රාජ උදහස

ඩී. පී වික්‍රමසිංහ නම් ලේඛකයා විසින් මධ්‍යම පළාතේ විවිධ ප්‍රදේශවල ප්‍රචලිත ජනකතා 50 ක් පමණ අන්තර්ගත කොට " මගදිගට ජනකතා " නම් ග්‍රන්ථය රචනා කොට ඇත. එහි එන මහනුවර යුගයේ රජකළ ශ්‍රී විජය රාජසිංහ රජු තා සම්බන්ධ ජනතාවක් මේ පාඩමේ දැක්වේ.


ශ්‍රී විජය රාජසිංහ රජු දවස හැඟුරන්කෙත මහ මළුවේ දේවාලය ඉදිරිපිට අම්බලමක් තිබුණි.

දිනක් මෙහි රැස් වූ ගැමියන්ට දේවාල මළුවේ පැණිවරකා ගසෙහි වූ විශාල කොස් ගෙඩියක් සුදු රෙද්දකින් වසා වෙන්කර තිබෙන බැව් දකින්නට ලැබුණි. එය රාජ භෝජනය සඳහා වෙන් කරන ලද්දක් බව කවුරුත් දැනගත්හ. මේ කොස් ගෙඩිය ඉදී සුවඳ විහිදෙන බව හැමදෙනාට ම දැනුණි. එය ගැන අම්බලමේ සිටි අය අතරේ සාකච්ඡා ඇති විය. එම කොස් ගෙඩිය සොරකම් කළොත් හෝ කැඩුවොත් හෝ ඒ තැනැත්තාට ලැබෙන්නට පුළුවන් රාජ දඬුවම් ගැන ද කථාවක් ඇති විය. රාජ භෝජනය සඳහා නියමිත දේ විනාශ කළොත් නො අනුමානව ම උල හිඳුවීමේ දඬුවීමට භාජනය විය හැකි බව කවුරුත් විශ්වාස කළෝ ය.

අම්බලමේ කොනක කණුවකට හේත්තු වී කල්පනාවේ යෙදී සිටි එක් පුද්ගලයෙකි. උක්කුරාල නම් වූ ඔහු කවදත් අම්බලමේ ප්‍රධාන කථිකයා මෙන් ම විකටයා ද විය. නමුත් ඔහු මෙදින නිශ්ශබ්ද ව කල්පනා සහගත ව ඉඳීම ගැමියන්ට තේරුම් ගත නොහැකි කරුණක් විය.

    එක් ගැමියෙක් ඔහුට කථාකොට 'ඇයි රාලේ! උඹ අද කරබාගෙන ඉන්නේ? ගෙදර ඇත්ති සමග දබර කරගෙන ආවාදැ'යී කවට බසින් ඇසී ය. 'නැහැ. අපේ උන්දෑ සමග දබර කර ගන්ට කරුණක් යෙදුණේ නැත. මා කල්පනා කෙළේ පැණිවරකා ගෙඩිය දෙස බල බල කෙළ හළ හළා සිටින නුඹලා ගැනයි. නුඹලා පැණිවරකා ගෙඩියෙහි ඇති රසයටත් සුවඳටත් ආශා කරනවා. නමුත් කිසිවකුටවත් එය කඩා කන්ට තරම් ආත්ම ශක්තියක් නැත. සෑහෙන ඔට්ටුවක් උඹලා අල්ලන්නේ නම් මම ගසට නැගී එයින් පළුවක් කප ගෙනැවිත් නුඹලාට ද දී මමත් කන්නම්'යි උක්කු රාල කී ය. එබසින් අම්බලමේ සිටි ගැමියෝ විස්මයටත් භීතියටත් පත් වූහ. කරන්ට තබා හිතන්ටවත් භයානක දෙයකි ඔහු කීවේ. පණට ආදරේ ඇත්තෙක් පැණිවරකා ගෙඩිය කනවා තබා අතවත් නො තබති. ඒ නිසා 'මොහු පිස්සුවෙන් නන් දොඩවති' යි එහි සිටියෝ සිතූ හ.

පැණිවරකා ගෙඩිය කා මෙලොව පණ පිටින් සිටින්නට කිසිවකුට ඉඩ නොලැබෙන බව හොඳාකාර දත් එක් ගැමියෙක් 'නුඹ පැණිවරකා ගෙඩියෙන් මදුලක්වත් කෑවොත් මා නුඹට හොඳ මී නාම්බකු තෑගි කරනවා. හැබැයි නුඹ ජීවතුන් අතර සිටියොත් පමණයි ඒ තෑග්ග ලැබෙන්නේ' යි කීය. 'නුඹ ඒ තෑග්ග දෙන බව සත්‍යයක් නම් දේවාලයට අත ගසා දිව්රුම් දෙනු, එසේ දිවුරූ විට මම පැණිවරකා ගෙඩිය කන්නෙමි' යි උක්කුරාල කී ය. ඊට එකඟ වූ ගැමියා එලෙස දේවාලය දෙසට අත නඟා දිවුරුම් දුන්නේය.

