මේ සැරේ ලියන්ට හිතුනා පොතක් ගැන වතක් .....
ලාංකීය
පාඨකයා අතරේ නිබඳ මතකයේ, මුවග රැඳී පොතක නාමයක් තමයි... ගුරු ගීතය. පොතෙහි කතුවරයා
වන්නේ කිර්ගීස් ජාතික චිංගීස් අයිත්මාතව්ය. සිංහල අනුවාදනය දැදිගම වී. රුද්රිගුය. ගුරු
ගීත නාමය සේම පොතෙහි එන ප්‍රධාන චරිත දෙක වන... දුෂෙයින් හා අල්තීනායිද එකසේ පාඨක
මනසේ රැඳී ඇත. ඒ හැරුණු කොට මතකයේ රැඳී ඇති අනෙක් අජීවී වස්තු දෙක වන්නේ... අර
පොප්ලර් ගස් දෙකය.
තරුණ
ගුරුවරයෙක් හා සිසුවියක් අතර ඇති විය හැකි
බැඳීම කවරාකාර ද?. තම සිසුවියක් කෙරේ ඇති ඇල්ම/ ප්‍රේමය... යටපත් කරමින් තරුණ
ගුරුවරයෙක් හට, ඇය කෙරේ මෙයාකාර රැකවරණයක්/ දයාවක් ලබා දිය හැකිද?. චිංගීස්
අයිත්මාතව්ගේ පරිකල්පණය තුල එය වී හමාරය. (පාදක වූයේ සත්‍යය සිදුවීමක්දැයි
නොදනිමි). මාහටද හැඟෙන්නේ තත්‍ය ලොව තුල එවැන්නක් විය හැකි බවයි. ප්‍රේමය යටපත් කර
කරුණාව මුදුන්පමුණුවාලිය නොහැකිද?.
කාරුණික
තරුණ ගුරුවරයාගේ ඒකායන අභිප්‍රාය... තම සිසුන්/ සිසුවිය අධ්‍යාපනයෙන් පුරවා ලීමය.
ඒ සඳහා ඔහු අප්‍රතිහත ධෛර්යකින් හා අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව කටයුතු
කරයි.
රුසියානු
සාහිත්‍යය පුරා අපට හමුවන්නේ මෙවන් වීර්ය පෙරදැරිව දුක්ඛිත ජීවිතය... විඳි/ ජයගත්
කතාය. බොහෝ කතා සත්‍යය සිදුවීම් පාදකව ලියවුනු ඒවා වන අතර ඒ සියලු කතාවන් පුරා
විහිදෙන්නේ එකහා සමාන ජීවන මිහිරක්ය.
- - පොතින් උපුටා ගත් කොටසක් - -
“කඳුවල
මෙවැනි උල්පත් පැන නගී. ඒ වටා අඩිපාරවල් ඇති වේ. මිනිස්සු අඩිපාරවල් ඔස්සේ ගොස්
උල්පත්වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු අර අඩි පාරවල් අමතක කර
දමති. උල්පත් වටා කෙමෙන් කටු වැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත්
නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහ මගින් ඉවත් වී අර
උල්පත සොයා එති. මුළුගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැළෑටි සහ කටු වැල්
උදුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිඳු නොකරන ලද ඒ උල්පතේ ප්‍රනීත සිසිල්
ජලයට නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුලින් තමාද
හිරු සහ අහස ද කඳුවැටි ද පෙනෙන්නා සේය... එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා
සිටීම පාපයක් ලෙස ගණන් ගන්නා අර මිනිසා සිය සගයන්ට ද ඒ බව දැන්වීමට ඉටාගන්නා නමුදු
පසුව එය අමතක කර දමයි.
එදිනෙදා
ජීවිතයේ ද මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය...”