අන්තවාදී
වීම මොනතරම් භයානක ද?. අන්තවාදය මොනතරම් භයානකද?. වචනය පවා භයානකයි වගේ.
අයෙක් /පිරිසක්
තමුන් හරි යැයි සිතා ඒ මතයේ දැඩිව එල්බ අනෙකාටත් එය පැටවීම, තම මතයම ජය ගැනීමට හා එය
පොදු බවට පත් කිරීමට යෑම, අන් මත දැඩිව නොයිවසීම හා පිළිකෙව් කිරීම මොනතරම්
සාධාරණද යුක්ති සහගතද... නවීන ලෝකය යැයි පාරම්බාන අද පවා සිදුවන දෙයකි මෙය.. මේ
මොහොතේ පවා. සෑම කෙනෙක් තුළම අඩු වැඩි වශයෙන් කිව්වොත්... ඔබ පිළිගනීවිද?. බොහෝ
දෙනෙක් එය පිළිනොගනී. සමහර දාර්ශනික මතයන් වලට අනුව අප තුළ තවමත් ගෝත්‍රික,
පරිණාමනය නොවූ හැසිරීම් මතු වීමේ හැකියාවක් තියෙනවා යැයි පවසයි... ජානමය වශයෙන්
එනවයි කියන්නෙ. කොහොමින් උනත් මේ වගේ හැසිරීම් යම් ප්‍රමාණයක් හෝ තියෙන එක
පුද්ගලයෙක්, පවුලක හිටියහොත් ඒ පවුලට ඔහුගෙ/ඇයගෙ ඒ හැසිරීම් මහ වදයක්, කරදරයක්...
අයෙක් තව
අයෙක්ට කරනා මේ දෙය දුරදිග ගිහින්.. සමාජයේ යම් පිරිසක් සමස්තයට තම දැක්ම, මතවාදය
පටවන්න හැදුවහොත් ?? එසේ කිරීම හෝ සිදුවීම පැහැදිලිවම අන්තවාදයකි. අන්තවාදී ක්‍රියාවකි.
මෙය ආගමේ නාමයෙන් සිදුවුන හොත්... තමුන් අදහන ශාස්තෲ නාමයෙන් සිදුවුණ හොත් හෝ
සිදුකල හොත්.. එය ආගමික අන්තවාදයකි. තම ආගමට නිගා දෙන අන්තවාදයකි. |
රජයේ හමුදාවන්ට බැඳුණු තරුණයින් හසු කරගනිමින් |
අද ලොව
බලවත්ම ආගමික අන්තවාදී කණ්ඩායම් වන්නේ ඉස්ලාම් අන්තවාදී පිරිසයි. ඔවුන් තම
අන්තවාදී ජිහාඩ් (ශුද්ධ යුද්ධය) වාදය පතුරවමින් තම පසු පරම්පරාවද ඒ වෙත ඇද දමයි. ඔවුන්
ඒ සිදුකරනු ලබන්නේ ඉස්ලාම් දහම විනාස කිරීම බව ඔවුන්වත් නොදනී. ඒ ගැන දැක්වෙන
වාර්තාමය සිනමා සිතුවමක් තමයි Of Fathers and Sons (2017). චිත්‍රපටය Rotten
Tomatoesහි 95%ක් ද, IMDb 7.3ක අගයක් ද,
Metacritic හි 70% ක ප්‍රතිශතක්ද ඇතුළුව සම්මාන උළෙලවල් බොහෝ ප්‍රමාණයක්
නියෝජනය හා නිර්දේශිත වෙමින් ඔස්කා සම්මාන උළෙලේ හොඳම විදේශ භාෂා චිත්‍රපට තේරීම්
ගොන්නටද එක් විය.
උපතින්
සිරියානුවෙක් වන තිර රචක හා අධ්‍යක්ෂ Talal Derki නිර්භීත හා
රුදුරු අභියෝගයක් ගෙන තම රටේ සිදුවන ශුද්ධ වූ ඉස්ලාම් දේශයක් උදෙසා වන ම්ලේච්ඡ
සිවිල් යුධ වැදීම කැමරා කාචයට හසුකරගෙන තිබේ. ඒ සඳහා ඔහු අවුරුද්දකට නොඅඩු කාලයක් අල්
කයිඩාවට අනුබද්ධ බලකායක් සමග සම්බන්ධ සිරියානු අබු ඔසාමාගේ නිවසේ රැඳෙමින් සිට ඇත.