ස්ථානෝචිත ප්‍රඥාවක් හා ජම්ම දායාදයකින් මෙන් ලත් මුඛරි බවත් ඇති නිර්භීත උක්කුරාල සැණෙකින් කැසපොට කවාගෙන පිහියක් අතින් ගෙන පැණිවරකා ගසට නැඟ, වරකා ගෙඩියෙන් පලුවක් කපාගෙන බිමට බැස එය කෑමට පටන් ගත්තේ ය. අම්බලමේ සිටි අයට ද ඔහු පැණිවරකා දුන් නමුත් පණ බියේ ගැහි ගැහී සිටි ඔවුහු ඒවා ප්‍රතික්‍ෂ්ප කළෝ ය.

රාජ භෝජනය සඳහා වෙන්කොට තිබූ පැණිවරකා ගෙඩිය උක්කුරාල නම් ගැමියෙකු කඩා කෑ බව නගරය පුරා ම පතළ විය. රජවාසල රාජපුරුෂයන්ට ද මෙය දැනගන්නට ලැබී ඔවුහු රජු වෙත ගොස් ඒ බව පැමිණිලි කර සිටියෝය. රජතුමා ද කිසිවක් විභාග නො කර 'මහවාසලට එවැනි අවනම්බුවක් කළ එම ද්‍රෝහියා අල්වා උල හිඳුවා මරව' යි අණ දුන්නේ ය. රාජාඥාව පරිදි උක්කුරාල රාජ පුරුෂයන් විසින් අල්වන ලදුව රතු මල් වඩම් කර ලා කටු සැමිටියෙන් තළතළා වදකයින් විසින් වදක භූමියට ගෙන යන ලද්දේ ය.

වදයක කැපවූ උක්කුරාල අතර මඟ දී මහ හයියෙන් විලාප ගසමින් අඬන්නටත් අනතුරුව මහ හයියෙන් කොක්හඬ දී සිනාසෙන්නටත් පටන් ගත්තේ ය. මෙසේ නොකඩවා වරින් වර අඩන්නා වූ ද, සිනාසෙන්නාවූ ද, වදයට කැප වූ මේ පුරුෂයාගෙන් රාජ පුරුෂයෝ 'එසේ අඩන්නටත් සිනාසෙන්නටත් හේතුව කුමක්දැ' යි ඇසුවෝ ය. 'ඊට හේතුවක් තිබේ. එය මම නුඹලාට නො කියමි. මහා වාසලින් ඇසුවොත් පමණක් කියන්නෙමි' යි උක්කුරාල නිර්භීත ව පිළිතුරු දුන්නේ ය. කෙසේ ඇසුවත් පළමු සේ ම කියන බැවිනුත්, නොනවත්ව ම ඇඬීමත් සිනාසීමත් කරන බැවිනුත්, එක් රාජපුරුෂයෙක් රජවාසලට දුවගොස් මේ බව රජතුමාට සැලකර සිටියේ ය.

ඒ බව අසා රජතුමා ද පුදුම වී 'වහා ඔහු ආපසු රජවාසල කරා කැඳවා ගෙන එය'යි අණ කෙළේ ය. එසේ රජු ඉදිරියට පැමිණ වූ එම පුරුෂයාගෙන් 'තා වදක භූමියට ගෙනයන අතරතුර අඬන්නටත් සිනාසෙන්නටත් හේතුව කුමක් දැයි' යි ප්‍රශ්ණ කළේය. 'අහෝ ! දේවයන් වහන්ස! මම බඩගින්න නිසා පැණිවරකා ගෙඩිය කෑවෙමි. ඒ නිසා ම වදයට ගෙදුරු වීමි. මගේ බඩ ගින්න නිසා මට අකාලයේ අත්වූ මරණය ද, මගේ අඹු දරුවන් ද සිහි වී ඇති වූ ශෝකාග්නිය උසුලාගත නොහී ඇඬුවෙමි' යි ඔහු කීය.

'ඒ එසේය, තා මරණ භයින් අඩන ඇඩීම සුදුස්සක් සේ මම පිළිගනිමි. මෙවැනි මරණයකට ගොදුරු වී සිටින තා සිනාසෙන්නේ මක්නිසා ද? තට කවර නම් ප්‍රීතියක් ඇත්තේ ද? වහා කියවයි රජ අණ කෙළේය. 'අහෝ!! දේවයන් වහන්ස! එසේ මරණයට පත් වුවත් මට එයින් එක සැනසීමක් ප්‍රීතියක් ගෙන දෙන කරුණක් ඇත්තේ ය. 'අසවල් රජ්ජුරුවෝ කොස් බෑයටත් මිනී මැරවූයේ ය'යි යන අපවාද සහගත කථාවක් අනාගත ලෝකයාට ද දැනගත හැකිසේ ඉතිහාස ගත වන්නේ ය. වර්තමාන ලෝකයා ද ඒ එසේ ම කියමින් මහවාසලට අපහාස නඟන්නෝ ය. එය සිහි වූ මට සිනා පහළ වන්නේ ය'යි උක්කුරාල පිළිතුරු දුන්නේ ය.


