පිරිමියා කැමති ගැහැණිය පෙන්වන උපකරණයක්

 ඔයා මට ඇත්තටම කැමතිද ?, ඔයා කැමති ඒ ගෑණිට නේද?” මේ ආදී ප්‍රශ්න ප්‍රේමවන්තයාගෙන් හෝ සැමියාගෙන් ඇසීමට හෙට දවසේ කාන්තාවකට තව දුරටත් සිදු නොවේ. ඒ විද්‍යාවේ හා තාක්ෂණයේ ආශ්චර්යෙන් පසුගියදා එළිදැක්වුණු නවතම උපකරණයක් නිසාවෙනි.



මේ උපකරණය ඉදිරියේ සිටින පිරිමියා හට කාන්තාවකගේ ඇසෙන නම, පෙනෙන රූපය මගින් ඔහුගේ සිතුවිලි හා ශරීරයේ ඇතිවන උත්තේජන, රසායනික හා හෝමෝන ක්‍රියාකාරකම් ආදී දේ මිනුම්ගත කරමින් තත්පර කිහිපයක් ඇතුළත ඒ පිරිමියා අර කාන්තාව හට දක්වන්නේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දැයි, මොන විදිහේ කැමැත්තක්/අකමැත්තක් දැයි මේ උපකරණය මගින් පෙන්වා දෙයි. වැඩිදුරටත් මෙම උපකරණය පිළිබද කරුණු දැක්වූ ජෝන් හොප්කින්ස්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් වන සමන්තා බැරට් පවසා සිටියේ මෙහි, වඩා නවීකරණයකින් යුතු උපැස් යුවලක් සේ පැළඳිය හැකි eye captcher උපකරණයක් ද සකසා ඇති බවත් එය මේ මස වෙළඳ පොලට නිකුත් කරන අතර එළඹෙන අප්‍රේල් ප්‍රථම දින සියලු දෙනාට මිලදී ගැනීමේ පහසුකම සැලසෙන බවද සතුටින් දන්වා සිටියාය. මේ අතර සියලුම අන්තර්ජාල අඩවි හරහා මිලදී ගැනීමේ පහසුකම්ද සලසා ඇති අතර විශේෂ පාරිභෝගික අංකයක්ද ඔවුන් හඳුන්වා දී ඇත.

මෙම eye captcher උපකරණය නිමවුමේ පරීක්ෂණය සිදුකර තිබෙන්නේ පිරිමි පාර්ශවය පමණක් සම්බන්ධ කරගෙන නිසා නවමු පරීක්ෂණයක් කාන්තාවන්ද සම්බන්ධ කරගෙන කරන්නට අදහස් කරන බව හොප්කින්ස්න් විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායම මාධ්‍යට එහිදී දැනුම් දුන්හ.

“අපි මේක මුලින්ම කරේ පිරිමි සම්බන්ධ කරගෙන. පිරිමි හා කාන්තා ශරීර පද්ධති, සංයුතිය ගත්තහම එකිනෙකට වෙනස්. ඒ නිසා අපිට සිද්ධ උනා දෙගොල්ලන්ගෙන් එක් පාර්ශවය මුලින්ම තෝරා ගන්න.”


“ගොඩ දෙනෙක් මේ eye captcher උපකරණය ගැන විවිධ අසත්‍ය තොරතුරු ඵල කරනවා. විශේෂයෙන් පිරිමි පාර්ශවය. මෙයින් පුද්ගල සම්බන්ධතා, පවුල, පුරුෂ සමාජය බරපතළ අර්බුදයකට ලක් කරන බව පවසමින්. නමුත් අපි කියන්න කැමතියි මෙතෙක් බිහි උන කිසිම උපකරණයක් සමාජයට හානිකර නෑ මිනිසා තරම්... අපි මේක කාලයත් සමග භාවිත කිරීමට හුරු වේවි. ඒ නිසා පිරිමි පාර්ශවය මේ සම්බන්ධව කලබල විය යුතු නැහැ. වැඩිමනත් පිරිමියාට තමන් කැමති කාන්තාව සොයා ගන්න පවා මෙය උදව්වක් වේවි” සමන්තා මහාචාර්යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියාය.

ඇය එහෙම කිව්වට....... මේක පිරිමින්ට අහන්න හම්බෙන හොඳ news එකක් නම් නොවේ. තමන්ගේ ගෑනි, පෙම්වතිය මේ කන්නාඩි කුට්ටම දාගෙන ‘ආ දැන් තමුසෙ ඊයේ කාත් එක්කද උකුළු මුකුළු කරේ....ආ. අර සඳුනි එක්කද, රේඛා, චමරි.. ඕම කියාගෙන යද්දී වැඩේ අතේ මාට්ටු.... කාත් එක්කද වැඩපලේ සෙට්, හොර එක කවුද කියල හැංගිලි බොරු. වෙනද වගේ මරිසියක් දාන්නත් බෑ මේ මගුල් ගැජමැටික් එකක් නිසා.

