිදේවා කියන අදහසින් මම බණ කියන්නේ.

මම ඔය කිව්වෙ කර්ම විපාක වලට පිනෙන් අභියෝග කල කරුණු වලින් ටිකක් විතරයි.

කරුමෙ, කරුමෙ කිය කියා ඉන්නෙ නැතිව. හැදෙන කෙනෙකුට මේ ටික හොඳටම ඇති වැටිච්ච තැනින් නැගිටින්න. කර්මයට අභියෝග කරන්න. ගොඩක් අය අද අපේ බණ ඇහුවට අපි කල කැපකිරීම් දශමයක්ස්වත් දන්නෙ නැහැ.

~ ගලිගමුවේ ඤාණදීප හිමි.

https://youtube.com/playlist...

https://youtube.com/c/BudugunaAnanthai

උපුටා ගැනීමක්..

 

රූපය - අන්තර්ජාලයෙන්

මැරෙන්න කලියෙන් කරන්න ඕන දේවල් කොලේක ලියල හරි, හිතේ තියාගත්ත හරි.. ඒ හැම දෙයක්ම කරන්න කෙනෙකුට පුළුවන් වෙයිද... එහෙම කරපු අයත් නොහිටියම නෙමේ. ගොඩක් වෙලාවට ඒවා හීන විතරක් වෙන්නෙ සල්ලි නැති කමත් එක්ක.. The Bucket List (2007) චිත්‍රපටයෙ කතාව පෙළ ගැහෙන්නෙත් ඔය සම්බන්ධව. දුප්පත් වයසක කාටර් හා සල්ලිකාර වයසක එඩ්වඩ් එකම රෝහල් කාමරේ එකම ලෙඩකට බේත් ගන්න අතරෙ ඇතිවන හදිසි මිතුදමත් එක්ක ඉදිරියට වෙන දේ තමයි චිත්‍රපටයෙ අන්තර්ගතය. චිත්‍රපටිය පටන් ගන්න හරියෙම වෙච්ච වැරද්දක් තමයි සල්ලිකාර එඩ්වඩ්ට තමුන්ටම අයත් රෝහලේ තනි කාමරයක් ගන්න බැරි වීම. දෙන්නගෙ හමුවීම කොහොමින් හරි වෙන්න ඕන නිසා තමුන්ම හදපු රෝහල් නීතිය වෙනස් කර ගන්න බැරි වෙනව අයිතිකාරයට. වැරද්දක් විදිහට පේන අනිත් දේ තමයි දුප්පත් මරුකටේ ඉන්න කාටර් තමුන්ට වගේම වැඩි කාලයක් නැති එඩ්වඩ්ගෙ හදිසි තීරණයක් උන “මැරෙන්න කලින් කරන්න ඕන list එක” ක්‍රියාත්මක කරන්න එකඟ වීම. ජීවිත බය ඇති, බිරිඳ දරුවන් ගැන වගකීම් සහගත, අනෙකා ගැන හිතන කාටර් මරණයට මාස ගණනක් තියෙද්දී වගකීම් විරහිත, ජීවිතයේ කිසිම සැලසුමක් නැති, පවුලක් නැති එඩ්වඩ්ගෙ චාරිකා සහයකයා වෙනවා සුළු මොහොතකින්. බිරිඳගෙ විරුද්ධත්වය මත උනත්. මෙහෙම හදිසි චරිත වෙනස් වීමක් විශේෂයෙන් මරණය අභියස/ දරුණු පිළිකාවක් එක්ක... ප්‍රේක්ෂකයාට ගෙනෙද්දී ඉතාම පරීක්ෂාකාරී විය යුතුයි කියලයි මගේ හැඟීම. විශේෂයෙන් ප්‍රධාන ධාරාවේ සිනමා නිර්මාණයක් නිසා. ඒත් නිර්මාණයක් කියන්නෙ ඇත්ත ජීවිතයම නෙමේ උනත් නිර්මාණකරුවා ප්‍රේක්ෂකයා ගැන හිතන්න උවමනායි..