මේ ඇසූ රජ්ජුරුවන්ට තරු පෙනුණි. අනාගතය ගැන සිහියට නැගුණි. ගැමියාගේ කියමනෙහි සත්‍යතාව වැටහුණි. බඩ සාගින්නට වරකා පලුවක් කෑ ගැමියා පවා අසුවල් රජ්ජුරුවෝ 'මරණයට පත්කරවූහ' යි ලෝකාපවාදයකට තමා ගොදුරු වන බැව් පෙනී ගියේ ය. එබැවින් මෙය කළ යුතු දෙයක් නොවේ. මොහුට අභය දුන මැනව යි සිතා ගැමියා අමතා 'තගේ ස්ථානෝචිත ප්‍රඥානුබද්ධ මුඛරි බව නිසා මට වන්ට තිබූ නින්දාවෙන් ගැළවුණෙමි. එසේ ම තට වන්ට තිබූ මරණයෙන් ද තා ගැළවුණෙහි ය'යි කියා උක්කුරාලට අභය දානය කෙළේ ය.

වන්නේ කුමක් දැයි බලාගෙන එතෙක් අම්බලමේ සිටි තම යහළුවන් කරා උක්කුරාල සිනාසෙමින් ගොස් පොරොන්දු ප්‍රකාර මීගොන් නාම්බා තෑගි ලබා ගත්තේ ය.

 මෙතැන මීය කිව්වෙ අර කෝම්පීතර් මෞස් වර්ගයාට. හිංගලෙන් කියන්නෙ මූසිකය කියලනෙ. ආන් ඒ mouse ගැන අපේ බස් post එකකුත් දාල තිව්න. ඒ අස්සේ comment එකකින් රිංගපු මට මෙන්න කියාපි අලුත් මෞස් gadget ගැනත් මක්ක හරි ලියන්නය කියල. මං මොනව දන්නවද අනේ ඔව ගැන. ඒත් ලඟදි මගේ mouse එකත් පොඩි කචල් එකක් අදින්න සෙට් උනා. ඌ මකවල ගනිද්දී පොඩි දේවල් ටිකක් මතක් උනා....

කොම්පීතරේ කරලියට එනකොට මේ mouse එකත් නිකම්ම වාගේ බිහි උනා. මොකෝ අත දාල මේකේ දේවල් කරන්නයෑ.  මුල් සංදියේ mouse වල යටි පැත්තේ තිව්නෙ mouse ball එකක්. අර උස්සද්දී හිලෙන් එබිල බලන බෝලෙ. (දැන් එවුන්නෙ ඕක නොදන්නෙ හිට). ඉතිං mouse එක එහාට මෙහාට කරන කොට යටින් තියෙන මේ බොලේත් ඒ අනුව එහට්ට මෙහට්ට වෙලා තමයි horizontal සහ vertical ලෙස ඛණ්ඩාංක ලබා ගෙන... ඒවා සංඥාවක් විදිහට අපේ computerයට ලබා දුන්නෙ. ඒත් මේ කිරි කිරි බෝලෙ, මඤ්ඤං කෙරුව සමහර වෙලාවට. ඉතිං ඒ වෙලාවට එයින් ලැබෙන සංඥාත් අවුල්. ඒ අවුල monitor එකේ cursor point එක දක්වාම ගිහින් එතන ඩෙඟා නටල තමයි නතර වෙන්නෙ. ඉතින් කරන වැඩ... කොට උඩ. (මේව දැන් graphic කරන ඈයොන්ට තිබ්බනම් උන් සදා අනාතයි).

දැන් කලක හිටංමේ දක්වා පාවිච්චි වෙන්නෙ optical mouse... USB පහසුව ඇති. bluetooth mouse විදිහත් එනව නේ. සංඥා ලබා ගැනීමේ ක්‍රමය වඩා දියුණු තැනකට ආපු අවස්ථාවක් තමයි මේ. මේ mouse එකේ තියෙන පොඩි LED light එකේ පරාවර්තන වුන ආලෝකය, sensor එක හරහා යවල එය process වෙලා එන signal එක තමයි කොම්පීතරේට දෙන්නෙ. මේවයෙ වැඩ ඉතීම්... සුදුවට, සුමුදුවට.

හැබැයි දෙකෙන්ම වෙන්නෙ එකම වැඩේ. signal එක ග්‍රහණය කරන් යවන එක. ඕකම තමයි laptop එකේ, touch pad එකේ, touch phone එකේ හිටං වෙන්නෙ. මූලික සිද්ධාන්තය එකයි. තාක්ෂණය වෙනස් උනත්.

මේකට සමාන දෙයක් අපිත් කරනවා මතකද..... මැනුවලි. අතින් අතින්

ප්‍රස්ථාරෙ ඇති රේඛාව යම් තැනක පිහිටනවද ඒ තැන හඳුනගන්නෙ තිරස් හා සිරස් සටහන්ව ඇති ඛණ්ඩාංක මගින්. (ප්‍රස්ථාරෙ ඇඟිල්ල යම් තැනක් තිබ්බද ඒ තැන කියවන්නෙ අර ඛණ්ඩාංක දෙක මගින්). මේ දෙයම තමයි චෙස් පුවරුවලත් වෙන්නෙ.

තව තව අලුත් උන mouse වල එන හැකියාවනුත් වැඩි. පොඩි සෙලවීමකින් වැඩි දුරක් (DPI), one click button, back button... ආදී නානාප්‍රකාර දේවල් ඒක අස්සෙ. ඒ අස්සෙ තොරන් වගේ ඒවත් තියෙනව.

