Of Fathers And Sons (2017)

 අන්තවාදී වීම මොනතරම් භයානක ද?. අන්තවාදය මොනතරම් භයානකද?. වචනය පවා භයානකයි වගේ.

අයෙක් /පිරිසක් තමුන් හරි යැයි සිතා ඒ මතයේ දැඩිව එල්බ අනෙකාටත් එය පැටවීම, තම මතයම ජය ගැනීමට හා එය පොදු බවට පත් කිරීමට යෑම, අන් මත දැඩිව නොයිවසීම හා පිළිකෙව් කිරීම මොනතරම් සාධාරණද යුක්ති සහගතද... නවීන ලෝකය යැයි පාරම්බාන අද පවා සිදුවන දෙයකි මෙය.. මේ මොහොතේ පවා. සෑම කෙනෙක් තුළම අඩු වැඩි වශයෙන් කිව්වොත්... ඔබ පිළිගනීවිද?. බොහෝ දෙනෙක් එය පිළිනොගනී. සමහර දාර්ශනික මතයන් වලට අනුව අප තුළ තවමත් ගෝත්‍රික, පරිණාමනය නොවූ හැසිරීම් මතු වීමේ හැකියාවක් තියෙනවා යැයි පවසයි... ජානමය වශයෙන් එනවයි කියන්නෙ. කොහොමින් උනත් මේ වගේ හැසිරීම් යම් ප්‍රමාණයක් හෝ තියෙන එක පුද්ගලයෙක්, පවුලක හිටියහොත් ඒ පවුලට ඔහුගෙ/ඇයගෙ ඒ හැසිරීම් මහ වදයක්, කරදරයක්...

අයෙක් තව අයෙක්ට කරනා මේ දෙය දුරදිග ගිහින්.. සමාජයේ යම් පිරිසක් සමස්තයට තම දැක්ම, මතවාදය පටවන්න හැදුවහොත් ?? එසේ කිරීම හෝ සිදුවීම පැහැදිලිවම අන්තවාදයකි. අන්තවාදී ක්‍රියාවකි. මෙය ආගමේ නාමයෙන් සිදුවුන හොත්... තමුන් අදහන ශාස්තෲ නාමයෙන් සිදුවුණ හොත් හෝ සිදුකල හොත්.. එය ආගමික අන්තවාදයකි. තම ආගමට නිගා දෙන අන්තවාදයකි.

රජයේ හමුදාවන්ට බැඳුණු තරුණයින් හසු කරගනිමින්

අද ලොව බලවත්ම ආගමික අන්තවාදී කණ්ඩායම් වන්නේ ඉස්ලාම් අන්තවාදී පිරිසයි. ඔවුන් තම අන්තවාදී ජිහාඩ් (ශුද්ධ යුද්ධය) වාදය පතුරවමින් තම පසු පරම්පරාවද ඒ වෙත ඇද දමයි. ඔවුන් ඒ සිදුකරනු ලබන්නේ ඉස්ලාම් දහම විනාස කිරීම බව ඔවුන්වත් නොදනී. ඒ ගැන දැක්වෙන වාර්තාමය සිනමා සිතුවමක් තමයි Of Fathers and Sons (2017). චිත්‍රපටය Rotten Tomatoesහි 95%ක් ද, IMDb 7.3ක අගයක් ද, Metacritic හි 70% ක ප්‍රතිශතක්ද ඇතුළුව සම්මාන උළෙලවල් බොහෝ ප්‍රමාණයක් නියෝජනය හා නිර්දේශිත වෙමින් ඔස්කා සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපට තේරීම් ගොන්නටද එක් විය.

