ලයිට් කපපු
දවසක මේ ටික අහම්බෙන් දකින්ට, අහන්ට හම්බුනා යු බටෙන්... Dongle
ඒකයි, lapටයි පිංසිදු වෙන්ට. ලයිට් නෑ
කියල ඇඟේ ලේ රත් කොරාන හරියනවෑ.. ඔන්න එයින් ටිකක් ඔහෙලටත් බලාගන්න පල්ලෙන් හලං
යන්නං හොදේ. ඔය බෂ්ශත් video දෙක, තුන දාන්නෙ.
ඔන්න පිළිවෙලට
යන්ඈ...
අද තාරුණ්‍යයට..
කොල්ලන්ට, කෙල්ලන්ට මේවා මගෑරෙන එක මාර අපරාදයක්.. Pankaj
Udhasගෙ මේ සිංදුව පපුවටම වදින ආදර සින්දුවක්. ගසල් එකක්. සිංදු
කිව්වම ඉතින් වැඩි හරියක් ආදර හෝ විරහ ගීත නෙව කොහොමත්. හැබැයි හොටු පෙරාන,
යදින... අද කාලේ වගේ වැලලෙන, ජනප්‍රිය
සංස්කෘතිය තාලේ එකක් නෙවේ. සරල රූප රචනයක් උනත් කොහොමද කරන්නෙ කියල තේරුම් ගන්න
හොඳ music video එකක්. කෙල්ලක් දැක්කම කෝමහරි අයිතිකරගන්න
හදන එක වෙනුවට, ඇයගෙ අවට රැකවල් අල්ලමින්, වාත නොවන විදිහට ආදරේ - විරහ විඳගන්න හැටි එදා යුගය දැනන් හිටිය.
බලහත්කාරකම් කරන, අයිතිකරගන්නම වලි කන අසහනයක් නැතිව.
අද පිහියෙන්, පොරොවෙන් අයිතිකරගන්න හදන්නෙ මේ ඉවසීම, හික්මීම,
සංයමය නැති හින්ද නේද. අද සයිවර් මාධයෙන්, කලාවෙන් කරන්නෙත් ඒවාට පොර දමා සංවර්ධනය කරල..... මොකක් හරි වෙච්චි
ගමනෙ breaking news ගසා ඒකත් විකුනං කන ජඩ ව්‍යාපාරයක්
නෙව.
* * * * * *
* * * * * *
මේ ගායිකාවගෙ
හඬ ඉන්දියාවට මිස් වෙච්ච එකක්. අයගෙ නම Falguni Pathak. වැලි
කඩදහියකින් මැදපු තරම් එන සිනිඳු ගතියක් තියෙන්නෙ... ඒ හඬේ. ලංකාවේ නම් මෙහෙම
කටහඬකට උදාහරණ දක්වන්න පුලුහං දීපිකා පියදර්ශනීව.
ඇයගෙ හැම
ගීතයක්ම හඬ වගේම ලස්සනයි. මේකනම් වෙන විදිහකට අහලත් ඇති... කස්ටිය. Music video එකත් සරලයි. හිතට වදිනව.
* * * * * *
* * * * * *
සිංදුවකට හෝ
වේවා රූප රචනයක්/ visual එකක් කරන්නෙ කොහොමද කියන එක මේ video
එකෙන් කොහොමද කියල හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. අද තියෙන සම
හරක් ඒවාට වඩා... ලස්සන, සරල concept එකක් එක්ක මේ videoව හරි අපූරුවට නිර්මාණය වෙලා
තියෙනව... අදට වඩා තාක්ෂණය අඩු එදා උනත්. ශ්‍රියාගේ කටහඬ දිවයලෝකෙන් ඇහෙනව වගේ...
ඒතරම් මිහිරී. සුල්තාන්ගෙත් ඒ වගේමයි.
* * * * * *
* * * * * *
හිරිමල් ආදර
හැඟුම්.. nostalgiaවක්…
සිසුවියකට
තමන්ගෙ හිරිමල් ආදර හැඟුම් ඇතිවෙන්නෙ තම ගුරුවරයා වෙත... මේ ඉඟි බිඟි තේරුම් ගන්න
ගුරුවරයා ඒවාට අවසරයක් දෙන්නෙත් නෑ.. ඒ
හැඟීම් තලා පොඩි කරන හිතක්ද නෑ... ගුරුවරයා පවා ඉන්නෙ තාරුණ්‍යය අග්ගිස්සෙ.
ඒ ගැන
අපූරුවට නිර්මාණය වුනු සුපිරි music video එකක්... 1991 තමයි නිකුත් වෙලා තියෙන්නෙ. අති සරල දේවල් එක්ක දැනෙන රූප රචනයක්
කරන්නෙ කොහොමද කියල පෙන්නල දෙනවා. වැඩි සංකේත භාවිතාවක් එක්ක කරන රූප පෙළහර
හිතාගන්න බෑ. කළු සුදු බව තවත් එය තිව්ර කරනවා. අද මෙහෙම රූප රචනයක් ලංකාවෙ තියා
ඉන්දියාවෙත් තියේ ද මන්ද.
______________________
පහසුකම්, තාක්ෂණය තිව්නත් හොඳ නිර්මාණකරුවෝ, නිර්මාණ
නැති කොට හොඳ ප්‍රේක්ෂක/ රසික පිරිසක් බලාපොරොත්තු වෙන්න බෑ... ඒ අතරේ නිලීන ජාන
වලින් උපදින ඔත්පළ කලා- මාධ්‍ය ඇසුරේ වැඩෙන යෞවන පරපුර ගැන මහා ලොකු බලාපොරොත්තු
තියා ගන්නත් බැහැ.
ඒ නිසා
පිහියෙන්, පොරොවෙන්, ඇසිඩ්
කුප්පියෙන් ආදරේ හිමිකම හොයන යෞවන
කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ කතා අහන්න, දකින්න නිතරම අපට ලැබේවි.
ඒ අතර...
කලාරසයක්, රසඤතාවකිනුත් පිරිහුණු සංයමයක් නැති
වැඩිහිටි පරපුර මේ ගිනියම් වෙන, මාධයෙනුත් හොඳ හැටි
අවුළුවන, ආර්ථික අසහනෙන් ඉන්න කාලෙ තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ හිට මරා ගන්න බැරි කමකුත් නෑ. ඒක එච්චර දෙයක් නෙවේ. මොකද
කොහෙන් හරි ආවේග පිට වෙන්නත් එපෑ.