ගූ + ගල්. ගූගල් පවා හෙළයාගේ නිර්මාණයක් බව ඔයාල දැනන් හිටියද?. ටිකක් පරණ බ්ලොගයො නම් දන්නවත් හිට 😉.

ඔය ෂීන්හරාජෙ සීගිරියේ තිව්න වැසිකිළි වල එකතුවුන දේ, අවසාන product එක තමා මේ ගූ ගල්. මේවා කැටපත් පවුරෙ පොඩි වර්සන් එක. අර මහ පත්තරේට පහුව ආ ටැබ්ලොයිඩ් වාගෙ. විදේස කුමන්ට්‍රන එක්ක මේ දේසීය ටෞක්සනය නැති වෙලා ගියා. ඒත් උස්සන් ගිය පුරාන cell ලිපිවලින් මේ system එක හොයාගත්තු පර සුද්ද උන්ගෙ දෙයක් වගේ මේක ලෝකයට ගෙනාව. ඒකනෙ විමල් වෛරවංස හෙම google යන්න එපා කියල හිට හෙළයා දැනුවත් කලේ... ඒ කාලේම 😂😜

අද ලෝකයේ වැඩිම දෙනෙක් භාවිත කරන සෙවුම් යන්ත්‍රය (search engine) එක තමයි google කියන්නේ. සමහරුනම් අනිත් ඒවා ගැන දන්නෙත් නැති තරම්. ඒ තරමට google ව්‍යාප්තයි, සමීපයි. අනික් අතින් තාක්ෂණික ලෝකයේ නැතිවම බැරි ආයතනයක්, සන්නාමයක්.

ඒත් අදට අවුරුදු 25කට කලියෙන්, ඒ කියන්නේ 1988 දී නිල වශයෙන් google පටන් ගෙන තියෙන්නෙ කැලිෆෝනියාවේ ගැරේජ් එකක. ආරම්භකයන් වෙන්නෙ ඇමෙරිකානු පරිගණක විද්‍යාඥ Larry Page, Sergey Brin දෙන්න කියල තමයි කියවෙන්නෙ. වර්තමාන CEO වෙන්නෙ ඉන්දියානු සම්භවයක් තියෙන Pichai Sundararajan.


ගූගල් එකට වර්තමානයේ අනුබද්ධ දේවල් ගත්තොත්

YouTube, Google AI... ප්‍රධාන තව බොහෝ දේවල් තියෙනව. ඒ වගේම ඔවුන්ගෙන් ලැබෙන තවත් පහසුකම් ගත්තොත් G-mail, Cloud, Drive, Map, Translator, DOC, Classroom, Forms, Meet... ඇතුළු තව දෑ බොහොමයි. ඇයි google adsense, ඒ වගේම අපි මේ ඉන්න Blog අවකාශය පවා Googlesලා ගෙනෙ. මේ ගොඩක් දේවල් මුදල් රහිතවම ලබා ගන්න ඕන වෙන්නෙ E mail එකක් හදාගැනීම විතරයි.

දැන් ඔයාල හිතනව ඇති නමිය google එක ගැන ගොඩක් දේවල් දන්නව වත් ද කියල. නෑ අලේ... මාත් මේ ටික හොයාගත්තෙ google එකෙන්ම search කරල තමා හිට. ගූගලය මේවා දන්නවනම් 🙈

 

එදිනෙදා පහසුවට google වෙතින් මං ලබාගන්න/ දන්න ටිකක් පහළින් ලියන්නම්. කලින් tec post එකකුත් දැම්ම... වැඩිදුර ඕනනම් ඒවා බලන්න.

මුලින්ම බ්ලොගේ profile photo එක දාන/ මාරුකරන හැටි එක කියන්නම්. සමහර බ්ලොගර්ස්ල pic දාල නැති හන්ද ☺. Setting වල අන්තිමට තියෙන User Profile එකට ගිහින්... නැහ්නං කෙලින්ම https://www.blogger.com/edit-profile.g මේ link එකට ගිහිං පින්තූරෙ විතරක් නෙමේ විස්තරත් හිට ඇතුල් කරන්න පුලුහං.