තව... glove mouse, invisible mouse (නිකම්ම ඇඟිලි එහා මෙහා කිරීමක් sensor එකකින් හඳුනාගෙන වැඩකරන), phone mouse (phone as a mouse) වගේ සමහර දේවලුත් වෙළඳපොලේ තියෙනව සහ වැඩිදියුණු වෙමින් ඉදිරියට එනව. මේ ගොඩක් ඒවා එන්නෙ ඉතිං gamming පිස්සන්ට හා කම්මැලි බස්ස, අපි වාගේ අයට... අනුකම්පාවෙන්. ඒ හන්ද මේ මෞස්ල හරිනම් අපි අල්ලන්නත් ඕන වැඳල කරල හිටං.

ගේම් කිව්වොත්, මං කොම්පීතර් ගේම් ගැහුවේ නැති තරම්... අනික් අය එක්කලා බලද්දී. අනික O/L කරනකම් මං හිටිය ඉක්කෝලෙ එවුන්ට ඔය game උන තිබ්බෙත් නෑ. එක්කෙනෙක් දෙන්නෙක්  cafe ගියා, ඒත් අන්තිම කාලේ. ඒකට A/L ඉස්කෝලේ. ඉන්න හැම සෙට් එකේම එකෙක් game කාරයෙක්. චැට් එකක් අස්සෙ game එකක් ගෙනත් අතාරිනවා. මං සමහර සමහරුන්ට බැණලත් ඇති.

අනික 9,10 වසරවල තමා මට කොම්පීතරයක් සෙට් වෙන්නෙ. ඒකත් laptop එකක්. ඕකේ game ගතහැකි ඈ. Windows වල එනම Pinball, card game නම් සෙල්ලම් කරා. ලැප කැඩිලා හම්බුණ කොම්පීතරේ HDD එක 40GB හෝ 80GB. ඉතිං හිතා ගතෑකි නේද අසරණයගෙ තත්වෙ. ඒත් game පිස්සුව නම් දැනුණේ හෝ ආවේ නෑ. එහෙම උන එකත් ලොකු දෙයක්. ඇයි කියන්නෙ... RAM, VGA මාරූ කරන්නයි, අලුතෙන් එන game CD ගන්නයි. ඒවාට සල්ලි!. ඒ නැතෑ පුම්ක උඩ දාන් ඔක්කොම සැට් කරන් ගහන ගහන game ඒක end කරගන්න බැරි උනොත්! ඒ වගේමයි ඒ කාලේ game ගගහ තවතවත් computer එකට ඇලිල හිටිය නම්, අද job කරනව බොරු. ඇයි ඉතිං ඇස් දෙක තව වෙහෙස වෙනව නෙ. මේ දැන් ඒකටත් එක්ක ඇස් වෙහෙසවනව හොඳටෝම ඇති. ඒ හන්ද ඒ කාලේ game පිස්සුව ආවේ නැති එක හොඳටෝම හොඳයි!

ඒ අතර අර පොඩි කොම්පීතරෙන් ගැහුව ඒවා මතක් කලොත්....

රූ කියල ඒ කාලේ computer සඟරාවක් ආව... පරිගණක සඟරාවට අමතරව. (දැනුත් එනවද කොහෙද). ඒකෙ තියෙන cd එකේ free දෙන පොඩි පොඩි game තිබ්බ. cricket, bike & car race... ඒවා තුනහතරක් නම් කාලයක් යහමින් play කරා. මොකෝ graphic වලට කියල මහ දෙයක් යනවෑ. fan යකා වගේ දිවිලි නෑ, overheat නෑ. චෝටා චෝටා game, චෝටා චෝටා fun 😂!

   දැන් තියෙන එක (වමේ) හා යාළුවෙක් දුන්න එකක් 
(දකුණේ). ඒක gaming මීයෙක්. උණු හින්ද බොන්නත් බෑ කිරි හින්ද අහක දාන්නත් බෑ වාගේ තමයි. පේනවා නෙ සයිස් එක.

 

අඹ වගේද ජම්බු කිව්වට, ලේන ජම්බු ගහේ ආයේ නගී ආයේ බහී කියල තමයි... ඒ සිද්ධිය ඇහින් දැක්ක කෙනා කටඋත්තරට දීල තිව්නෙ.

 

කොහොම උනත් ඔය ලේන්නුත් අඹ, ජම්බු ආදී පලතුරු කනව ඇත්තෙ හිටං හොඳ සරීර සෞඛ්‍යකට වෙන්න ඇති නෙ. ඒ නිසාම උන්ගෙ දතුත් හොඳ හයි හත්තියට ඇති. නැත්තං අපිට පොඩි කාලේ ඉඳල කියයිද... ලේනෝ ලේනෝ මේ දත අරගෙන මට කැකුළු දතක් දියෝ කියන්නය කියල. ඇත්තෙන්ම ලේන්නු එහෙම හුවමාරුවකට කැමතිද කියල මංනම් හරියටම දන්නෑ ඕන්. උන් ඒකට කැමති නම්... ලේන්නුයි අපියි දෙගොල්ලොම තාම ඉන්නෙ පරණ භාණ්ඩ හුවමාරු යුගේ. මේක ගැන අපිට කියල දුන්නෙ ඉක්කොලේ ටීචර්. චීටර් උනත් සාරසොබාවට, ලකේට හිටියෙ එයත් යහමින් පලතුරු කන හන්ද වෙන්ට ඇති... සල්ලි දීල අරගෙන හෙම.

