ඉතීම් හිතෝතුනි මේ පත්ව ඇති සරුව පක්සි පාන්ඩුවෙන් දුන්නු පළමු හා දැවැන්ත සහනය තමා.... ඔය තෙල් ලීටරයකට සුපියලක්ය කියන සහන පැකේජය. ඒත් මේ පැකේජය බූලි වලට හම්බු නොවෙන බවයි තරුණ ඇමති අවධාරණය කරන්නෙ... තරයේම. (තාම පැඟිරි විසේ වෙන්ටෑ) දවසකට ලංකාවේ ලීටර කී කෝටියක් ගහනවාද... හිටන්. එහෙම බැලුවොත් අපේ තරුණ ඇමති, රනිල් අගමැති ඇතුළු සරුව පක්සි පාන්ඩුව දරන පාඩුව සුළුපටු ද පිංවතුනි... නෑ. ඒක පපු කවුත්තටම දැනිච්ච පිරිසක් සෙඩ් එකක් ගාව කැට තියල.... ඒ පාඩුව පියවන්න සුපියල සුපියල එකතු කරන්නත් කටයුතු කරලා තිව්නයි කියන්නෙ.
අගමැති උනු රනිල්තුමත්...
මං ආවේ වැඩකරන්න, ගොඩදාන්න කිව්වට තාම ගොඩදාපු දෙයක් දැකපු කෙනෙක් නැති තරං. නන්දලාල්
උන්නැහෙත් බැංකු පුටුවට ආවේ මං ගොඩදාන්නං කියාගෙන. ඒත් පහුව හුළං බැස්ස... යන්නත්
අදහස් කරනවය කිව්වෙ. ඒ මදිවට හිටි අයම ආපහු ඇමති පදවි වල. හරීන් නම් තාත්තගෙ
අදහසුත් විමසල අහක බලං තමා පත්වීම අරං තිව්නෙ... රට වෙනුවෙන්. බැලිනං ගෝඨා හාමු
අස්පස් කරන්න, මකුළු දැල් කඩන්න තමා කැබිනට්ටුව එහෙ මෙහෙ කරලා තියෙන්නෙ. කෝ ඒකට
ඉතීම් උදව්වක්වත් දුන්නෙ නෑනෙ ලැජ්ජ බයට හැදුන සජිත් පුතානෝ.
හැබැයි ඉතීම් මේ ඵල
නොදරන 225 සැට් එකෙන් මාධ්‍ය සාකච්ඡා තියල කතානම් පැවැත්තුවා දිවා රෑ නොබලා. එහෙම
උනාට රටේ තෙල් හිඟ ඇති කොටත් පක්ස රැස්වීම්, කතානායක හමු, අභ්‍යන්තර සාකච්ඡා මේ
හැම එකටම දුව ඇවිදන් මේ කස්ටිය තෙල් නහත්තිකරේ තම තම දේසපාළන අනාගතය වෙනුවෙන්...
නෙවේ රට ගැන හිත් ලාල. මේ ඇතුළු රටේ කිසි පුරස්නයක්
ගැන හරියට කතා නොකෙරු බහුතර මාධ්‍ය ආයතනයත් කියව කියවා කාලේ නහත්තිකරේ... රට ගැනම
හිත ලාල.
ඉතීම් වෙසක් සිරි... ගිය වාරේ වගේ නැතිව, මේ වාරේ අපිට දුන්නෙ අප්පච්චි වහන්දෑමයි. ගිය වාරේ නෝනි බැති ගී දුන්න. මේ වාරේ අප්පොච්චි තොරන් රාජය ප්‍රදර්සනය කළා.... රටටම වෙසක් සිරි කුළු ගැන්වෙන්න. ජාත්යන්තරෙත් ඇහැ ගැටිලයි නතර උනේ. තොරණට පාදක උනු කතා වස්තුව ‘ගිනිතිව් හනුමා’. මේ කතාවෙන් අපිට දර්මය ප්රායෝගිකවම දැනෙන්න දුන්න... අප්පොච්ච. වඩාත්ම පිංවතෝනි, දිට්ඨධම්මවේදනීය කරුමය ගැන. ඒක දැක ගන්න පුළුවන් උනේ තොරණේ පහල තිව්නු කොටු කීපයකින්.... මේ ගැහුවා, මේ රිටර්න් එක ලැබුන ගෙවල් වලට යන්නත් කලියෙන්. ඒත් උඩහම කොටුවල ඉන්න අයට වෙන දේ ගැන තාම වගක්වත් තොරණේ ගෑවිලා තිව්නෙ නෑ. කෝම උනත් ඉතීම් සෑම කිරියාවකටම හේත්තුවූ ඵලයක් තියෙනවා නෙව. පහුව තැපෑලෙන් හරි ලැබෙන්න තියෙන දේ ලැබෙනවා... රජය මේ වෙසක් මාසෙ වෙනුවෙන් ජහමනයාට ඉදිරිපත්කල තේමාව තමයි ඒ.
