විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර ජානක ජයසිංහ (කළුබෝවිල ශික්ෂණ රෝහල) විසින් පුවත්පතක පල කර තිබූ ලිපියක්.

    ඇයි මටම මෙහෙම වෙන්නෙ !

ඒ අද බොහෝ දෙනෙකුගේ මුව රැව් දෙන්නකි. අද දවසෙ ලෝවැසි බොහෝ දෙනෙකු ඉන්නෙ සතුටින් නොවේ.

බුදුන් දවස මිහිපිට අපායක් බඳු වූ විශාලා මහනුවර තිබුණේ රෝග, භූත, දුර්භික්ෂ යන තුන් බිය පමණි. වර්තමානයේ කොරෝනා බිය, ආර්ථික ගැටලු, අනෙකුත් රෝග, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු, සංචරණ සීමා ආදී එකී මෙකී අටෝරාශියක් බිය සහ ගැටලුවලින් ලෝවැසියා පෙළෙමින් සිටී. විසඳුම් ද පෙනෙන තෙක් මානයක නැත. එබැවින් මේ සියල්ලෙන් හෙම්බත් වූ තැන නොයෙකුත් මානසික ගැටලු ය.

ඇයි මටම මෙහෙම වෙන්නෙ?” කිසිවක් කර කියාගත නොහී අසරණ වූ තැන සිතෙන්නේ එහෙමය. සසර බියකරුය. මගෙ, අපේ යැයි අල්ලා ගන්නා සියල්ල තුළම අවසානයේ රැඳී ඇත්තේ දුක සහ චිත්තපීඩාය. තව තව අල්ලා ගන්නා තරමට, බැඳෙන තරමට තව තව පීඩා වැඩිය. එසේ නම් පිළිතුර අතහැරීමය.

මීටම ගැළපෙන කතා ප්‍රවෘත්තියක් පසුගිය දිනෙක සමාජ මාධ්‍ය තුල දුටුවෙමි. කතානායක ආතර් ඈෂ්ය. ඔහු කවුද...?

ලෝ පාරකට ටෙනිස් ක්‍රීඩකයෙකි. නිකන්ම ටෙනිස් ක්‍රීඩකයෙක් නොවේ. විම්බල්ටන් සහ විවෘත ඇමෙරිකානු ටෙනිස් ශූරතාව දිනාගත් ප්‍රථම සහ එකම කළු ජාතික ඇමෙරිකානු ක්‍රීඩකයා ඈෂ්ය. ටෙනිස් පිටියේ ලෝකයෙන්ම අංක එක ස්ථානය දැරූ මුල්ම කළු ජාතික ඇමෙරිකානුව ඔහුය.

වර්ජිනියාහි උපත ලද ඈෂ්ගේ ළමාවිය ලෝ ප්‍රකට ශ්‍රේෂ්ඨයන් බොහෝ දෙනෙකුට මෙන්ම කටු කොහොලින් ගහනය. මවගේ සෙනෙහස සහ මග පෙන්වීමෙන් හැදී වැඩෙන කුඩා ඈෂ්ගේ ලෝකය උඩු යටිකුරු වන්නේ වයස අවුරුදු හතේ දී හදිසියේ ම මව මිය යාමත් සමගය. අනතුරුව කුඩා ඈෂ්ට දැඩි විනයක් යටතේ පියා සහ සොහොයුරා සමග ජීවත් වනන්නට සිදුවිය. පාසල හමාර වී ගෙදර පැමිණීමට ඈෂ්ට පියා ලබාදී තිබුණේ විනාඩි 12ක කාලයක් පමණි. පාසල් කාලය පුරාවටම මෙය කඩ නොකිරීමට ඔහු වගබලා ගත්තේය. පියාගේ දැඩි විනය ඈෂ්ව හරි පාරේ යවන්නට ඇත. ආතර් ඈෂ්, 1960 සහ 1961 වසරවල ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාව දිනා ගන්නෙ එබැවිනි. ඔහු ලොස් අන්ජල්ස්හි කැලිෆෝනියා සරසවියේ උපාධියක් සඳහා ශිෂ්‍යත්වයක් ලබන්නේද ඉන් අනතුරුවය. ඒ අතරතුරදී 1968 වසරේදී ඔහු සමස්ත ලෝකයම කම්පනයට පත් කරන්නෙ විවෘත ඇමෙරිකානු ටෙනිස් ශූරතාව දිනා ගනිමිනි. ඒ වනවිට මේ ආධුනිකයාව ලෝකය හඳුනාගෙන තිබුණේ නැත.

