2022 අප්‍රේල් පළමුදා, වෙනදා මෝඩයාගේ දින වාගේ විහිළුවක් කරගෙන ආතල් එකක් ගැනීමට... හුදී ජන අපට බැරි වුනි. ඒ වෙනුවට මෙදා අප්‍රේල් පළමුදා ෆුල් සීරියස්, හිතන්නට බොහෝ කරුණු එකතු වුනු දවසක් නිසායි. ඒ මාර්තු 31 රෑ මහජනයාගේ පාරට පැමිණීම නිසා.... ආණ්ඩු පෙරලන්නම නෙමේ බඩගිනි සෑර්, ඔයාලට වගේ අපටත් ළමයි ඉන්නවා, ජීවනබර බර වැඩී වගේ එක්ක කියලා යන්නය.


ගෑස් නැතිකමින්, තෙල්, විදුලිය, පොහොර, පිටි නැතිකමින් හෙම්බත් වූ පෝලිම්ගත වුනු ජනතාව හිතේ ගින්දර නිවා ගන්න, ආණ්ඩු කරන කස්ටියට කෑ ගහල දුක කියන්න... ආ මේ පාරට පැමිණීම, ප්‍රචණ්ඩත්වයකට හැරුනෙ කාගේ උවමනාවටද කියල දන්නෙ දෙයියො විතරය. ඒ දෙයියො විතරක් දන්නා කාරණය විමර්ශනයක් කර තමුනුත් හොයා ගන්නා බව පොලීසිය කියා හිටියහ. ඒත් රටේ ආරක්ෂක අංශ බලා සිටියදීම බස් රථයක් නිස්කාන්සුවේ ගිනි තිව්ව... තනි පුද්ගලයෙක් ඇවිත්. ඒවා කොයි හාස්කම් මත සිදුවුනාදැයි සොයා ගන්නට වෙන්නෙ අපටමය.

මේ හුටපට සේරෝම වඩාත් බරපතළ වෙන්නේ රටේ ජනාධිපතිවරයා වැඩ සිටින ජනපති නිවස අසල මෙය වුනු නිසයි... ඒ වගේම ඔහු ඒ මොහොතේ එහි වැඩ හිටි බවකුත් ඇමතියෙක් සාක්කි දීල තිව්නේය... මොහක හරි වැඩක ඉන්ටෑති.

සාමකාමී උද්ඝෝෂණයක ලක්සන තිව්න ජන එකතුවට... ළමයි අත දරන් හිටි කාන්තාවන්, වයසක උන්දලාගෙ අහිංසක දුක්බර මුහුණු හොඳටෝම සාක්කිය... ඒ සාක්කි පැත්තක තියපු ආරක්සක අන්ස, රටේ තත්වය නොතේරෙන පිරිසක් වාගේ... පාලකයාගේ හස්තයට ඒකාත්මික වී කිසි භේදයක් තොරව සලකලා තිව්න හැමට එකසේ... මාධ්‍යවේදීන් ද ඇතුළත් කරගෙන. නමුත් කරුවලේ ඔවුන්ව වෙනම අඳුනාගන්නට, IDයෙන් බලාගන්නට නොපෙනුනා දැයි කියා මාධ්‍ය ප්‍රකාසයකදී පවා ආරක්සක අන්ස වලින් කියවුනේ නැතිය..  එහෙම වෙයි කියල බලං හිටියත්. නැතිනං උඩින් ආ නියෝග සැමට සමව ලබාදීමට ආරක්සක අන්ස පසුබට නොවුනාද..... රණවිරු යන ගෞරව නාමේ පවා අමතක කරලා හිට.

කලක් තිස්සේ කොටඋඩ ආ රට, මෙලෙස පාරට ගෙනාවේ/ වැටුණේ මේ අවුරුදු 6,7 තුල වූ කසඩ වැඩ ගොඩකිනි. මේ අර්බුදයේ නිර්මාපකයින් කවුරුන්දැයි නොදන්නා නමුත් ජනපති ගෝඨනො මැතිතුමා තමා මෙහි පංගු කරුවෙක් නොවන වග පැහැදිලිවම කියා හිටියහ. මේ අතර අගමැති පවා ඉන්නෙ ඇල් මැරුණු තත්වයකය. නමුත් පසුගිය දවසක  වේදිකාවේ හැඟුම්බරව “මේ වෙලාවෙ දේශපාලන වාසි නොගෙන එක්වී රට ගොඩගමු ” යයි කීවේ ඇතුළේ ඉන්නා ජුදාස් කෙනෙකුන්ටද... දන්නේ මහින්ද විතරමය.