සාතිසය බහුතර ජනයා රට
හැදෙන්න ඕන කිව්වට.... ඒකට ලැහැත්ති ද?. විභාග ලියන සමහර දරුවන්ටත් යන්න නොදී වෙච්චි
සමහර උද්ඝෝෂණවල හඬ, රටකරන මහතැන් වලට දැනෙයිද. ඇහෙයිද. අපි අපිම ගහගෙන, ඇන කොටාගනිද්දි...
අපිට ලැබෙන අවසන් ප්‍රතිඵලේ මොකක්ද?. ඒත් මොක හිතන්නත් තේරුම් ගන්නත්... බඩේ, හිතේ
ගිනි තියෙන උදවියකට පුලුහං වෙයිද. ඒක නිසා නෙවෙ බුදුහාමුදුරුවො පවා කීවේ බණ
දෙසන්නත් කලින් අහන උන්දලා බඩ පුරවාන ඉන්න ඕනෑය කියල.
තා පැත්තකින් යන
කතාවක් තමයි දූෂිත නිලධාරි රැල නිසාත් මේ රට ගොඩ ගන්න බැහැය කියල. ඒක සක් සුදක්සේ පැහැදිලි
කාරණයක් උනත්..... මගේ මතකෙට ආවේ එහෙව් දෙයක් කරන්න හදාපු වංචා පිටුදැකපු හිටපු නියෝජ්‍ය
විගණකාධිපති නිලධාරියෙක්... ලලිත් අඹන්වල. අපේ ලොකු තැන් ඇතුළු ජහමනයාම නෙව උන්දට
ඇසිඩ් වක්කොරලා හිට පන්න ගත්තෙ. මේත් අපිට නොපෙනෙන පැත්තක්... එතරම්ම මේ ක්‍රමය ජරාජීර්ණ,
වැහැරුණු එකක් වෙලා නෙව.
පෝලිමේ ඉන්ට ආස නැතිව පෝලිම්
පනින්ටම කැමති පිරිසක් වෙච්චි අපි. එහෙම තියාන වෙන උන්දලා අපිව පාස් කරාන යනකොට
තමයි අපට සාධාරණය, නීතිය මතක්කා වෙන්නෙ. ඇඟේ ලේ කුපිත වෙන්නෙ.
මේ ටිකේ දැන්... පහේ
විභාග ලිව් ළමයි ඉක්කෝල වලට දාගන්න ගහන ගැට හා ලොකු තැන් ඉදිරියේ නැවෙන්න සුදානං
දෙමව්පියො පහුගිය ටිකේ system change ඉල්ලාන
කෑ ගැහුව අය අතර හිටියේ නැද්ද මන්ද. ඔය අතරේ සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන කතාවක්
තමයි “දකින්න අවස්ය වෙනස තමන් තුලින්ම ඇති කර ගන්නය” කියලා කියන වැකිය.
ආයේ තව පැත්තකින් කොරෝනා, අරගල, lockdown, තෙල් මිල ඉහළයාම් අස්සෙත් ගෝලීය
උෂ්ණත්වය එන්න එන්නම වැඩි වී තියේ... කියලා කියන්නෙ. තව දසකයක් දෙකක් වගේ යනකොට...
දැන් අපි වතුරට ගෙවා ගන්නැහේ හුස්ම ගන්න එකටත් ගෙවන්නට වේවි. එදාට හුස්ම දෙන ටැංකි
ගන්නත් මේ දැන් තියෙන විදිහේ පෝලිම්... පාලකයන් එදාටත් පවත්වාන යාවි. අපි එදාටත්
ගහගනීවි. වෙසක් සමරාවි. ඒ අතර නාමල් රජ වී, දැන් ඇමැතිලාගේ මුනුපුරෝ ඇමති වී ඉන්ටද
පුලුහං වේවි. කෝම උනත් හමෝට්ටම සුබ අනාගතයක් !