 

E-Mail -

මුලින්ම කියන්නම් email ගැන. අපි ගොඩ දෙනෙක් එක එක ඒවාට වෙනවෙනම mail address පාවිච්චි කරනව. නැත්තං දෙකතුනක් වෙන්නත් පුළුවන්. ඒත් ප්‍රධාන/නිල mail එකක් තියෙනවනෙ. ඒක phone no එකක් හරහා verify තියෙන්නම ඕන. සහ අනෙක් mail වලට මේ ප්‍රධාන එක recovery email විදිහට පාවිච්චි කරන එකත් නුවණට හුරුයි. මොකද අපිට පස්සෙ කාලෙක මේ වෙනත් mail එකක password මතක නැතුව ගියොත්... ඒක blog එකට පාවිච්චි කරන mail එකම උනොත්. ඒ වෙලාවට ප්‍රධාන mail එක හරහා අරක recovery කරගන්න පුළුවන්.

 

Google Lens -

අපිට ඉස්සර වගේ ලියපු document එකක් හෝ වෙන ඕනෑම එකක් word එකකට ගන්න, ඒ කියන්නෙ hard copy එකක් soft copyයක් කරගන්න දැන් හරිම ලේසි. මේකට කියන්නෙ google lens පහසුකම. කරන්න තියෙන්නෙ තියෙන document එක පිංතූරයක් මාධ්‍යයෙන් google search by image කරලා text බොත්තම ඔබන්න විතරයි. Text එක මොහොතින් එනව. කොහෙට හරි copy කරගන්න විතරයි තියෙන්නෙ. එතනම text එකට අමතරව option දෙකක් තියෙනව. ඒ search සහ translate. (පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් දැන් බොහෝ දුරට මේ වැඩේ බොහොම සාර්ථකයි).

- translate එකෙන් කැමති භාෂාවකට translate කරගන්නත් පුළුවන්.

- search by image හෝ ඊට උඩින් තියෙන find image source එකෙන්... ෆොටෝ එකක් search කරලා ඊට සමාන photo හෝ එය අන්තර්ගත තැන්, site හොයාගන්නත් පුළුවන්.

 

Google Translate -

ඒ වගේම තමා google translate හරහා අපිට ඕනනම් document එකක් හෝ site එක්ක article එකක් කියවාගන්න (read) පුළුවන්. ඒ වගේම අපි කියවන දෙයක් ඒකට කියල type කරවගන්නත් පුළුවන්.

 

Google Docs


Google translate එක හරහා අපි කියවන දෙයක් type කරවගන්න එක දිගට කියවන්නට ඕන. ඒ හන්ද එකට වඩා ලේසි Google Docs. Docs වලට ගිහින් tools à voice typing තෝරාගන්න. නැහ්නං Ctrol+Shift+S ඔබන්න. ඒ කරහම මයික් එකක් එයි. එකේ පොඩිවට උඩින් තියෙනව language එක select කරන තැනක් එතැනට ගිහිං සිංහල දෙන්න. දීල මයික් on කරන් ඕන දේ පැහැදිලිව කියවන්න type වෙයි. සමහර වචන/ වාක්‍ය පොඩ්ඩක් වැරදිවට type වෙයි. ඒවා හදාගන්න. ඒත් වැඩේ ගොඩක් සාර්ථකයි, ඉක්මන්. උන්න හැටියට මලා මදැයි නෙ. ඒ වගේම translate ඇතුළු තව දේවල් Docs වලින් කරගන්න පුලුහං... පොඩ්ඩක් සෝදිසි කරලා ඒවා හොයාගන්ට.

 

Google Drive

Drive ගැන කියන්න ඕන නැහැනේ. GB 15ක data තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් අය එක්ක ඒවා බෙදා ගන්නත් පුළුවන්. Anyone access දීල... link එක share කරගෙන. ඒත් සමහරු කැමති නෑ තමන්ගේ email address එක link එකට ගියහම පෙන්වනවට. ඒකට කරන්න තියෙන්නෙ අර link එක auto download වෙන විදිහට හදාගන්න එක. ඊට පස්සේ email එක අහුවෙන්නෙ නෑ 😉

 


කරන්න තියෙන්නෙ drive link එකේ  [/file/d/ පටන් (එය හැර) /view? දක්වා කොටස] path එක අරගෙන auto generate link එක ගාව past කරන එක.

 

    auto generate link එක -

https://drive.google.com/uc?export=download&id=


අපි කන්න, තේකක් බොන්න කඩේට ගියහම සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි බිල ගෙවන්න එක එක්කෙනා ඉස්සර වෙන්න එක. ඒක ඉතින් අපේ හැටියක්. ඕනෙනං කියතහැකි ඒක සිරිතක්ය කියල. ඒ හන්ද සංග්‍රහ කිරීම අපේ ජානවල තැන්පත් වෙලා ඇති... බඩේ බත් වාගේ.