ජනෙල් කණ්ඩියේ එල්ලී හිටි ටටා මහින්ද නුගේගොඩ වේදිකාවට නග්ගා, මළවුන් මළනුවන් ජනපති අසුනේ හිඳ වූ ගම්මන්පිල, විමල් ජෝඩුව දැන් හිටං ඉන්නෙ ආණ්ඩුවෙන් පිටය. ඒ හිට අවලස්සන අමරිකානුවට බනී... සියලු අර්බුද තනි බැසිල්ගේය. මේ දෙනම ත්‍රී වීලයක යා හැකි සාමාජිකයින් ඉන්න සෙට් ඇතුළු පක්ස 11ක් එක්කලා දැන් වෙන අඩව්වක් අල්ලමින් සිටි. අන්තර්කාලීන ආණ්ඩුවක්, සර්වපාක්ෂික පූටුවක්...... ගැන දේසනා කරමින්. ගමන්පිලවා එදා අප්පොච්චිගෙ ගෙදරින් එළියට ආවේ ලෙන් දොර ඕපන් බව කියමිනි. ඒ කරලා හිට වැඩි දවසක් යන්නට නෑර ආපහු ඇයිදින් සරමේ එල්ලුනේය. විමලා රතු ඇත්තන්ගෙන් වෙන් වී අප්පොච්චිගේ සරමේ එල්ලුනේ සීගිරිය දැක ගැනීමේ ආසාව ඇතුවය. පහුව රජ සැප දැකගන්ට ඇති.... සීගිරියේ හෙම.

මේ කෙරුන්කාර නොවන,  කයිවාරු දෙනම තා ඉස්සර දවසක ‘කොරෝනා නිසා, බැසිල් නිසා, ඩොලර් නිසා වැටිච්ච රට ගොඩ ගන්න පොළොවේ සුවඳ හඳුනන තාත්තගෙ පුතා වන නාමල් බේබිට චන්දය දෙන්න’ කියලා කියන්නට බැරි නැත. ඒ තරම්ම සුවර් නැති බඩු දෙකකි මුන් දෙනම. සන්කිලි කටවල්ද ඒ හුරුවට සැකසී ඇත. ඊට විපක්සව ඉන්නා කස්ටියටද අපූරු කතා කියන්නට මේ දෙඅවුරුද්ද පවා හොඳටෝම ඇතිය. දැන් විපක්ස සජබෙ පවා ආණ්ඩු සැකැස්මවල් දියත් කොරන ගමනෙය... නැතුව ජනතා නගාසිටුවීමක් ගැන අදහසේ නෙවේය. අනුරත් රතු ආණ්ඩු සිහිනයක ඇතිය... කුළුඳුලේම හිට.

ඔය අතරෙ තවත් ජන රැලියකට, උද්ඝෝෂණ මාලාවකට 3වනදා සැරසෙන බව දැනන් ආණ්ඩුව 2වන දා රාත්‍රියේ හිට 3 උදෑහනක් වෙනකං ඇඳිරිනීතිය දමන බව නිවේදනය කරලා... පහුවට නිවේදනය කර දීර්ඝ කරා.... ඒ කපටි පාලනයේ හැටිය. ඒ මදිවට සමාජ මාධ්‍ය වෙත ගොඩවැදීමේ නිදහසද අහුරා තිව්නේය. ඔය අල්ලපනල්ලෙ සැනසුම් සුසුමක් හෙලන්ට වෙන්ටෑ විදුලිය බිඳ වැටීම පැයකට අඩු කරේ හිට. නැහ්නං ගෙදර ඉන්න වුන් කුලප්පු වෙන්ට බැරි නෑ හිරවෙලා ඉන්ට අස්සෙ මෙතන කිසි වැඩක්කක් කරගන්න නැතිව තව... කියලා හිට. ඒ අතර එදා වේල හම්බුකරන් කන අය ඇතුළු පිරිස ඇඳිරිනීති හන්ද අන්ද මන්ද වීය.