උපතින් සිරියානුවෙක් වන තිර රචක හා අධ්‍යක්ෂ Talal Derki නිර්භීත හා රුදුරු අභියෝගයක් ගෙන තම රටේ සිදුවන ශුද්ධ වූ ඉස්ලාම් දේශයක් උදෙසා වන ම්ලේච්ඡ සිවිල් යුධ වැදීම කැමරා කාචයට හසුකරගෙන තිබේ. ඒ සඳහා ඔහු අවුරුද්දකට නොඅඩු කාලයක් අල් කයිඩාවට අනුබද්ධ බලකායක් සමග සම්බන්ධ සිරියානු අබු ඔසාමාගේ නිවසේ රැඳෙමින් සිට ඇත. ඒ ජිහාඩයට සහාය දක්වන යුද ඡායාරූප ශිල්පියෙකු ලෙස ඔවුන් හමුවේ පෙනී සිටිමිනි. එම නිසා මෙහි කිසිඳු රංඟන ශිල්පියෙක් නොමැති අතර සත්‍යයන්ම සිදුවූ අවස්ථා අපට දැක බලා ගැනීමට හැකි වේ.

වැඩිහිටි අඩි පාරේ යමින් ගහගන්න ළමෝ බිම්බෝම්බ හදා ඒවා පුපුරුවා සෙල්ලම් කරන අයුරු

දෙවියන් වහන්සේ අප හට ලබා දුන් ශක්තියට

කෘතගුණ සැලකීම වෙනුවෙන් අප නුඹලාගේ රුධිරයෙන් මේ බිම තෙත් කරලන්නෙමු //

චිත්‍රපටයේ අබු ඔසාමාගේ පවුලේ ඔහු හා පුතුන් අට දෙනා පමණක් දකින්නට හැක්කේ බිරිඳ හා ගැහැණු දරුවන් පිටස්තර ලොවෙන් ඔවුන් දුරස්ථව ජීවත් වන නිසා බව සඳහන් වේ. එය එහි සෑම පවුලකම සිදුවන දෙයකි.

චිත්‍රපටයේ තේමාව වන්නේ පියාගෙන් තම පුත්‍රයාට/දරුවන්ට ත්‍රස්තවාදය කෙසේ පැතිරෙනවාද යන කරුණයි.

තාත්තේ අපි කුරුල්ලෙක් මරල දැම්ම හරියට අර එදා ඔයා මිනිහෙකුට කරා වගේ...  කුරුල්ලෙක් මරණ එක තහනම්ද?

නෑ ඒක දෙවියන්ගේ නිර්මාණ මහිමය.. අපට අවසරයි.

ඒ කියන්නේ උන්ව මවල තියෙන්නෙ අපිට මරන්නද?

ඔව්. උන්ව මවල තියෙන්නෙ අපිට කන්න.

හමුදා පුහුණුව ලබන අතරේ පියාගේ තුවක්කුවෙන් වෙඩි තැබීමට පුරුදුවන ඔසාමා

 

අබු ඔසාමා තම සිහින මත යමින් දරුවන්ගෙන් එක් අයෙක් වන ඔසාමා ‘ෂරියා අධ්‍යයනය සහ හමුදා පුහුණුව’ සඳහා ඔහුගේ අකමැත්ත මත වුවත් යොමු කරයි. ඔහුද තම සංවිධානයට උදව් දෙමින් බිම්බෝම්බ නිෂ්ක්‍රිය හා සාදන්නෙකු වශයෙන්ද, පෙරමුණේ ස්නයිපර්වරයෙක් වශයෙන්ද කටයුතු කරමින් යුද්ධය පවත්වා ගෙන යෑමට කටයුතු කරයි... අනාගත සමාජයටත් එය දායාද කරමින්. එයට දෙවියන්ගේ උදව් ලැබෙන බව හා එය දේව නියමයක් බව ඔවුන් විශ්වාසයයි. ඒ අනුව කටයුතු කරමින් ඔහු තම එක් පාදයක් පවා අහිමි කරගනියි. අධ්‍යක්ෂ Talal Derki සිරියාවෙන් තම පටිගත කිරීම් අවසන්ව පැමිණෙමින් සිටියදී අබුගේ, ඔසාමා නම් දරුවා නොනවතින යුද්ධයකට පුහුණුව ලබමින් අනාගත ගමන් මග සොයා යයි. එය අන්තාවාදීද නැතිද කියා සිතා ගැනීමට අපට එතරම් අපහසු නැත..