ඒත් ඕක ටිකක් වියදම වැඩියෙන් යන වැඩක් නම්දැනෙන තරමේ එකක් නම් අපි ඔය සංග්‍රහය හරිබිල ගෙවන වැඩේ හරි කරන්න ඉස්සර වෙනෝ ද?. ඤාතිකම නිසායාලුකම නිසා දන්සල් දාන්න සෙට් වෙන්නෙ නෑ නෙ. නේ?. මොකද ඒක පොකැට් එකට එච්චර හොඳ නැති හන්ද. ඒත් ඉතිං එහෙමයි කියලම කියන්න බෑ... සම|හරක් සිද්ධි දිහා බැලුහම 😉.


එහෙම කිව්වෙ ඉතිං ලක්ෂරුපියල් ලක්ෂ 26කට වැඩි මුදලක් නාමල් රාජපක්ෂ (පොඩි ශින්හය) වෙනුවෙන් ගෙවන්න පාර්ලිමන්ට් මන්ත්‍රී... පුත්තලං නිශාන්තතුමා ඉදිරිපත් වීම එක්කලා.

හ්ඃ.. මහලොකු යාළුවො කියනව. ඒත් ඔය නිදි ලොක්කකොලොම්පූර් හෙම මේ නමිය වෙනුවෙන් අර වාගේ ඉදිරිපත් වෙයිද මං අහන්නෙනැහ්නං අර ඩ්‍රැකිය ඉන්නවබස්ස ඉන්නව... අඩුම අපේ නයි පෂා හරි මංජුල ලොක්කවත්.

නෑ නෙ. නෑ නෙ. ඒත් නාමල් වෙනුවන් ගෙවන්න තිබ්බ ලයිට් බිල නිසාන්ත ගෙවල. ඒ ලක්ස ගාන ගෙවල පිංවතුනි. ගෙවලා හිටං... අපේ මෛන්ද මාත්තයගේ පරපුරේ නම්බුව වතුරේ යන්න නොදෙන බවත් උදක්ම එතුමා මාධ්‍යයට ප්‍රකාස කර තියෙනව.




මිනිස්සුනම් කියයි... මීයක් කඩන්නෙ අත ලෙවකන්නද?. අනාගත ඇමති මණ්ඩලේ ආසන වෙන් කර ගන්නය. වාසි නැත්තං කරයි. ඕවත් ඉතිං අපෙන්මනේ අන්තිමට යන්නෙ කියා කියකියා. ඒත් කවුද ඉදිරිපත් වෙන්නෙමං අහන්නේ ලයිට් බිල ආපු ගෙදර එකෙක්වත් බිල ගෙවන්න ඉදිරිපත් නොවෙන කොටඒක ගෙවන්න නොබියව ඉදිරිපත් වෙන්න මොන වාගේ බූරුවෙක්ද. අනික මේ අමාරු කාලේ.

ඒත් නාමල් බේබිනම් කියල තියෙන්නේ... එහෙම බිලක් අපෙ අප්පටවත්අපටවත් ආවේ නෑය කියල. මේක මේ බඳින කාලේ එකක්අවුරුදු 4කටත් කලින් (2019) සිද්ධියක්දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවාය කියල තමයි හිටං.



කොහොමින් උනත්... පර අරගලකාරයෝ හන්ද ගේත් ගිණි තියාගත්තු සනත්තුමා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත්තු තම පෞජ්ජලික ධනය තමයි මේ ගජමිතුරු කැල නාමල් බේබි වෙනුවෙන් යෙදෙව්වෙ කියන එක අපි අමතක කරන්න නරකයි. අපි අන්න ඒ ගුණේට සලකන්න ඕන. සලකන්නම ඕන. තාමත් රට තියෙන්නෙ ඒ දක්වපු කළගුණ හන්ද නෙ. නේ 😂.

නරියා රජ වුණා වාගේ!


මහ ආරලු - බුරලු නැති නරියෙක් උන්න. මේකා කළේ නරින්ට ඔබින රාජකාරි නෙමේ.