මෙහෙම පාර්තනා කරන ගමන්..... එනවාරේ මොකා එක්කං ඇවිදින් ජනපති පුටුවෙ වාඩි කරන්නද, ආණ්ඩු බලය දෙන්නද ?

අමාරුම වෙලාවලදී ගන්න තීරණ තීරණාත්මකම තීරණ කියලා කියනව නෙව. ඒ වගේම තමයි ගන්න තීරණයක් නැතිව ඉඳල ඉඳල ගන්න තීරණ බොහොම දරුණු වෙන්ටත් පුලුහං..... ඔය කොයි පැත්තටත්. ඒ නිසා මොළේ පාවිච්චි කිරීමත් අවශ්‍යයම මොහොතක්ය මේ. කොයි කොයි පැත්තත්... රට ගැන හිතල.



 ඔයා මට ඇත්තටම කැමතිද ?, ඔයා කැමති ඒ ගෑණිට නේද?” මේ ආදී ප්‍රශ්න ප්‍රේමවන්තයාගෙන් හෝ සැමියාගෙන් ඇසීමට හෙට දවසේ කාන්තාවකට තව දුරටත් සිදු නොවේ. ඒ විද්‍යාවේ හා තාක්ෂණයේ ආශ්චර්යෙන් පසුගියදා එළිදැක්වුණු නවතම උපකරණයක් නිසාවෙනි.



මේ උපකරණය ඉදිරියේ සිටින පිරිමියා හට කාන්තාවකගේ ඇසෙන නම, පෙනෙන රූපය මගින් ඔහුගේ සිතුවිලි හා ශරීරයේ ඇතිවන උත්තේජන, රසායනික හා හෝමෝන ක්‍රියාකාරකම් ආදී දේ මිනුම්ගත කරමින් තත්පර කිහිපයක් ඇතුළත ඒ පිරිමියා අර කාන්තාව හට දක්වන්නේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දැයි, මොන විදිහේ කැමැත්තක්/අකමැත්තක් දැයි මේ උපකරණය මගින් පෙන්වා දෙයි. වැඩිදුරටත් මෙම උපකරණය පිළිබද කරුණු දැක්වූ ජෝන් හොප්කින්ස්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් වන සමන්තා බැරට් පවසා සිටියේ මෙහි, වඩා නවීකරණයකින් යුතු උපැස් යුවලක් සේ පැළඳිය හැකි eye captcher උපකරණයක් ද සකසා ඇති බවත් එය මේ මස වෙළඳ පොලට නිකුත් කරන අතර එළඹෙන අප්‍රේල් ප්‍රථම දින සියලු දෙනාට මිලදී ගැනීමේ පහසුකම සැලසෙන බවද සතුටින් දන්වා සිටියාය. මේ අතර සියලුම අන්තර්ජාල අඩවි හරහා මිලදී ගැනීමේ පහසුකම්ද සලසා ඇති අතර විශේෂ පාරිභෝගික අංකයක්ද ඔවුන් හඳුන්වා දී ඇත.

මෙම eye captcher උපකරණය නිමවුමේ පරීක්ෂණය සිදුකර තිබෙන්නේ පිරිමි පාර්ශවය පමණක් සම්බන්ධ කරගෙන නිසා නවමු පරීක්ෂණයක් කාන්තාවන්ද සම්බන්ධ කරගෙන කරන්නට අදහස් කරන බව හොප්කින්ස්න් විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායම මාධ්‍යට එහිදී දැනුම් දුන්හ.

“අපි මේක මුලින්ම කරේ පිරිමි සම්බන්ධ කරගෙන. පිරිමි හා කාන්තා ශරීර පද්ධති, සංයුතිය ගත්තහම එකිනෙකට වෙනස්. ඒ නිසා අපිට සිද්ධ උනා දෙගොල්ලන්ගෙන් එක් පාර්ශවය මුලින්ම තෝරා ගන්න.”