ආතර් ඈෂ්ගේ ක්‍රීඩා දිවියේ කූටප්‍රාප්තිය වන්නේ 1975 වසරේදී ජිමි කොනර්ස්ව අවසාන වටයේදී පරාජය කරමින් ලෝක විම්බල්ඩන් ශූරතාව දිනා ගැනීමයි. ඉන් අනතුරුව ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙසින් කිරුළු පළඳින ආතර් ඈෂ් අදටත් මෙම දක්ෂතාව දැක්වූ ප්‍රථම සහ එකම පිරිමි කළු ජාතික අමෙරිකානුවාය.

ජීවිතය ජයග්‍රහණවල එකතුවක් පමණක් නොවේ. සාර්ථකත්වය, ජයග්‍රහණ, බිඳවැටීම්, ලෙඩ රෝග මේ සියල්ල කැටි වූ පැකේජයකි. සංසාර චක්‍රය එබඳුය. හොඳ දේ පමණක් ලංකර ගත නොහැකිය.

අඩු වයසින් හදවත් රෝගවලට ගොදුරුව මිය යන පවුල් පසුබිමකට හිමිකම් කියන ආතර් ඈෂ්ට තරුණ කාලයේදීම බයිපාස් සැත්කම් දෙකකට මුහුණ දීමට සිදුවිය. අනතුරුව මොළේ සැත්කමකටද  බඳුන් වන ඔහුට ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව පසුව අනාවරණය විය. ඒ බයිපාස් සැත්කමකදී ලබාදුන් රුධිරය ඔස්සේය. මුලදී මෙය රහසක්ව තබාගෙන පීඩා විඳින ආතර් ඈෂ්, පසුව 1992 දී සිය රහස ලෝකවාසී රසිකයන් සමග බෙදාහදා ගැනීමට තීරණය කළේය. ඉන් වසරට පසුව 1993 දී 49 වියැති ආතර් ඈෂ් මෙලොව හැර යන්නේ භෞතික ජයග්‍රහණයන්ගෙන් පිරුණු මේ ජීවිතයේ නිස්සාරත්වය සහ අනියත බව කියවෙන දහම ගැන සමස්ත ලෝකවාසීන්ටම සිතන්නට යමක් ඉතිරි කරමිනි.

මරණයට පෙර ඔහුගේ රෝගී තත්ත්වය දැනගත් රසිකයන්ගෙන් ලිපි රැසක් ඔහුට ලැබිණි. මේ වගේ නරකම ලෙඩක් හදන්න දෛවය ඇයි ඔබවම තෝරා ගත්තේ...?

ඒ අතර තිබූ එක් ලිපියකින් විමසා තිබිණි. ආතර් ඈෂ් ඊට කදිම පිළිතුරක් ලීවේය.

මෙරට මිලියන පනහක් විතර ළමයි ටෙනිස් ක්‍රීඩා කරන්න පටන් ගන්නවා. ඉන් මිලියන පහක් පමණ හොඳින් ක්‍රීඩාව ප්‍රගුණ කරනවා. එයින් ලක්ෂ පහක් පමණ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයින් වෙනවා. පනස් දාහක් විතර සැලකිය යුතු මට්ටමකට එනවා. පන්දාහක් විතර ජාතික තලයට ළඟා වෙනවා. පනහක් විම්බල්ඩන් යනවා. හතර දෙනෙක් අවසන් පූර්ව වටයට මුහුණ දෙනවා. දෙදෙනෙක් අවසාන වටයේ දී හමුවෙනවා. අවසානයේ ජයග්‍රහණය කළ එකම එක්කෙනා වන්නේ මා පමණයි”.