ඕන් දවසක් එක්තරා ගෙදරකට වැදුණා. ඒ මොනාහරි මුට්ටියක් හට්ටියකට ඔළුව දාලා බඩ වේල පිරිමහගන්ඩ. එදා ඒ ගෙදර තීන්ත ගානව. මේකා තීන්ත සුවඳට රැවටිලා හිට එක්තරා මුට්ටියකට හොස්ස දැම්ම. හපොයි!

මුට්ටිය ඔළුවේ - ඒකේ තිබ්බ නිල් පාට තීන්ත ඇඟ පුරාම. දැන් මුට්ටි නරියා දුවනව - ඇයි යන එන මං පේන්නේ නෑනේ. දඩාං ගාලා වැදිච්චි ඔළු ගෙඩිය ගහක.

මුට්ටිය බිඳුණ. හැබැයි පරහක් තියෙනව. මුට්ටිය බිඳුණාට මුට්ටි කට නරියාගේ බෙල්ල වටේට මාලයක් වාගේ වැටුණ. දැන් බොලේ නිල්පාට නරියෙක්. බෙල්ලේ වළල්ලක් නිසා හරියට රජෙක් වාගේ අමුතුම සතෙක් මේක. ගියා අනෙක් සත්තු අතරට. මේක මොකා දෑ බැලුවා සත්තු වට වෙලා. අමුතු පාටක් - බෙල්ලේ මාලයක්.

නරියා නේද? බැලුවා සත්තු දිහා උජාරු ලීලාවෙන්.

උඹලා දන්නවාද මං කව්ද කියලා - මම තමයි - සක්කර මුත්ත උඹලාගේ රජ විදිහට පත් කරල මේ වනාන්තර අඩවියට එව්වේ.

හැග් - දිව්‍ය ලෝකෙන් ආවා කීවා...

අනේ උත්තමයාණෙනි! - ඔබතුමා අද පටන් මේ වන පෙතේ අගරජතුමා - සත්තු දණින් වැටිල බැගෑපත් වුණා. දැන් රජ අණ පතුරවනවා නරිය. ඌට උවමනා ආහාර පාන වාගේ දේවල් සත්තු ගෙනවිත් දුන්න. මේ ආරලු - බූරලු නැති නරියා දන්නැති උජාරු පාන්නට වුණා.

දවසක් කැලේට ආවා සිංහයෙක්. ඌට බයවෙලා සත්තු ටික නරි රජාට කාරණාව වහ වහා වාර්තා කළා. නරියාට ජම්ම පුරුද්ද හන්දා හූ කියවුණා.

මේකා මේ මෙච්චර දවසක් වෙස්මාරු කරන් අපි රවටාපු නරි ගෙඩියෙක්නේ කියලා සත්තු එකතු වෙලා කැලෙන් පන්නලා දැම්ම නරියාව.

එදා හිටන්, මේවාගේ වෙස් මාරු කරන් නාටක නටන අය අඳුනා ගනිද්දිත්, ආං ඒ කොයි කාටත් කියන්ට හුරු වුණා:


  "හරියට, නරියා රජ වුණා වාගේ?"



දොම්පෙට යන ගමන්...




Emoji කියන්නේ පූර්ව නිශ්චිත නමක් හා කේතයක් (unicode) ඇති graphic රූප සටහනකි. emoji මුහුණු හැඟීම් වලින් පටන්ගෙන සතුන්, වස්තූන්, ආහාර, වාහන... ආදී විවිධ දේ දක්වා අද ව්‍යාප්තව නිර්මාණය වෙලා තියෙනව. emoji වල ප්‍රධානම විශේෂත්වය වන්නේ ලෝකයේ සියලු දෙනාටම එහි පොදු අදහස දැනගත හැකි වීමයි.

වර්තමාන ලෝකෙ digital device භාවිත කරන හැම කෙනෙක්ම මේ නම අහල තියෙනව වගේම තමා හොඳ හැටි පාවිච්චිට ගන්න දෙයක් තමයි මේ Emoji කියන්නෙ.

දෙපිරිසක් හරි දෙන්නෙක් අතර හරි සාර්ථක සන්නිවේදනයකට... භාෂා හැසිරවීම, හඬ පාලනය, මුහුණේ - සිරුරේ ඉරියව් වගේ දේවල් බලපානවනෙ. දුරකථන වලින් දුරස්ථව උනත් සිදුවන අදහස් හුවමාරුව නිවැරදිව අඳුරගන්න... හඬේ හැසිරවීම එක්ක පුළුවන්. ඒත් ලිඛිත මාධ්‍යයක දී මේ වැඩේ ටිකක් අපහසුයි. ඉතින් ඒ අමාරු වැඩේ digital අවකාශයේ දී පහසු කරන්න ආපු එක් අපූරුම විසඳුම තමයි මේ Emoji.