 

කොහොම උනත් දොස්තරගෙ ඉඳල ඕන කෙනෙක් කියන්නෙ... පලතුරු කෑම ඇඟට හොඳයි කියල නෙව. මේන් කාලෙකට ඉස්සර අපේ මුත්තෙකුත් කැලේ පීරමින් පලතුරු කකා ආතල් ජීවිතයක් ගෙවාපු හැටි.

 

අඹ දඹ නාරං කෙසෙල් දෙල්

පනා කකා මේ වනා සැපා ලබනෙම්//

 

ගංගාවේ ඕලු ඇත්තෙ ඒවාගේ කෑම නැත්තෙ

ඇත්තෙ පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපේ//

 

අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්//

පක්ෂි නාදේ රෑත් ඇසේවී හීන් හඬම දෙත්මැයි//

 

මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා//

 

විසාල මේ වනේ මං

ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්//

 

වාසෙ සොඳා බැද්දෙ මෙදා ප්‍රීති සදා වෙයි නිබඳා

බෝ මාදං ඇත්තෙ මේ ගසේ//

 

අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ

වනා සැපා ලබනෙම්////

 

රාමාණය නූර්ති ගීයක් 

පද රචනය - ජෝන් ද සිල්වා

ගායනය - ෂෙල්ටන් පෙරේරා

 

මේ පලතුරු/කෑම සිංදු පෝස්ට් එක දාන්න හිතුණේ ඇත්තටම "නවල අන්නාසි" කියන වෙනස් විදිහකට ලියවුනු පද පෙළ නෙත ගැටුණු නිසා. අඹ, දඹ, නාරං... නූර්ති ගීයත් එක් කලේ එහිත් මෙයට සමාන පද පෙළක් තියෙන නිසා. ඒත් නූර්තියට එය එක් කරගන්නැත්තෙ වෙන කාරණයක් මතු කරන්න වෙන්න ඇති. (ඒ ගැන නොදන්නෙ නූර්තිය හදල තියෙන්නෙ මං ඉපදෙන්නත් කලින් නිසා 😂).

 

ගීයක් ලියන්න ආදරයම විෂය වෙන්න ඕනද. නැත්තං මව්-පිය ගුණ, වියෝ, ජාත්‍යාල, බැති... ගී වගේ ඒකාකාරී සීමාවක් නැතුව වෙනත් දෙයක්/යමක් ගැන ලියන්න බැරිද. ඒකට පොඩි පරීක්ෂණ ගීතයක් වගේ මට මේක දැනෙන්නෙ.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන මේ සිංදුව ඔයාල එකපාරක් හරි අහල ඇති. මේක ගැන නිකමට හොයනකොට දැනගන්න ලැබුණ මේකත් පැරණි ගීයක නව ගායනක් කියල. එකේ විස්තර වෙන බ්ලොග් එකක (ගී අරණ Blog) දැක ගන්න ලැබුණ. එතැනින් අරන් මෙතැන ඒ විස්තර දාන එක හරි නැති නිසා ඉතින් ඒ අඩවියටම ගිහින් ඒ ලිපිය කියවන එක හොඳයි නේ. ඒ හන්ද ඒ link එක පහළින් දාන්නම්!

ආ තව දෙයක් මේ ගී පද පෙලේ හමුවෙන ගල්කිස්සෙ සීනක්කු... සීනක්කු. ඒකත් google විපරමක් දාලම බැලුව. බලද්දී කාල තියෙනව නම හරිහැටි නොදන්නව උනාට 😂. වැඩියම දන්නෙ වන්ඩු ආප්පකියල නෙ. අඩ කියලත් කියනවාලු.....


සීනක්කු, වන්ඩු ආප්ප, අඩ

 

නාවලඅන්නාසි ගීයේ ඉතිහාසය හා පද රචනය (නව හා පෙර) - ගී අරණ බ්ලොග් අඩවිය 👉

 

පලතුරුවල හිතකර බව හා ගුණ මිහිර - සිළුමිණ පුවත්පත 👉

 

 

ඒකී කී දෙනෙක් එක්ක නම් ගියාද ආ. මහ වේ#siයක්. හතර අතේ යනව. සමහර දාට රෑටත් මග. එන්නෙ මහ පාන්දර. පිරිමි කීයක් නම් ඔය ගේ ලඟට ඇවිත් කෑ ගහල ඇද්ද ඈ. සමහර උන් එක්ක රණ්ඩු... මරාගන්නව. ළමයි; ළමයිම කීයක් හැදුවද. සමහර උන් මැරුණ. සමහර උන් ආගිය අතක් නැතුව ගියා. අන්තිමට ඒකිත් දැන් ඔන්න යන්න ගිහින්........