ඇයි දෛවය මටම විම්බල්ඩන් කිරුළ හිමිකර දුන්නේ...?” එදා මම නො ඇසුවෙමි.

මේ රෝගය හැදෙන්න ඇයි මාවම තෝරගත්තෙ”. ඉතින් අද මම කෙසේ අසන්නද?


ඡායාරූප - අන්තර්ජාලයෙනි


පුවත්පතේ පළවූ ලිපිය : ZOOM

 මේ සැරේ ලියන්ට හිතුනා පොතක් ගැන වතක් .....

ලාංකීය පාඨකයා අතරේ නිබඳ මතකයේ, මුවග රැඳී පොතක නාමයක් තමයි... ගුරු ගීතය. පොතෙහි කතුවරයා වන්නේ කිර්ගීස් ජාතික චිංගීස් අයිත්මාතව්ය. සිංහල අනුවාදනය දැදිගම වී. රුද්රිගුය. ගුරු ගීත නාමය සේම පොතෙහි එන ප්‍රධාන චරිත දෙක වන... දුෂෙයින් හා අල්තීනායිද එකසේ පාඨක මනසේ රැඳී ඇත. ඒ හැරුණු කොට මතකයේ රැඳී ඇති අනෙක් අජීවී වස්තු දෙක වන්නේ... අර පොප්ලර් ගස් දෙකය.



තරුණ ගුරුවරයෙක් හා සිසුවියක් අතර ඇති  විය හැකි බැඳීම කවරාකාර ද?. තම සිසුවියක් කෙරේ ඇති ඇල්ම/ ප්‍රේමය... යටපත් කරමින් තරුණ ගුරුවරයෙක් හට, ඇය කෙරේ මෙයාකාර රැකවරණයක්/ දයාවක් ලබා දිය හැකිද?. චිංගීස් අයිත්මාතව්ගේ පරිකල්පණය තුල එය වී හමාරය. (පාදක වූයේ සත්‍යය සිදුවීමක්දැයි නොදනිමි). මාහටද හැඟෙන්නේ තත්‍ය ලොව තුල එවැන්නක් විය හැකි බවයි. ප්‍රේමය යටපත් කර කරුණාව මුදුන්පමුණුවාලිය නොහැකිද?.

කාරුණික තරුණ ගුරුවරයාගේ ඒකායන අභිප්‍රාය... තම සිසුන්/ සිසුවිය අධ්‍යාපනයෙන් පුරවා ලීමය. ඒ සඳහා ඔහු අප්‍රතිහත ධෛර්යකින් හා අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව කටයුතු කරයි.

රුසියානු සාහිත්‍යය පුරා අපට හමුවන්නේ මෙවන් වීර්ය පෙරදැරිව දුක්ඛිත ජීවිතය... විඳි/ ජයගත් කතාය. බොහෝ කතා සත්‍යය සිදුවීම් පාදකව ලියවුනු ඒවා වන අතර ඒ සියලු කතාවන් පුරා විහිදෙන්නේ එකහා සමාන ජීවන මිහිරක්ය.

- - පොතින් උපුටා ගත් කොටසක් - -

“කඳුවල මෙවැනි උල්පත් පැන නගී. ඒ වටා අඩිපාරවල් ඇති වේ. මිනිස්සු අඩිපාරවල් ඔස්සේ ගොස් උල්පත්වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු අර අඩි පාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටු වැල් වැවී මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නෙ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහ මගින් ඉවත් වී අර උල්පත සොයා එති. මුළුගැන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැළෑටි සහ කටු වැල් උදුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසිඳු නොකරන ලද ඒ උල්පතේ ප්‍රනීත සිසිල් ජලයට නිසලව ගලා බසිමින් නිල්වන් කැටපතක් සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුලින් තමාද හිරු සහ අහස ද කඳුවැටි ද පෙනෙන්නා සේය... එවැනි සුන්දර තැන් ගැන අන් අයට නොදන්වා සිටීම පාපයක් ලෙස ගණන් ගන්නා අර මිනිසා සිය සගයන්ට ද ඒ බව දැන්වීමට ඉටාගන්නා නමුදු පසුව එය අමතක කර දමයි.

