අපි කන්න, තේකක් බොන්න කඩේට ගියහම සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි බිල ගෙවන්න එක එක්කෙනා ඉස්සර වෙන්න එක. ඒක ඉතින් අපේ හැටියක්. ඕනෙනං කියතහැකි ඒක සිරිතක්ය කියල. ඒ හන්ද සංග්‍රහ කිරීම අපේ ජානවල තැන්පත් වෙලා ඇති... බඩේ බත් වාගේ.
ඒත් ඕක ටිකක් වියදම වැඩියෙන් යන වැඩක් නම්, දැනෙන තරමේ එකක් නම් අපි ඔය සංග්‍රහය හරි, බිල ගෙවන වැඩේ හරි කරන්න ඉස්සර වෙනෝ ද?. ඤාතිකම නිසා, යාලුකම නිසා දන්සල් දාන්න සෙට් වෙන්නෙ නෑ නෙ. නේ?. මොකද ඒක පොකැට් එකට එච්චර හොඳ නැති හන්ද. ඒත් ඉතිං එහෙමයි කියලම කියන්න බෑ... සම|හරක් සිද්ධි දිහා බැලුහම 😉.
එහෙම කිව්වෙ ඉතිං ලක්ෂ, රුපියල් ලක්ෂ 26කට වැඩි මුදලක් නාමල් රාජපක්ෂ (පොඩි ශින්හය) වෙනුවෙන් ගෙවන්න පාර්ලිමන්ට් මන්ත්‍රී... පුත්තලං නිශාන්තතුමා ඉදිරිපත් වීම එක්කලා.
හ්ඃ.. මහලොකු යාළුවො කියනව. ඒත් ඔය නිදි ලොක්ක, කොලොම්පූර් හෙම මේ නමිය වෙනුවෙන් අර වාගේ ඉදිරිපත් වෙයිද මං අහන්නෙ? නැහ්නං අර ඩ්‍රැකිය ඉන්නව, බස්ස ඉන්නව... අඩුම අපේ නයි පෂා හරි මංජුල ලොක්කවත්.
නෑ නෙ. නෑ නෙ. ඒත් නාමල් වෙනුවන් ගෙවන්න තිබ්බ ලයිට් බිල නිසාන්ත ගෙවල. ඒ ලක්ස ගාන ගෙවල පිංවතුනි. ගෙවලා හිටං... අපේ මෛන්ද මාත්තයගේ පරපුරේ නම්බුව වතුරේ යන්න නොදෙන බවත් උදක්ම එතුමා මාධ්‍යයට ප්‍රකාස කර තියෙනව.
මිනිස්සුනම් කියයි... මීයක් කඩන්නෙ අත ලෙවකන්නද?. අනාගත ඇමති මණ්ඩලේ ආසන වෙන් කර ගන්නය. වාසි නැත්තං කරයි. ඕවත් ඉතිං අපෙන්මනේ අන්තිමට යන්නෙ කියා කියකියා. ඒත් කවුද ඉදිරිපත් වෙන්නෙ, මං අහන්නේ ලයිට් බිල ආපු ගෙදර එකෙක්වත් බිල ගෙවන්න ඉදිරිපත් නොවෙන කොට, ඒක ගෙවන්න නොබියව ඉදිරිපත් වෙන්න මොන වාගේ බූරුවෙක්ද. අනික මේ අමාරු කාලේ.
ඒත් නාමල් බේබිනම් කියල තියෙන්නේ... එහෙම බිලක් අපෙ අප්පටවත්, අපටවත් ආවේ නෑය කියල. මේක මේ බඳින කාලේ එකක්, අවුරුදු 4කටත් කලින් (2019) සිද්ධියක්, දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවාය කියල තමයි හිටං.
කොහොමින් උනත්... පර අරගලකාරයෝ හන්ද ගේත් ගිණි තියාගත්තු සනත්තුමා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත්තු තම පෞජ්ජලික ධනය තමයි මේ ගජමිතුරු කැල නාමල් බේබි වෙනුවෙන් යෙදෙව්වෙ කියන එක අපි අමතක කරන්න නරකයි. අපි අන්න ඒ ගුණේට සලකන්න ඕන. සලකන්නම ඕන. තාමත් රට තියෙන්නෙ ඒ දක්වපු කළගුණ හන්ද නෙ. නේ 😂.