මිනිස්සු ඔහොම කයි කතන්දර කියන්න තිව්න අපේ ගෙදර හිටි පූස් හාමිනේ මිනිස් හාමිනේ කෙනෙක් උනානම්. කියන්නත් sad එයා මළා. ගෙදර අය වැඩි ආදරේට කිව්වෙ කිටි පුංචි. පුංචි කිව්වට ඇඟෙන් ඒ හැටි පුංචිමත් නෑ. වයසෙන් පුංචිත් නෑ. මගෙ පුංචි ජීවිතෙන් ගත්තොත්😃 භාගයකට කිට්ටු වෙන්ට වාගේ මේ පූස් ලලනාවව මං දැකල තියෙනව. ඇත්තටම පූසෝ අවුරුදු 12, 15 කට වඩා ජීවත් වෙනව කියල මං දැන ගත්තෙ අපේ එකාට පිංසිද්ධ වෙන්ට. විස දෙයක් කැවිලද මොක වෙලාද මන්ද, පෙරේද ඉතිං එයා ගියා. ඇත්තම කියන්න එපෑ ගියයි කියල එහෙමටම තියා කොහොමටමවත් ලොකු දෙයක් දැනුණේ නෑ මට. දැන් කස්ටිය හිතයිද දන්නෑ මං කිසි කරුණාවක් නෑය කියල. ඒත් ඇත්ත මං කිව්ව ඔන්. ඒ වගේම ඉන්න කාලෙ පුළුවන් හැටියට ඌට යහමින් සැලකුව.

කාලෙකට කලින්.........

අපේ ගෙදර හිටි පූසන්ගෙන් මට මතක මුල්ම එකත්... පූස් නාම්බියෙක්. අර army short වල වර්ණයේ ටිකක් saturation අඩු කළු වැඩි පැහැයක් තියෙන්නෙ, ආන් ඒ කලර් එක ඌට තිවනෙ. ඒකි සැරින් සැරේ ළමයි හැදුව. ඒ ළමයි අම්මට කලින් වාෂ්ප උනා. අන්තිමේ අම්මටත් මොක උනාද මන්ද... ආගිය අතක් නැතුව ගියා. මං එතකොට ඉක්කෝල යන පොඩි වයස. ගෙදරින් විපරම් කරත් මිනිය තියා හෝඩුවාවක්වත් හම්බුණේ නෑ මයෙ හිතේ. ඌගෙන් හම්බුණ ලාස්සනම පැටිය පිරිමි එකෙක්. කොටි typeමයි. මං කිව්වේ හමේ පාට ගැන😏. දැක්කොත් එකපාර අඳුරගන්නව බොරු... මූ පූසෙක් කියාල හිටං. ඌත් අම්මට කලින් අන්තරස්දාන උනා හෝඩුවාවක් නැතුවම. ලස්සන හන්ද කවුරුහරි ඉස්සුවද මන්දත්.

ඔහොම ඔහොම ගිහින් තමයි මේ දැන් කියන, ළඟදී නැති උන පූෂ් මොටා අපේ ගෙදරට ආවේ... කාලෙකට කලින්. ආවේ කිව්වට ඌම ආවද, ගෙදර කවුරුහරි ඇන්න ආවද කියල මට මතක නෑ. බොහෝ විට කවුරුහරි ගේන්න ඇති. මොකද ඌට, ලේන් එකෙන් අපේ ගේම තෝරගන්න විසේස හේතුවක් තියෙන්න විදිහක් නෑ නෙව. ගෙදරින් හරියටම විස්තර අහල මේකෙ ලියන්නය කියල හිතේ අදහසකුත් නෑ. ඒ හන්ද දන්න විදිහට ලියන්ටම්... ඇහැක් විදිහකට ඔයාල මේක කියවන්න.

ලියන්නම් කිව්වට ඉතිං ලියන්නයි කියල එහෙමට දෙයක් කම්පනා වෙන්නෙත් නැති තරම්. අර උඩහින්ම කියල තියෙන විදිහට අපේ එකාට වටෙන්ම පූසන්ගෙන් ඇල්ම බැල්ම. ඒක හන්දම වෙන්න ඇති කීප සැරයක්ම ඌත් බඩ උනේ. උගේ ළමයිත් විසිරුණා. අන්තර්දාන උනා. මැරුණා. ඒත් මව්තුමී... කාලයක් අල්ලල හිටිය. කාලයක් කිව්වට අවුරුදු 13කටත් වැඩී. මූ මැසිමක් වගේ පැටව් දාගෙන එන හින්දත්, ඒක ඌට කරදරයක් කියල අපේ අයට හිතුන හන්දත් වෙන්න ඇති... ගෙදර අය පූස් මමීව ගෙහින් ඔපරේසන් කෙරෙව්ව.

ඒක හොඳක් උනාද නොවුනද දන්නෙ නෑ... ඒත් පූසිට අනික් කරදර නම් එහෙමමයි. යන තැන සමහර පූස්ල වහලවල් උඩ හිට බලන් හිටිය. සමහරු ගේ ලඟට ඇවිල්ලත් කෑ ගහන්න ගත්ත. එහෙමත් කෑ ගැහිල්ලක් අම්මප. අවුරුදු 100කින් විතර රතිකෙලියේ යෙදිල නෑ වාගේ. සමහර වෙලාවට ඒ කෑගහන එවුන් ගැන දුකයිත් එක්කල. ඒ වගේම හිනත් යනව. මේ කෑගහන්නෙ වේදනාවට නෙව 😂😂. අපේ පූසි කාන්තාව, මිනිස් කාන්තාවන් වගේ පූස්ලට අගේ පෙන්නනව වත්ද. බුදියනව කියල ඉතිං හැම එකත් එක්කම වෙලාවක් කලාවක් නැතුව ඉන්න ඈ. නේද අනේ?