“ගොඩ දෙනෙක් මේ eye captcher උපකරණය ගැන විවිධ අසත්‍ය තොරතුරු ඵල කරනවා. විශේෂයෙන් පිරිමි පාර්ශවය. මෙයින් පුද්ගල සම්බන්ධතා, පවුල, පුරුෂ සමාජය බරපතළ අර්බුදයකට ලක් කරන බව පවසමින්. නමුත් අපි කියන්න කැමතියි මෙතෙක් බිහි උන කිසිම උපකරණයක් සමාජයට හානිකර නෑ මිනිසා තරම්... අපි මේක කාලයත් සමග භාවිත කිරීමට හුරු වේවි. ඒ නිසා පිරිමි පාර්ශවය මේ සම්බන්ධව කලබල විය යුතු නැහැ. වැඩිමනත් පිරිමියාට තමන් කැමති කාන්තාව සොයා ගන්න පවා මෙය උදව්වක් වේවි” සමන්තා මහාචාර්යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියාය.

ඇය එහෙම කිව්වට....... මේක පිරිමින්ට අහන්න හම්බෙන හොඳ news එකක් නම් නොවේ. තමන්ගේ ගෑනි, පෙම්වතිය මේ කන්නාඩි කුට්ටම දාගෙන ‘ආ දැන් තමුසෙ ඊයේ කාත් එක්කද උකුළු මුකුළු කරේ....ආ. අර සඳුනි එක්කද, රේඛා, චමරි.. ඕම කියාගෙන යද්දී වැඩේ අතේ මාට්ටු.... කාත් එක්කද වැඩපලේ සෙට්, හොර එක කවුද කියල හැංගිලි බොරු. වෙනද වගේ මරිසියක් දාන්නත් බෑ මේ මගුල් ගැජමැටික් එකක් නිසා.

අනිත් එක මේ ගැජමැටික් එක විකුණ ගන්න මහාචාර්යවරු මොන කතා කිව්වත් කෙල වෙනව ඕන පුරුස පරානයකට... ඇඩ්රස් නැති වෙන්නම. ගෙදරට, පෙම්වතියට අහිංසකය වගේ හිටපු කොලුවගෙ වංහුන් එළිවෙලා... සායම යයි. ඇඟේ පතුරකුත් එක්ක. කන්න වෙන ගුටි පූජාත් මදි නොකියන්න. පෙර සම්බන්ධ දිගෑරෙන.... ඒ අස්සෙ බිරියට බොරු කරන් ලස්සනට පවුල් කෑ කස්ටියගෙත් මළගම තමයි මේ වෙන්න යන්නෙ.

ඒම බැලුවොත් ඉතීම් අපේ රටේ බාගෙට බාගයක් විතර පවුල්, සම්බන්ධකම් කැඩෙන්න පුලුහං පොටක් තමයි එන්න යන්නෙ. සමාරක් විට ලෝකෙම වෙන්ටත් බැරි නෑ. එහෙව් එකේ මේක ලංකාවට නාවට කමක් නෑ වාගෙ.... මේ තියෙන හැටහුටාමාරක් පුරස්න අස්සෙ.

අෆ්ෆා තවනං ලියන්ට බෑ.. මේ ලයිට් කපන අෂ්ශෙ.... මං කල්පනා කරේ ඇත්තටම ඒම දෙයක් උනොත්.. ඉඳල ඉවරයි නෙ.

*********

 

ඒනම් අපිරියෙල් පළමුදා ලබන්නා වූ ලෝක මෝඩයින්ගේ දිනය හැමෝටම සුබ දිනයක් වේවා.😆

ලයිට් කපපු දවසක මේ ටික අහම්බෙන් දකින්ට, අහන්ට හම්බුනා යු බටෙන්... Dongle ඒකයි, lapටයි පිංසිදු වෙන්ට. ලයිට් නෑ කියල ඇඟේ ලේ රත් කොරාන හරියනවෑ.. ඔන්න එයින් ටිකක් ඔහෙලටත් බලාගන්න පල්ලෙන් හලං යන්නං හොදේ.   ඔය බෂ්ශත් video දෙක, තුන දාන්නෙ.

ඔන්න පිළිවෙලට යන්ඈ...