ඒත් රාජකාරී හෝ වෘත්තීයේදී... digital පණිවිඩයකට වගේ දෙයකට මේ Emoji එකතු කරන්න නම් බැරි තරම්. ඒ හැර පුද්ගලික/පොදු ඕනෑම digital නිදහස් අවකාශයක මේ Emoji යහමින් පාවිච්චි කරන්න පුළුවන් නෙ 😄😅.

නිකම් වචන ටිකක් type කරල කෙනෙක්ට/ පොදු digital අවකාශයකට මුදාහරිනවට වඩා... Emoji එකක් හෝ කීපයක් ඇතුලත් කරල යවන පණිවිඩෙන්, අර මගහැරෙන emotions වගේ දේවල් ආයෙම එක් කරගන්න මේ ඉමොජි වලින් පුළුවන් වෙනව. 100%ක්ම බැරි උනත් යම් පමණකට සාර්ථක හා පැහැදිලි... හැඟීම සහිත අදහස් දැක්වීමකට Emoji බොහොම උපකාරයි.


Emoji භාවිතයට එන්න කලියෙන් යම් පමණකට හරි භාවිතා කරන්න යෙදුණේ ඊට බෙහෙවින් සමාන Emoticons. අකුරු හා වරහන්, තරු ලකුණ ආදී සලකුණු මගින් තමයි මේ face expression characters, යවන පණිවිඩයකට ඇතුළත් කලේ. මේ සලකුණු ක්‍රමය (characters) හඳුන්වා දුන්නෙ ස්කොට් ෆාල්මන් මහාචාර්යවරය. ඒත් ඊට වඩා බොහොම සිත් ඇදගන්න Emoji කරළියට එන්නෙ Emoticons වලට පස්සෙ... 1997-1999 වගේ කාලෙක ජපානෙන්. e (පින්තූර) + moji (චරිතය) විදිහේ අදහසක් එන Emoji වල ආරම්භකය වෙලා තියෙන්නෙ ජපන් ජාතික ශිගෙතකා කුරිතා.

කෙටි කාලයක් ඇතුළත ජපානයෙන් පටන්ගෙන මුළු ලෝකයේම ජනප්‍රිය වුන Emoji අද පණිවිඩයක් යැවීමට ගන්න ඕනෑම digital device එකක නැතුව බැරි අංගයක්. පසුව unicode ක්‍රමයටද මේ ඉමොජි ඇතුළත් උනා. ඒ වාගේම එක් එක් සමාගම් අතින් විවිධාංගිකරණය වූ emoji ඔවුන්ට අනන්‍ය වූ විදිහේ මුහුණුවරකින් ඉදිරිපත් කිරීමත් සිදු වුනා. මේ නිසා එකම අදහස දක්වන එකම emojiය වුනත් ඔවුනොවුන්ගේ විවිධ device හා system වලට අනුව... පොඩි පොඩි වෙනස්කම් සහිතව දැකගන්න පුළුවන්. උදාහරණයක් විදිහට apple phone එකකින් යවන emojiandroid phone එකකින් දැකගන්නට වෙන්නේ සුළු වෙනසකුත් සමගයි. නමුත් emojiයේ මූලික අදහසට එයින් වෙනස් සිදුවෙන්නෙ නැහැ.


ඩිජිටල් සන්නිවේදන යුගයට හැඟීම් එක්කල ඉමොජි අද නැතුවම බැරි දෙයක්. ඒ නිසාම සමාජ/ මනෝ විද්‍යාඥයන්ගේ, සමාජ විශ්ලේෂකයන්ගේ අවධානයට ද මේ සන්නිවේදන සංකේත ක්‍රමය ලක්වෙලා තියෙනව. සහ වර්තමාන ශබ්දකෝෂය වලට ද මේ Emoji නාමය ඇතුළත් වෙලා තියෙනව 😉.


ආදී මානවගේ Emoji භාවිතය

unicode, blog වලට ඕනෑම Emoji ගන්න මේ site එකෙන් පුළුවන් 👉

මේ සිංදුවේ තේරුම කාලෙකට කලින් හොය හොයා හිටියේ. මේ සිංදුවක් කරලා තියෙන්නෙ පැරණි ජන කවියක් ආශ්‍රයෙන්ය කියන්නෙ.