ඒ ජිහාඩයට සහාය දක්වන යුද ඡායාරූප ශිල්පියෙකු ලෙස ඔවුන් හමුවේ පෙනී සිටිමිනි. එම
නිසා මෙහි කිසිඳු රංඟන ශිල්පියෙක් නොමැති අතර සත්‍යයන්ම සිදුවූ අවස්ථා අපට දැක බලා
ගැනීමට හැකි වේ. |
වැඩිහිටි අඩි පාරේ යමින් ගහගන්න ළමෝ බිම්බෝම්බ හදා ඒවා පුපුරුවා සෙල්ලම් කරන අයුරු |
දෙවියන්
වහන්සේ අප හට ලබා දුන් ශක්තියට
කෘතගුණ
සැලකීම වෙනුවෙන් අප නුඹලාගේ රුධිරයෙන් මේ බිම තෙත් කරලන්නෙමු //
චිත්‍රපටයේ
අබු ඔසාමාගේ පවුලේ ඔහු හා පුතුන් අට දෙනා පමණක් දකින්නට හැක්කේ බිරිඳ හා ගැහැණු
දරුවන් පිටස්තර ලොවෙන් ඔවුන් දුරස්ථව ජීවත් වන නිසා බව සඳහන් වේ. එය එහි සෑම
පවුලකම සිදුවන දෙයකි.
චිත්‍රපටයේ
තේමාව වන්නේ පියාගෙන් තම පුත්‍රයාට/දරුවන්ට ත්‍රස්තවාදය කෙසේ පැතිරෙනවාද යන
කරුණයි.
තාත්තේ
අපි කුරුල්ලෙක් මරල දැම්ම හරියට අර එදා ඔයා මිනිහෙකුට කරා වගේ... කුරුල්ලෙක් මරණ එක තහනම්ද?
නෑ
ඒක දෙවියන්ගේ නිර්මාණ මහිමය.. අපට අවසරයි.
ඒ
කියන්නේ උන්ව මවල තියෙන්නෙ අපිට මරන්නද?
ඔව්.
උන්ව මවල තියෙන්නෙ අපිට කන්න. |
හමුදා පුහුණුව ලබන අතරේ පියාගේ තුවක්කුවෙන් වෙඩි තැබීමට පුරුදුවන ඔසාමා |
අබු ඔසාමා
තම සිහින මත යමින් දරුවන්ගෙන් එක් අයෙක් වන ඔසාමා ‘ෂරියා අධ්‍යයනය සහ හමුදා
පුහුණුව’ සඳහා ඔහුගේ අකමැත්ත මත වුවත් යොමු කරයි. ඔහුද තම සංවිධානයට උදව් දෙමින්
බිම්බෝම්බ නිෂ්ක්‍රිය හා සාදන්නෙකු වශයෙන්ද, පෙරමුණේ ස්නයිපර්වරයෙක් වශයෙන්ද
කටයුතු කරමින් යුද්ධය පවත්වා ගෙන යෑමට කටයුතු කරයි... අනාගත සමාජයටත් එය දායාද
කරමින්. එයට දෙවියන්ගේ උදව් ලැබෙන බව හා එය දේව නියමයක් බව ඔවුන් විශ්වාසයයි. ඒ
අනුව කටයුතු කරමින් ඔහු තම එක් පාදයක් පවා අහිමි කරගනියි. අධ්‍යක්ෂ Talal Derki සිරියාවෙන් තම පටිගත කිරීම් අවසන්ව පැමිණෙමින් සිටියදී අබුගේ, ඔසාමා
නම් දරුවා නොනවතින යුද්ධයකට පුහුණුව ලබමින් අනාගත ගමන් මග සොයා යයි. එය අන්තාවාදීද
නැතිද කියා සිතා ගැනීමට අපට එතරම් අපහසු නැත..
අධ්‍යක්ෂ -
මේ රට තව
දුරටත් මා කලින් දැන සිටි
මා වඩාත්ම
ආදරය කල මගේ මව්බිම නොවේය...