අද තාරුණ්‍යයට.. කොල්ලන්ට, කෙල්ලන්ට මේවා මගෑරෙන එක මාර අපරාදයක්.. Pankaj Udhasගෙ මේ සිංදුව පපුවටම වදින ආදර සින්දුවක්. ගසල් එකක්. සිංදු කිව්වම ඉතින් වැඩි හරියක් ආදර හෝ විරහ ගීත නෙව කොහොමත්. හැබැයි හොටු පෙරාන, යදින... අද කාලේ වගේ වැලලෙන, ජනප්‍රිය සංස්කෘතිය තාලේ එකක් නෙවේ. සරල රූප රචනයක් උනත් කොහොමද කරන්නෙ කියල තේරුම් ගන්න හොඳ music video එකක්. කෙල්ලක් දැක්කම කෝමහරි අයිතිකරගන්න හදන එක වෙනුවට, ඇයගෙ අවට රැකවල් අල්ලමින්, වාත නොවන විදිහට ආදරේ - විරහ විඳගන්න හැටි එදා යුගය දැනන් හිටිය. බලහත්කාරකම් කරන, අයිතිකරගන්නම වලි කන අසහනයක් නැතිව.

අද පිහියෙන්, පොරොවෙන් අයිතිකරගන්න හදන්නෙ මේ ඉවසීම, හික්මීම, සංයමය නැති හින්ද නේද. අද සයිවර් මාධයෙන්, කලාවෙන් කරන්නෙත් ඒවාට පොර දමා සංවර්ධනය කරල..... මොකක් හරි වෙච්චි ගමනෙ breaking news ගසා ඒකත් විකුනං කන ජඩ ව්‍යාපාරයක් නෙව.

* * * * * * * * * * * *

මේ ගායිකාවගෙ හඬ ඉන්දියාවට මිස් වෙච්ච එකක්. අයගෙ නම Falguni Pathak. වැලි කඩදහියකින් මැදපු තරම් එන සිනිඳු ගතියක් තියෙන්නෙ... ඒ හඬේ. ලංකාවේ නම් මෙහෙම කටහඬකට උදාහරණ දක්වන්න පුලුහං දීපිකා පියදර්ශනීව.

ඇයගෙ හැම ගීතයක්ම හඬ වගේම ලස්සනයි. මේකනම් වෙන විදිහකට අහලත් ඇති... කස්ටිය. Music video එකත් සරලයි. හිතට වදිනව.



* * * * * * * * * * * *

සිංදුවකට හෝ වේවා රූප රචනයක්/ visual එකක් කරන්නෙ කොහොමද කියන එක මේ video එකෙන් කොහොමද කියල හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. අද තියෙන සම හරක් ඒවාට වඩා... ලස්සන, සරල concept එකක් එක්ක මේ videoව හරි අපූරුවට නිර්මාණය වෙලා තියෙනව... අදට වඩා තාක්ෂණය අඩු එදා උනත්. ශ්‍රියාගේ කටහඬ දිවයලෝකෙන් ඇහෙනව වගේ... ඒතරම් මිහිරී. සුල්තාන්ගෙත් ඒ වගේමයි.



* * * * * * * * * * * *

හිරිමල් ආදර හැඟුම්.. nostalgiaවක්



සිසුවියකට තමන්ගෙ හිරිමල් ආදර හැඟුම් ඇතිවෙන්නෙ තම ගුරුවරයා වෙත... මේ ඉඟි බිඟි තේරුම් ගන්න ගුරුවරයා ඒවාට  අවසරයක් දෙන්නෙත් නෑ.. ඒ හැඟීම් තලා පොඩි කරන හිතක්ද නෑ... ගුරුවරයා පවා ඉන්නෙ තාරුණ්‍යය අග්ගිස්සෙ.

ඒ ගැන අපූරුවට නිර්මාණය වුනු සුපිරි music video එකක්... 1991 තමයි නිකුත් වෙලා තියෙන්නෙ. අති සරල දේවල් එක්ක දැනෙන රූප රචනයක් කරන්නෙ කොහොමද කියල පෙන්නල දෙනවා. වැඩි සංකේත භාවිතාවක් එක්ක කරන රූප පෙළහර හිතාගන්න බෑ. කළු සුදු බව තවත් එය තිව්ර කරනවා. අද මෙහෙම රූප රචනයක් ලංකාවෙ තියා ඉන්දියාවෙත් තියේ ද මන්ද.


______________________

පහසුකම්, තාක්ෂණය තිව්නත් හොඳ නිර්මාණකරුවෝ, නිර්මාණ නැති කොට හොඳ ප්‍රේක්ෂක/ රසික පිරිසක් බලාපොරොත්තු වෙන්න බෑ... ඒ අතරේ නිලීන ජාන වලින් උපදින ඔත්පළ කලා- මාධ්‍ය ඇසුරේ වැඩෙන යෞවන පරපුර ගැන මහා ලොකු බලාපොරොත්තු තියා ගන්නත් බැහැ.