අනිත් එක මේ ගැජමැටික් එක විකුණ ගන්න මහාචාර්යවරු මොන කතා කිව්වත් කෙල වෙනව ඕන පුරුස පරානයකට... ඇඩ්රස් නැති වෙන්නම. ගෙදරට, පෙම්වතියට අහිංසකය වගේ හිටපු කොලුවගෙ වංහුන් එළිවෙලා... සායම යයි. ඇඟේ පතුරකුත් එක්ක. කන්න වෙන ගුටි පූජාත් මදි නොකියන්න. පෙර සම්බන්ධ දිගෑරෙන.... ඒ අස්සෙ බිරියට බොරු කරන් ලස්සනට පවුල් කෑ කස්ටියගෙත් මළගම තමයි මේ වෙන්න යන්නෙ.

ඒම බැලුවොත් ඉතීම් අපේ රටේ බාගෙට බාගයක් විතර පවුල්, සම්බන්ධකම් කැඩෙන්න පුලුහං පොටක් තමයි එන්න යන්නෙ. සමාරක් විට ලෝකෙම වෙන්ටත් බැරි නෑ. එහෙව් එකේ මේක ලංකාවට නාවට කමක් නෑ වාගෙ.... මේ තියෙන හැටහුටාමාරක් පුරස්න අස්සෙ.

අෆ්ෆා තවනං ලියන්ට බෑ.. මේ ලයිට් කපන අෂ්ශෙ.... මං කල්පනා කරේ ඇත්තටම ඒම දෙයක් උනොත්.. ඉඳල ඉවරයි නෙ.

*********

 

ඒනම් අපිරියෙල් පළමුදා ලබන්නා වූ ලෝක මෝඩයින්ගේ දිනය හැමෝටම සුබ දිනයක් වේවා.😆

40 comments:

  1. පුහුල් හොරා කරෙන් දැනෙයි කියා ඇත
    දැන් කාලයට ඒවා ගැළපෙන්නෙ නැත
    කන්නාඩියට හොර අහුවෙනවා නියත-
    දවසට අලුත් පිරුළක් සෙවුමටය හිත

    ReplyDelete
    Replies
    1. හෙ..හ්හෙ. හොයමු හොයමු නිදි

      Delete
  2. හොඳ වැඩේ! ඕකෙන් දුසිමක් ගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. මේම එකක් හදපු දාසට ඉතීම්...

      Delete
  3. කීප විටක් කුරුමානං අල්ලලා පබිලිස් කරන කොටම මට හිතුනා, මේක නං අමූලික ඇත්තක් කියලා.🤔🤣😂

    ReplyDelete
    Replies
    1. පොඩි අප්සොට් වෙනවා බෂ්... මේක ඉතීම් ලංකාව නෙව

      Delete
  4. Replies
    1. හැටහුටා69මාරක්

      Delete
    2. එසේම වේවා කියපු එක තරයේ ප්‍රතික්සේප කොන්නව... හිටන්

      Delete
  5. හී හී හී Nice try!!

    "මෙතෙක් බිහි උන කිසිම උපකරණයක් සමාජයට හානිකර නෑ මිනිසා තරම්". අන්න ඒක නම් ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ඒවා හැදුවෙ ඉතීම් මිනිෂ්ශුමනේ.....

      Delete
  6. හත්තික්කේ.... මේක මහ බයානක උපකරණයක්නෙ.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ.... ලෝකයේ වස විසක් නැත වෙන- මිනිස් විස වාගේ......

      Delete
    2. ආ ඒකියන්ටේ පෂා ඇම්බැට්ටකම් කොරල තියේ....
      ඒකනම් ඇත්ත නිදි....

      Delete
  7. ඔි්කත් අර බීමත්කම අල්ලන්න හදපු උපකරණය වගේ මහ එපා කරපු නිෂ්පාදනයක්. හදපු එකාට තේරෙයි හෙට උදේ වෙනකොට.

    ReplyDelete
    Replies
    1. හ්ම්..... හොඳ වෙලාවට එහෙනම් එහෙව් එකක් තාම හදල නැත්තෙ නෙ ඩ්‍රැක්ස්

      Delete
    2. හදල තිබුණත් අපේ අයියලා දවසින් දෙකෙන් කඩනව ඔ්ක.