එදිනෙදා ජීවිතයේ ද මෙලෙසම සිදුවේ. එහෙත් එය ජීවිතය ය...”



Seven Years in Tibet - Sinhala Subtitle

තම උපන් බිමෙන් පවුලෙන් දුරස්වීම හා සිරගත වීමත්, වෙනත් දේශයක කාලාන්තරයක් ජීවත් වන්නට සිදුවීමත් කෙනෙකුගේ ජීවිතයට කොහොම බලපෑමක් ඇති කරයිද....

ඔස්ටියානු කඳු නගින්නකු වන හෙන්රිච් හැරර් පිරිසත් සමග නග්නා පර්බාත් තරණය කරන අතරතුර නොසිතූ අර්බුදයකට මුහුණ දෙන්න වෙනව. ඒ ඔවුන්ගේ ජර්මානු පුරවැසිභාවය හේතුකොටගෙන... ඉංග්‍රීසින්ගෙ සිර අඩස්සියට ලක් වීමෙන්.

කාලයකට පසු එයින් ගැලවෙන හෙන්රිච්ට සගයෙකුත් එක්ක ආසියාවේ, ටිබෙටයේ ගෙවන වෙන ජීවිතය... කටුක, රසවත්, ආධ්‍යාත්මික සුවය මුසුවූ එකක්. ඒත් එක්කම අහඹු සිදුවීමකින් හෙන්රිච්ට ටිබෙටයේ, එවකට කුඩා වියේ සිටින 14වන දලයිලාමා තුමා සමග සමීප ඇසුරක් පවත්වන්නටද අවස්ථාවක් සැලසෙනව. මේ කාලයේ චීනය තම ආධිපත්‍ය වෙනත් රටවල් වෙත මුදා හැරීමත්, දෙවන ලෝක යුද්ධයත් සිදුවන සමයක්. මේ සියලු දේ සමග ටිබෙටයට, ටිබෙටයේ ආධ්‍යාත්මික ගුරුවරයාට, හෙන්රිච් හැරර්ට කුමක් වේද... හැරර් හා ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයිලාමා තුමාගේ මිතුදමට කුමක් වේවිද...

ඒක දැන ගන්න නම් ඉතින් හැරර් අතින්ම ලියවුනු Seven Years in Tibet පොත කියවන්න වෙනව. නැතිනං ඒ පොත ඇසුරින් ඒ නමින්ම 1997දී නිපදවූ Brad Pitt, David Thewlis, BD Wong ප්‍රධාන චරිතය හොබවන මේ චිත්‍රපටය බලන්නම වේවි.

ආධ්‍යාත්මික ස්පර්ශයක් සමග හදවත පුබුදුවන මේ සලරුව බලන්න... පුළුවන් නම් වෙලාවක් වෙන් කරගන්න.

සිංහල subtitle හදා බයිස්කෝප් එකට දුන්නත් ඒ උන්දලා පළ කලේ නැහැ. ඒ නිසා මේ film එකේ සිංහල sub ඒක මෙතනටම අමුණනවා. මේකෙ sub හොයන කෙනෙක්ට මෙතනින් හරි ගන්ට පුලුහං වෙන්ටය කියල.



 

එහි පිට කවරය

   පංචතන්තරේ නිදි තුමා... චිත්‍රකතා පොත් පිංචක් පරිවර්තනය කරල දුන්නා පළ කරනවනම් මරු වැඩේ කියලා හිට. ඔන්න ඉතිං පල කරනවා හිට. 

    මෙහි සියලු ගෞරව ලැබෙනවා නම් ඒවා මටද, වැරදි අඩුපාඩු පේනවා දීම කරනවා නම් ඒවා නිදි තුමාටද යොමු කරන එකයි ඇත්තේ.