ඒ නිසා පිහියෙන්, පොරොවෙන්, ඇසිඩ් කුප්පියෙන්  ආදරේ හිමිකම හොයන යෞවන කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ කතා අහන්න, දකින්න නිතරම අපට ලැබේවි.

ඒ අතර... කලාරසයක්, රසඤතාවකිනුත් පිරිහුණු සංයමයක් නැති වැඩිහිටි පරපුර මේ ගිනියම් වෙන, මාධයෙනුත් හොඳ හැටි අවුළුවන, ආර්ථික අසහනෙන් ඉන්න කාලෙ තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ හිට මරා ගන්න බැරි කමකුත් නෑ. ඒක එච්චර දෙයක් නෙවේ. මොකද කොහෙන් හරි ආවේග පිට වෙන්නත් එපෑ.

දේසපාලු ලෝකෙයි, ජීවන යුද්ධය හා ලෝක යුධ ගැටුමුයි නිසා ඇඟේ ලේත් රත්වෙලා ඉන්න නිසා හිනා පොස්ටුවක් දැම්මොත් හොඳා කියල හිතුන. කොයිද ඉතින් ඒකටත් සම්බාධක... ගෙදරින් නෙවේ. විදුලි බල අමාත්‍යංශ, මහජන උපයිගීතා කොමිසම වගේ ඉහල තැන් වලින්. නාමල් බේබි කියන විදිහට නම් ඔව්වා රජය වට්ටන්න හදන කුමන්ත්‍රණ. නැහ්නං අපේ සෑරුයි, අප්පොච්චයි මොන ඒකට තියයිද අපිව.... කරුවලේ. අනෙක් අතින් සෑර් ඕන අභියෝගයකට මුණ දෙන්න සුදානම් මනුෂ්පයනෙ.... නිව්ස් වල කීවේ. කෝම උනත් අවුරුද්ද සුභයි ඈ....... ඔය ජෞතිස්සය කාරයෙක් කියල තිව්නෙ.

තව ඩිංග දවසකින් ලයිට් කපන එකත් නතර වෙනව පොඩිම පොඩි ගණනකින් බිල ඉහල ගියහම...

 පිටි පෝලිම, ගෑස් පෝලිම, තෙල් පෝලිම වගේද... බාර් පෝලිම


කවදාවත් ඉවර වෙන්නෙ නෑ.....


ඔන්න පමණට පොඩ්ඩක් වැඩියෙන් ගත්ත මනුස්සයෙක් බාර් එකෙන් එලියට එනකොටම පරණ යාලුවෙක් සෙට් උනා. උන්ද ටිකක් වැඩිමල් මෙයාට වැඩිය. දෙන්න දැන් කතා කර කර ගමනෙ. හැබැයි ටික දුරක් යනකොට යාළුවා නිකං සෙට් මදි වාගේ. පිස්සුමයි කියවන්නෙ.... මේ බීල ඉන්න අස්සෙ.

මේ උඹ දන්නවද ඉස්සර.... ඉස්සර උඹේ බාප්පයි මායි එකට, එකට මුට්ට කරගැහුව කොටුවෙ.

නෑ..... මං දන්නෙ නෑ

ආයේ කාලයක්... උඹ දන්නවද උඹේ බාප්පයි මායි පතලක වැඩ කරා. ඒ කාලේ අම්මෝ......

මං දන්නෙ නෑ බම්..

උඹ දන්න..ව.ද.....

මං දන්නෙ කොමද ඌ ඒ කාලේ කරපු වැඩ යකෝ.. මොකද මං බාප්පගෙ classmate ද?

 

නෑ..... මං උඹෙන් අහන්න හැදුවෙ.. උඹ දන්නවද අපෙ ගෙවල් තියෙන තැ..න.

මං කොමද උට්&#*..........

 

මොන සෝඩා ද?