අධ්‍යක්ෂ -

මේ රට තව දුරටත් මා කලින් දැන සිටි

මා වඩාත්ම ආදරය කල මගේ මව්බිම නොවේය...

11 comments:

  1. හොඳ විචාරයක්.

    කාළයක් මට හිතුන දෙයක් තමයි, මේ අන්තවාදියො මොන තරම් ගෝත්‍රිකද කියන එක. ඒකෙන් ගම්‍යවෙනවා අපිත් ඇතුලත් සෙසු ලෝකය එහෙම නෑ කියන අදහසක්. ඒත් දැන් බලාගෙන ගියාම, මට ඒකත් සැක සහිතයි. 🤔

    ReplyDelete
    Replies
    1. මනෝවිද්යාවේ ඉඩ් ඊගෝ සුපර්ඊගෝ ගැන පොඩ්ඩක් බැලුවොත් හොඳට තේරෙයි... බෂ්. අපි රාක්ෂයාද, දෙවියද පෝෂණය කරන්නෙ ඔහු අපි තුළ ඉඳි.

      Delete
  2. ඉපිද අනෙකුත් සතුන් වාගෙම, මොකක්දෝ සිදු වූ පිනෙන්;
    එක ඇඟිල්ලක් අනිත් පැත්තට නවන්නට හැකි වුණා වඳුරට අහම්බෙන්
    එතන ඉඳලා මොළේ දියුණුව වැඩි වුණත්, මිනිසා එයින්
    පල ලබනවද? නුවණ මෙහෙයා දයා-කරුණා පිරි හදින්

    ReplyDelete
    Replies
    1. නමී, ඔයාගේ ලිපියයි- බයිස්කෝප් සිංහලෙන් අඩවියේ, හසිත මධුෂාන්ගෙ ලිපියයි (https://www.baiscopelk.com/kinder-des-kalifats-2017-aka-of-fathers-and-sons-sinhala-subtitles/) කියවපුවම හිතුණු දේයි ඉස්සෙල්ලම ලිව්වේ.

      ෆිලුම බලලා කියන්නං ඔයා ලියලා තියෙන දේවලා එකඟ වෙනවද කියලා. කමක් නැහැනේ......

      Delete
    2. හරි නිදි. ඕනෑ එකක් ලියන්ට.... එකඟවුනා නොවුනා

      Delete
  3. ආගම්/ දෙවියන්/ යක්ශයින්/පුද පූජා විස්වාස කිරීම කියන එක බොහොම බලගතු දෙයක් නේද? ඒකෙන් ශක්තිය, වාසිය වගේම විනාශයත් ලැබෙනවා. කිසිම දෙයක් ඕනෙවට වඩා ඕනෙ නෑ කියනවනෙ. විස්වාසය 100% වීම ඒවගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්... අන්ද විස්වාසය කියන්නෙ මිනිස් සංහතියක් විනාස කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා තමා ඤාණනය මිනිසාට බෙහෙවින් අවසය....... එයින් එළබෙන මත, දර්ශන, විස්සාස 100% සර්වහිතකාමී

      Delete
  4. සිරියාව ගැන මගේ අදහස ලියල තියෙනවනේ. මට සිරියන් සහ කුර්දි යාලුවෝ හිටිය ඉගෙන ගනිත්දී. මම ඔය ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායලය සිරියාවට බෝම්බ දාලා ආණ්ඩුව වෙනස් කරනවට විරුද්ධ වුනේ ඉන්න ඒකාධිපතිය ගිඋයහම් එන්න ඉන්නේ ඉට අවදිය දරුණු පිරිසක් නිසා. එපමණයි. ඒක මේ චිත්‍රපටියෙනුත් පෙන්වනවා නේද?

    ReplyDelete
  5. Beasts of No Nation චිත්‍රපටයත් මේ හා සමාන තේමාවක් මත දිවෙන නිර්මාණයක්.

    ReplyDelete

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්