      Delete
  8. කලකට පෙර විද්‍යා ප්‍රබන්ධයක් කියෙව්වා. ඒක ලියවිලා තිබුනේ සෑම පුද්ගලයෙකුගේම නලලේ සවි කෙරෙන චිප් එකක් ගැක. කෙනෙක්ගේ සිතේ තමා ඉදිරියෙන් සිටින කෙනා ගැන ලිංගික ආශාවක් ඇති උනොත් ඒ චිප් එක රෝස පාටට හැරෙනවා. පොතේ නමවත් ලේඛකයාගේ නමවත් දැන් මතකයේ නෑ. නමියගේ වීදියේ පොත් කඩේකත් මේ පොත තිබිල ද මන්දා.

    ReplyDelete
    Replies
    1. එහෙව් පොතක් නම් කියෝලා නෑ Litseekerතුමෝ.. ඕම විකාර එකක් හැදුවොත් නම් පුරුස පරාන ටිකට ඉන්න වෙන්නෙ මලගිය පරාන වගේ 😄😄

      Delete
  9. අම්මප ඔහෙත් කරන වැඩ.
    මෙහේ ලයිට් නෑ, තෙල් නෑ, ගෑස් ණෑ. කාබනික අකාබනික මක්කවත් නෑ. ඒ අවුඅස්සෙ ඔහේ මේ තියෙන රෙද්දත් නැතිකරා..න්න ගැජට් හදනවා.

    https://www.youtube.com/watch?v=E-E2nogpQHg

    මේ එක නෙවේ අලි ගහනවද ඔහෙට?
    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. අපි ඉතීම් ශිරා ෂීනුත් ජෝක් එකකට ගන්න කස්ටියනේ හැට්ටර්.... පේනවා නෙ වෙච්චි වැඩේ ඔස්කා එකේ

      Delete
  10. උපන් දින තෑගි හෙට එලිවෙද්දී බලාපොරොත්තු වන්න...

    https://drackey.blogspot.com/2022/03/blog-post_31.html

    ReplyDelete
    Replies
    1. උපන් දින.... ඒ මොකක්ද ඩ්‍රැක්ස්. ඒම දිනයක් උපන්තේකට මං අහලා නෑ.. ඒ නිසා තෑගී ඔගේම තියා ගනු

      Delete
    2. අඩෝ! හැපි බර්ත්ඩේ ඈ... තව පැය බාගෙකින් විතර...

      Delete
    3. ඔය පැය බාගේ රබර් වෙන්ටැ!

      Delete
    4. මුගෙ ඔලුව කොහෙ හරි වැදිලා නිදි.......

      Delete
  11. https://www.youtube.com/watch?v=coFCa7k4iyg

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=3nllrCss2CU

      Delete
    2. ඒ පිචෑර් එක පට්ට ඩ්‍රැකියො. ස්තූතියි ඔත්තුවට🙏👌

      Delete
    3. බෝයි ඩ්‍රැකීයයි කොන්න වැඩේ හරිද බෂ්... යු බටේ හල හල යන්නෙ.
      බලන්න ඩේටා නෑ අපේ හාමුදුරුවනේ......😄😄

      Delete
    4. මෙහාට පකිස්තානෙන් එන හාලක් තියෙනවා"පක්වාන්" කියල. මම ඕකට කියන්නෙ, "පක්වාන් දහසකට බුදුවන්ට" කියලයි. පක්වාන් දහසකට බුදුවන්ට, පිං ඇති හාංදුරුවනේ, වැඩේ අන්තිම වැරදියි. දැන් අපි එක අම්මගෙ දරුවො වගේ, අපි ලෑස්ති වෙන්ට ඕනෙ රට ගොඩ ගන්න, අන්න ඒකයි අපි කියන්නෙ හාංදුරුවනේ.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. Replies
    1. මොනා කල්පනා කොරනනෙයි.... බොරුවක් නෙව අප්‍රේල් 1 වෙනිදා වෙනුවෙන් ඇද බෑ.....😄😄😄

      Delete
  14. කසාද බඳින්නේ නැතිව හිටියම හරි තරුණ අයට. අපට තමයි ප්‍රශ්නේ. ඕක හැක් කරන්න විධිහක් හදාගෙන , යවනව ෆෝල්ස් ඩේටා . ඔයාගේ හස්බන්ද හැම වෙලේම ඔයාටම විතරයි ආදරේ - වගේ එකක්. 😁

    ReplyDelete
    Replies
    1. මේම එකක් ආවත් ඒනම් බයවෙන්ට දෙයක් නෑ ඉතීම්..😄😄😄

      Delete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්