තා දවසක මේ මනුස්සයට එකපාර මතක් උනා තැබෑරුමේ ඉඳිදදීම, අද උසාවියේ පෙනී හිටින්න ඕන දවස නේද කියල.... ඊටත් පළමු දවස උසාවියකට ගොඩ වන. divorce case එකක්. මොනා කොරන්නෙයි, ගියා වෙරිමරගාතේම උසාවියට. ඔන්න ආපු ගමන් ගත්ත විත්ති කූඩුවට... පළමු නඩුවම තමුන්ගෙ එක වෙච්චි. සාලාවෙත් හරි සද්ද. ඊට හපන් මේ යකා දැන් බාග සිහියෙන්, ඉන්න තැනත් අමතකයි. තාම ඉන්නෙ තැබෑරුමේ..... හිතින්.



Order Order.......

මල්ලි පරාට එකයි. ඉස්සෝ වැඩේ ටිකකුයි..... තව සෝඩායි

Shut up

7up උනත් කමක් නෑ....

 

ගියෙ කොයිට ද ?

 

 ඉබ්බි දවසක් තරහ වෙලා ගෙදරින් යන්නම ගියා.. මේ ආරංචිය ලැබිච්ච ගමන් ඉබ්බගෙ හොඳම යාලුවෙක් ඉක්මනට එයාගෙ ගෙදර ආවා.

මචං ඉක්මනට යං.. දැම්ම ගියොත් හොයා ගන්න පුළුවන්..

ඕන නෑ බං... ගියා නම් ගියාවෙ... ඉබ්බ ඉවත බලාගෙනම කිව්ව.

මේ විකාර නැතුව වරෙන් යමන්... කෝ කොයි පැත්තටද ගියෙ..

අර යන්නෙ පාර අයිනෙ... එහෙම කියල ඉබ්බා යාර කිහිපයක් දුරින් ඉන්න ඉබ්බිව පෙන්නුව.

 

කොමද කිරි ගන්නෙ

 

මචං මට ඇත්තම කියපං උඹ කොහොමද උඹේ එළදෙන්නුගෙන් මගෙ එවුන්ට වඩා වැඩියෙන් කිරි ගන්නෙ.

ඒක පොඩි trick එකක් බං... අපේ ගොවිපොළට එහා පැත්තෙ තියෙන්නෙ මස් කඩෙනෙ..

ඔව්... ඉතින්.

ඉතින් මං උන්ගෙන් අහනවා.. උපරිමයෙන් කිරි දෙනවද නැත්තං හවසට එහා පැත්තෙ ඉන්නවද කියල.. 



 මෙ පද තෝරාලා බලන් සකි.. නොහැකි උනොත් පහලින් උත්තර ඇත.



1)

මෙගොඩ ගොඩේ හඬලන්නේ

එගොඩ ගොඩේ බෙටි ලන්නේ

කොකා නිසයි පණ එන්නේ

කැලෑවකයි ගොරවන්නේ

 

2)

ගුලක් බලා රිංගනවා

ඒක ඇතුළෙ කැරකෙනවා

ගේදොර බඩු රැකදෙනවා

තේරුවොතින් පඩි දෙනවා

 

3)

නයා වගේ දාර අතේ

කොකා වගේ පාට ඇතේ

මහ මුහුදේ ගමන් යතේ

යන යන තැන හූ කියතේ

 

4)

නැකත් බලන්නට යන්නෙකි

මගුල් ඉලව් පින්කම් දන්නෙකි

වැඩිහිටි දෙගුරුන් පිලිගන්නෙකි

නාග ලොවින් ආ වැදගතෙකි

 

5)

දෑසක් ඇත පෙනුමකුත් නැත

දෙපා ඇති මුත් ගමනක් නම් නැත

බඩෙන් කෑවත් බඩ පිරුමක් නැත

තෝරා දුන්නොත් හෙප්පුවේ මෙය ඇත

 

6)

වරදක් නැතිව ගහකට බඳිනවා දුටින්

ලෙඩක් නැතිව බෙහෙතක් කවනවා දුටින්

දුකක් නැතිව තිස්සෙම අඬනවා දුටින්

හැලියක් අරං වතුරත් මනිනවා දුටින්

 

 

1) තුවක්කුව

2) යතුර

3) හක් ගෙඩිය

4) බුලත්

5) ගිරය

6) රා මදින පොල් ගස

******


ගත්ත ණය තුරුස් ඇත ලොව හතර අතින්

කැබිනට්ටුවේ ඇත ඇමතියො බුරුත පිටින්

උන් රජ කෙරුවේ අපේ කර මතින් ගිහින්

වෙච්ච දේ කියන් අපෙ මේ රටට ඉතින්

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්