Jack Nicholson, Morgan Freeman දෙදෙනාගෙ නියම රඟපෑමක් දකින්න පුළුවන් මේ චිත්‍රපටිය Rob Reiner තමා අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරේ. Rob Reinerගෙ තවත් මතක ඇති චිත්‍රපටි Stand by Me (1986), A Few Good Men (1992), When Harry Met Sally... (1989) වගේ ඒවා. ඒ වගේම ඔහුගෙ ගොඩක් film වල music වලට සම්බන්ධ වුනු Marc Shaiman තමයි මේකෙත් සංගීතය. හොඳ හා නරක විවේචන දෙකම ලැබුණ උනත් National Board of Review එක 2007දී ආ film අතුරෙන් top ten ලැයිස්තුවට ඇතුළත් කර තිබුණ. ඒ වගේම IMDB එකේ 7.4/10 ගනිද්දී 41% Rotten Tomatoes වල දැක්වුනු අතර සාර්ථක Box Office චිත්‍රපටියක් උනා.

 දුප්පතාටත්, පෝසතාටත් රෝගී වීම උරුමයි. සමාජ පරතර කෙසේ වෙතත් මරණය අභියස දෙදෙනාම එක මට්ටමක (එකම කාමරේ) ඉන්න බවක් එක් පැත්තකින් චිත්‍රපටිය තුලින් ගම්‍ය වෙනවා. ඒ වගේම කොයි විදිහට ජීවත්වෙන මිනිහට උනත් ලෙඩවීම හා මරණය ඒ හැම කෙනාටම පොදුයි වගේ අදහසක්ද චිත්‍රපටිය මුල් හරියෙ දැනෙන්න ගන්නවා.

කොහොමින් හරි දෙන්න Sky Diving, Car Driving, චීන මහා ප්‍රාකාරය, ටජ්මහල... වගේ list එකේ තියෙන දේවල් අතරින් බොහොමක් එකට සම්පූර්ණ කරනවා. ඒ අතර දෙදනා අතර ඇතිවන සංවාද, අදහස් හුවමාරු ගැඹුරුයි. ඒ කතාබස් චිත්‍රපටය වැඩිපුර අර්ථවත් කරනව වගේම ප්‍රේක්ෂකයාට හිතන්න දෙයක් ඉතිරි කරනවා.

“මම බැඳලා ඉන්න කැමති... ප්‍රශ්නෙ කියන්නෙ මං තනිකඩව ඉන්නත් කැමති. දෙකම එක පාර කරන්නයි අමාරුයි”

අවුරුදු 45ක් වේගෙන් ගෙවිල ගියා.. හරියට සිදුරකින් දුම් පිට උනා වගේ”

“මැරෙන දවස දැන ගන්න කැමතිද කියල මිනිස්සු 1000ගෙන් ඇහුවම 94% කියල තිබ්බෙ නැහැ. මන් කැමති ඉතුරු 4% අයත් වෙන්න

දෙන්නා ලෝකේ විඳ ගනිමින් list එක සම්පූර්ණ කරගන්න යන ගමනෙ... මරණය දක්වා යන ගමනෙ දෙන්නට දෙන්නා ගැනත්, ජීවිතය ගැනත් යම් දුරකට තේරුම් යනව. දෙන්නගෙම වයසට පත් ජීවිතවල කාටවත් නොකියා විඳපු තැන් බෙදා ගන්නට, අදහස් හුවමාරු කරගන්නට සගයෙක් හම්බවෙනවා. ඒ වගේම දෙන්නගෙ සිතුම් පැතුම් පවා වෙනසට ලක් වෙනවා. අවසානේ එඩ්වඩ් හම්බෙන්නෙ නෑ කියල ඉන්න දුවව හම්බෙන්න යනවා. ඒ කාටර් list එකට ඒක දැම්ම නිසාත් ඔහුගෙ කැමැත්ත නිසාත් හා එඩ්වඩ්ගෙ වෙනස් වීම නිසාත්. ඒ වගේම “ලෝකේ ලස්සනම කෙල්ලෙක්ගෙ මුහුණ ඉඹින්න” list එකට දාපු එඩ්වඩ්ගෙ ඒ ආසාවත් දුවගෙ දුව (මිනිබිරිය) නිසා ඉෂ්ඨ වෙනවා. ඉතින් ජීවිතේ වෙන සමහර සිද්ධි නරකමත් නැහැ වගේ. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කිව්වා වගේ Bucket List එක නිසා වයසට ගියත් කාටර්, එඩ්වඩ් හොඳ පැත්තට හැරුණ. මරණයට තියෙන්නෙ තව ටික කාලයක් උනත්...

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්