 

ජ්‍යෝතිෂය පස්සෙ ගිය මහින්ද නඩයට 9ය නපුරු වන බව කවුරුත් කීවේ නැතිවාද

අතීතයේ ඉඳලාම නවය (9) කියන අංකයට තිබුනේ විවාදපන්න අදහස්. සමහර ජන කොටසකට ඉතා සුබ අංකය 9 වෙද්දී තවත් සමහරුන්ට එය විනාසයේ ඉලක්කම උනා. කොහොම උනත් අංක විනයානුකූලව 9 දිහා බැලුහමත් පොඩි ගුප්ත ගතියක් 9යෙ තියෙනවා. මේ ගුප්ත භාවයක් ඇති 9... දැන් කාලයක සිට රාජපක්ෂ බල ඇණියට වින කටින අංකයක් වී හමාරය. මහින්දට අගමැති පුටුව අතාරින්නට වුනේ 9 වෙනිදාකය. රජුන්/ පක්ස හැදූ බැසිල්ට ගෙදර යන්නට වුනේද නමවෙනිදාකය.

ඒ තියා දැන් බහුතර ඡන්දයෙන් ජනපති ව සිටින ගෝඨාභයට හා හොර පාරෙන් අගමැති වූ රනිල්ටත්... මේ (ජූලි) 9 වෙනිදා ඇරඹුණු අරගලයේ දෙවැනි අදියරෙන්, අතපය හකුලාන ගෙදර යන තීන්දුව ගන්නට සිදු වුණේය.

ඊයේ (9) අරගලකරුවන්... ජනපති මන්දිරය/ කාර්යාල හා අගමැති නිවස, ගාලු මුවදොර ඉදිරිපිට ආදී අධි ආරක්‍ෂිත කලාප තුල ද රජයට/ මේ වැඩවසම් ක්‍රමයට විරෝධතා දක්වමින්... ඒ රාජසන්තක ස්ථාන ජන සන්තක කරගත්හ. එහෙම කළ අරගලකරුවන්ගේ අපූරුව පෙනුණේ ඔවුන් මන්දිර වල සුවපහසුව, වටපිටාව විඳීමින් හැසිරීම මිසක්... ඒවාට හානි නොකිරීමය. අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවා කියා හිටියෙ මේවා කඩා බිඳ දැමීමට කිසිම අරගලකරුවෙකුට වුවමනා නැති බවය. 

ඒවාද මහජන මුදල්ය. මේ රටේ සියලු රාජ්‍යය ආයතන, පොදු ස්ථාන... රට වැසියාගේය. ඒවා තනා තිබෙන්නේ ද රටවැසියා උදෙසාය.

රනිල්ගෙ ගේ ගිනි තිබ්බ දෙතුන් දෙනාගේ මග නොගත් දහස් ගණනක් ජනතාව

වෙනසක් නුවමනා අයට බෙරේ වැවත්, වෙනසක් වුවමනා අයට රජගෙදර පූල් එකකුත් සෙට් විය

රාජ පස්ස ඇතුළු දේසපාලු චෞර රැලේ, චෞර ක්‍රමයේ... පෙනෙන අයිස් කුට්ටිය දැන් දිය වී හමාරය. ඇත්තෙ නොපෙනී තියෙනා ගිලුණු කොටසය. මේ කොටස විසාලද, සුවිසාලද අප තවම දන්නෙ නැත. මේ කොටසද අපට බිඳ දමා ගැනීමට හැකි නම් අරගලයේ/ system change එකේ පළමු කොටස අහවරය.

දෙවන/අවසාන හා වඩාත් අවධානය ලක් කළ යුතු කොටස නම් අප අප එක් වී හැදීමය... රට හදා ගැනීමය. එසේ හැදීමට නම් මානුෂීය ගුණාංගවලට හා අධ්‍යාපනයට තැන දිය යුතුය.

ගුණ- නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු තත්ත්වයේ තබා කටයුතු කළ යුතුය.

අයිතිවාසිකම් ගැන තකනවා සේම අපෙන් විය යුතු යුතුකම් ගැනද සිහියේ තබා ගමු.




වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්