පොඩි වෙනස් වචන ටිකක්. ගැමි වචන ටිකක් තියෙන්නෙ. මහප්‍රාණ වචන නෙමේ උනත් තේරුම මොකක්ද කියල එකපාර guess කරන්න අමාරුයි. ඔන්න කොහේදි හරි මේක ගායනා කරන රෝහණ බැද්දගේම සිංදුවවේ තේරුම කිව්ව... කොයි ඒත් ඇහුනෙ ටිකයි නෙ 😐.

ඕන් මේ ඊයේ පෙරේදා දවසක අහම්බෙන් වාගේ එයාම මේ සිංදුවේ තේරුම කියන video එකක් සැට් උනා කියන්නකෝ.

බලලා මක්ක හරි කොටන් යන්නත් ඉතීම්. දෙයියඤ්ඤෙ පිහිටයි 🙏

 

හො හෝ.. හෝ..

(හො හෝ.. හො හෝ.. හෝ හොහෝ.. තම්දෙන තනා

හො හෝ.. හො හෝ.. හෝ හොහෝ.. ඉතේතනමි තනම්‌)

 

සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි අල

(දිය පල්ලේ තිබෙයි අල.. දෙයියන්නේ පිහිටයි)

සසඳ සසඳ දිය මතුපිට තිබෙයි කොළ

(දිය මතුපිට තිබෙයි කොළ.. ගාලේ ලිහන්ඤයි)

වැස්සට පිනි බබා.. මෝරන කැකුලු මල

(හාහා.. හොහෝ)

මස්තකයින්ට මුතු කුඩයකි නෙළුම්‌ මල (තම්දෙන තනා)

(මස්තකයින්ට මුතු කුඩයකි නෙළුම්‌ මල)

 

සකිය සගව්වට රෝදය කැරකෙනවා

සසඳ සසඳ අපි මහපාරේ යනවා

සකිය සගව්වට රෝදය කැරකෙනවා

සසඳ සසඳ අපි මහපාරේ යනවා

 

සසඳ සසඳ සඳ පානේ අපි යනවා

(සඳ පානේ අපි යනවා.. දෙයියන්නේ පිහිටයි)

මක්කොලි බඳට ගොන්‌ බානක්‌ බැඳ යනවා

(ගොන්‌ බානක්‌ බැඳ යනවා.. ගාලේ ලිහන්ඤයි)

සකිය සගව්වට.......... රෝදය කැරකෙනවා

(හහා.. හොහෝ)

දත්‌ කැකුලට නාරම්මල ළතවෙනවා (තම්දෙන තනා)

(දත්‌ කැකුලට නාරම්මල ළතවෙනවා)

 

සකිය සගව්වට රෝදය කැරකෙනවා

සසඳ සසඳ අපි මහපාරේ යනවා

සකිය සගව්වට රෝදය කැරකෙනවා

සසඳ සසඳ අපි මහපාරේ යනවා

 

සසඳ සසඳ සඳ පොබයන සාවුන්ට

(සඳ පොබයන සාවුන්ට.. දෙයියන්නේ පිහිටයි)

මක්කොලි බඳට දුටු විගසට ගිරවුන්ට

(දුටු විගසට ගිරවුන්ට.. ගාලේ ලිහන්ඤයි)

පදින සැරේ.. රොන්‌ ගෙන යන බමරැන්ට

(හහා.. හොහෝ)

වර ටිකිරෝ සත්‌ සමුදුර පීනන්ට (තම්දෙන තනා)

(වර ටිකිරෝ සත්‌ සමුදුර පීනන්ට)

 

සකිය සගව්වට රෝදය කැරකෙනවා

සසඳ සසඳ අපි මහපාරේ යනවා...

 

වැඩිම සැරිසැරුණු වීදි

වීදියේ සැරිසරන්නන්

වීදියයේ ලියුම් පෙට්ටිය

Name

Email *

Message *

Translate

මාතලන්ගේ සින්ඩිය

සඳකඩපහණ සින්ඩිය

වීදියේ සින්ඩිය

සින්ඩි365

මසුරං කියුම්

මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී. 

- හියුබට් රිව්ස්

සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය. 

අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න. 

- වොරන් බුෆේ

මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි. 

- බර්ට්‍රන් රසල්