අහල පහල ගෙවල් මොනා හිතනව ඇතිද කියලත් හිතෙනව... ඇයි ඉතිං පූසෝ කෑගහනව කියන්නෙ මළගෙයක් අත ළඟ කියල මතයක් හෙමත් තියෙනවනෙ. කරුමෙට හෙට මොකෙක්හරි මැරුණොත්. අර මිනිහ මැරුණේ අපේ ගේ ළඟ පූසෝ කෑ ගහපු හන්ද. සමහර දවස්වල ඕව හිති හිති... හිනාවෙලාවම නින්දට යන වෙලාවලුත් නැතුව නෙමේ. බැ.රි.වෙ.ලා..වත් මං මැරුණොත්. නෑ නෑ තව කල් තියෙනව ඒවාට 😂😉

පූසි අපේ ගෙවල් ළඟම වෙන ගේක කාලයක් හිටිය. වැඩි හරියක් එහෙ, ටිකක් මෙහෙ. ඒකට අපේ බලු නාම්බෝ දෙන්නත් වග කියන්න ඕන ටිකක් හරි. ඒ ගෙදර ජෝඩුවට ළමයි නැති එකේ මූව ළමය කරන්. පස්සේ ජෝඩුවට ළමයෙක් හම්බුණා 😂. වැඩි සැලකිල්ල ළමයට යන එක බලන් ඉන්න බැරුවද කොහෙද ගෑණි අපේ ගෙදරට ආයෙම බින්න බැස්ස. හොඳම වැඩේ කියන්නෙ පහු කාලේ ඒ ගෙදර අක්ක පූසව හොයල, අපෙ අම්මට කෝල් කරල අහනව කෝ කියල. අහල අපේ දිහා හිටියොත් එක්කං යනව.

දන්න විදිහට පූස් සංහතියම කම්මැලි නෙ. වැඩි හරියක්ම නිදා ගන්නව. අපේ එකත් එහෙම්මම තමා. සමහර වෙලාවට කෑම එක තියල කතා කරාමත් එන්නැතුව කම්මැලිකමේ ඉන්නව. මොන කම්මැලිකම තිබ්බත් කකුලේ ඇතිල්ලෙන්න රුසිය. කතා කරල එන්නැත්තම් මං කරන්නෙ හිට... කකුලෙන් බිමට පොඩි තට්ටු දාන එක. ඒක දැක්කම ඌට ඉහිළුම් නැතුව එනව කකුල ගාවට. ඇතිල්ලෙන්නයි, කකුලේ පෙරලෙන්නයි. සමහර දවස්වලට ගේට්ටුව ගව ඉඳන් කෑ ගහනව... බලු තඩියෝ දෙන්න මුර හන්ද. ඉතිං අපි උස්සන් එන්න ඕන ගේට්ටුව ගාව ඉඳන් ගේ ඇතුළට. ඒත් මූ මේක හිතලම කරනවදත් මන්ද. මොකද බල්ලො දෙන්න කුලප්පු නොකර ගෙදරට එන හැටි ඌ දන්නව... දුවන්නැතුව හීන් සැරේ. පහු කාලෙනම් වයස හන්ද තාප්පෙ උඩින් පනින්න දෙතුන් සැරේ වාරු ගන්නව දැක්ක හින්දා තේරුණා වයස එක්ක පෙර සෙල්ලම් ඌට දැන් බැරිය කියලත්.


සමහර දාට ගේ අස්සෙ ඉඳල රෑ එළියට යන්න කෑ ගහගෙන එන්නෙ මයෙ කාමරේට. නින්ද කැඩුනත් ගහන්න කියලෑ. මොකද යකෝ කියල ඇහුවම.... ඤෑස් ගානව. ඉතිං දොර ඇරල දෙනව යන්න. ඒ කරලත් ලේසියෙන් යන්නෙ නෑ. දෙතුන් සැරේ මොනාහරි කියොල කකුලේ ඇතිල්ලිලා තමයි යන්නෙ.

මේ පාර ගියා... ගියා ගියාමයි. ආයේ ඒ ඤෑස් නෑ 😐


 

වසර විස්සකට පසු

ඔන්න නෝනයි මහත්තයයි විසිවන... විසිවෙන නෙවෙයි, 20වන විවාහ සංවස්තරය නිමිති කරන්, දෙවැනි හනිමූන් ගමනක් ගියා.

ඇද ගාවට ආපු නෝනා හස්බන්ගෙන් ඇහැව්ව 'ඔයාට මාව මුලින්ම දකිද්දී මොකද හිතුණේ' කියල.

හබී කිව්ව 'මට ඕන උනා ඔයාව පිස්සු වැටෙනකම් ඉඹල, ඔය පියයුරු දෙකේ එල්ලෙන්න'. එහෙම කිව්වම නෝන ආදරෙන් හබී ගාවට ඇඳුම් උනල ඇවිත් 'දැන් මොනාද ඔයාට හිතෙන්නෙ කියල ආදරණීයව ඇහැව්ව.

'හ්ම්... මං හිතපු දේ කරල තියෙනව වගේ'

 

Good Night

ඔන්න සුදු ජෝඩුවක් හොඳටෝම රණ්ඩු වෙලා හිට නිදා ගන්න ඇඳට ගියා. මහත්තය පොරෝනය ඇදල අරන් 'සුබ රාත්‍රියක්... දරුවෝ තුන්දෙනාගේ අම්මෙ' කියල කිව්ව.

නෝනත් 'සුබ රාත්‍රියක්... දරුවො දෙන්නගෙ තාත්තෙ' කියල අනික් පැත්ත හැරිල නිදා ගත්ත.

 

Ester plan

Wife - what are your plans for Ester?

Husband - same as Jesus...

Wife - what do you mean?

Husband - I will disappear in Friday and reappear on Monday!

Wife - that's awesome, if you do that, I will also do like Mary.

Husband- what do you mean?

Wife - show up pregnant untouched by my husband.

 

ආදරේ තරම

යාළුවා 1 - මචං මං ඒකිට ආදරෙයි බං

යාළුවා 2 - යකෝ. ඒකිට 15යි. උඹට 28යි

යාළුවා 1 - මචං වයස කියන්නෙ නිකම් අංකයක් විතරයි

යාළුවා 2 - එහෙනම් හිරේ කියන්නෙත් නිකම්ම කාමරයක් විතරයි

 

ජීවන චක්කරය

කොම්පැනියේ ලොක්ක තමුන්ගෙ සෙකැට්ටිට කියනව 'මට සතියකට ඇමරිකාවේ යන්න වෙනව. ඔයත් යන්න ලැහැත්ති වෙන්න' කියල හිටං

සෙකැට්ටි මිසී, හස්බන්ඩට කෝල් එක්ක අරන් කියනව 'මට සතියකට බොස් එක්ක ඇමරිකාවට යන්න වෙනව ඩාලිං' කියල.

ඒ හස්බන්ඩ හොර ලව්එකට කියනව 'වයිප් සතියකට රට යනව. අපි දෙන්න මේ ටිකේ හොඳ ෆන් එකක් ගමු' කියල.

හොර ලව්එක, තමුන්ගෙන් ටියුසන් ගන්න පොඩි කොල්ලට කතා කරනව. 'පුතේ අම්මට කියන්න මේ සතියෙ පංති නෑ කියල'

පොඩි එකා සීයට කෝල් කරනව. 'සීයේ ලබන සැරේ නෙමේ, මේ සැරේ මාව බලන්න එන්න. මේ සතියේ පංති නෑ'

සීය වෙච්ච කොම්පැනියේ ලොක්ක... ආයේ සෙකැට්ටිට කියනව 'ඇමරිකා යන වැඩේ කැන්සල්ය කියල හිටං.

සෙකැට්ටි තමන්ගෙ මිනිහට කෝල් කරල කියනව ගමන කැන්සල් කියල.

මිනිහ, හොර ගෑණිට මේ බව දන්නනව.

හොර ගෑණි වෙච්ච ටියුසන් ටීච, පොඩි එකාට කෝල් කරල කියනව. පුරුදු විදිහටම පංති තියෙන බව කියල.

පොඩි එකා ආයෙම සීයට කියනව. සීයේ එන්න එපා. පංති වෙනද විදිහටම තියෙනව කියල හිටං.

සීය වෙච්ච කොම්පැනියේ ලොක්ක...........

 



සිරාගෙ දොස්තර

සිරා, අලුතෙන් ගත්ත කාර් එක පැදගෙන යන ගමන්... දඩාස්. මනුස්ප පරානයක්ව හැප්පුව.

මොනා උනත් ඔයාගෙ හොඳ වෙලාව

ඒ ඇයි ? හැප්පුන මිනිහ වේදනාවෙන් ඇහැව්ව.

ඉස්පිරිතාලේ තියෙන්නෙ මේ ළඟ... යමු මං එක්ක යන්නම්.

යකෝ මං තමයි ඒකෙ එකම දොස්තර. ලෙඩා, ඒ කියන්නෙ දොස්තර කිව්ව.

ඉතිං තවත් හොඳයි නෙ. දොස්තරටම බැරිය බෙහෙත් දා ගන්න. මං යනව! සිරා කිව්ව 😂

 

චීන ළමයි

 

පස්වැනි ළමය ලැබෙන්න හිටපු කාන්තාවක්... රෝහලේ බොහෝම බය බිරාන්තව ඉන්නව දැක්ක න(ර්)ස් නෝන ඇවිත් ඒ ගැන ඇහැව්ව. 'ඔයා කලින් හතර පාරක්ම ප්‍රෙග්නන්ට් උනානෙ'

'ඔව් මිසී. ඒත් මෙහෙ පත්තරේක තිබුණ... සෑම ළමයි පස් දෙනෙකුගෙන් එක් කෙනෙක් චීන ළමයෙක් වන බව'

මේ හොස්පිටැල් එක චීනයේ ආධාරවලින් හදපු එකක්. ඒ නිසා නිතරම චීනෙ විස්තර තමා අහන්න දකින්න තියෙන්නෙ. ඉතිං මහ හයියෙන් දාල තිබුණ ඒ රේඩියෝවකින්... තවත් ගෑණු කෙනාට මෙහෙම කතාවක් ඇහුණ.

'සෑම තප්පර තුනකට වරක් චීනයේ කාන්තාවක් දරුවෙකු බිහි කරයි'

කවුද යකෝ ඒ ගෑණි! අර කාන්තාවට ඉබේම කියවුණා.

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්