post එක ලියන් ආවෙ පනත විවාද දවස් ටිකේ. පබිලිස් කරන්න ටිකක් පහු උනා 😜😜.
මේ ටිකේ හැමෝටම වගේ
ඩාම් ඩූම් සිටුවේසන් නෙ. එක්කො හිතවත් හෝ ඤාති මරණයක්. නැහ්නං ලෙඩක් හැදිල. මං
අඳුරන දෙතුන් දෙනෙක්ගෙ මළ ගෙවල් වගේම මටත් ඩාම් ඩූම් සනීප අසනීප උනා පොඩ්ඩක්. ඒ
හන්දත්, ලිවීමේ කම්මැලිකම හන්දත්... මේ ගැන ලියන්ට හිතන් හිටියට පහු උන 😔.
යහපති!
පනත ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තෙ
ගිහින්, සංශෝධනත් සහිතව කඩිමුඩියේ මහජන ආරක්ෂක ඇමති ටිරාන්තුමා ඇතුළු රජය මේ පනත
සම්මත කරගත්ත. ඒ වගේම ආයේම අවශ්‍ය සංශෝධනයක් තිබුනොත් ඉදිරියේදී ඒවත් කරන බව බවද සඳහන්
කරමින්.
මේ පනත ගෙන ඒමේ අරමුණ
ගැන රජය පැත්තෙන් කියා හිටියෙ... සමාජමාධ්‍ය ඔස්සේ වන නීති - සමාජ විරෝධී, වෛරය, ක්‍රෝධය
සහ ආගමික ගැටීම්, ලිංගික අපරාධ හා බාල වයස් - කාන්තා හිංසනත්, වාර්තාකරණයක් වගේ ඒවා වලක්වන්න/ නියාමනය කරන ඕන බව කියමින්. ඒ අතරට ව්‍යාජ/
නිර්නාමික සමාජ මාධ්‍ය ගිණුම්ද ඇතුළත් බව කියවුණා.
දැන් එතකොට මේ එක
කාරණයක් සම්බන්ධයෙන්වත්, කිසිම කෙනෙක් මේ වෙනකම් නීතියේ රැහැනට හෝ ගෞරවනීය
පොලිසියේ අත්අඩංගුවට පත්වෙලා නැද්ද මන්ද. මෙච්චර කලකට අන්තර්ජාලයෙන් සිදුවුණ කිසිම
අපරාධයකට නීතියෙන් ප්‍රතිපාදන තිබ්බෙ නැද්ද, පොලිසියෙන් මේ සම්බන්ධව වැරදිකරුවන්
බව සඳහන් කරමින් ඔවුන්ව අත්අඩංගුවට ගත්තෙ නැද්ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ
කාරණාවට අදාළව පරීක්ෂණ කරේ නැද්ද... කියල හිතනකොටම මට මතකයට ආවෙ අපේ හිටපු ජනපති
මෛත්රීපාලතුමාගේ නිල වෙබ් අඩවිය hack කළ තරුණයව අත්අඩංගුවට
ගත්ත එක. පස්සෙ නිදහස් කලත් අත්අඩංගුවට ගත්තනෙ. ඇයි මේ ලඟදිත් අසැබි වීඩියෝ
අන්තර්ජාලයට මුදාහැරපු ජෝඩුවකුත් පොලිසිය හොයාගත්ත නෙ. නෙ?
ඒ කියන්නෙ ඕනනම් මේ
වගේ වැරදි සම්බන්ධව නීතිය පැත්තෙන්, පොලිසියෙන් කිසියම්ම හෝ පිහිටක් ලබන්න වින්ඳිතයට
පුළුවන්. ඒත් එහෙම තියාගෙනත් කඩිමුඩියෙ, තුන්වෙනි වර කියවීමක් නැතුවම තමා මේ 'මාර්ගගත
ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ කෙටුම්පත' ගෙනත් තිබුනෙ. අනික
ආයෙම සංශෝධන ගෙනත් කියවන්, වාද කරන්, සම්මත කරගන්න යන
කාලෙ. අනේ... අපි වෙනුවෙන් මෙච්චර ආදරයක්!
ඒත් අපෙ ශෙහාන්
සේමසිංහ ඇමතිතුමා VAT සංශෝධන විවාදෙදි කිව්වත්ද කොහෙද නෙ පාර්ලිමේන්තු
කාලය නිකන් අපතෙ හරින්න බෑ කියල. හරි කමක් නෑ ඉතින්. මිරිස් කුඩු ගහගන්න, අනුන්ට මඩ ගහන්න, කුණුහරුප කියන්න, සෙංකෝලෙ උස්සන් දුවන්න, රණ්ඩු කරගන්න හරි වෙලාව අපේ 225ට තියෙනවනෙ.
මේ මැතිවරණ කසුකුසුවක්
යන අස්සෙ මේ වගෙ පනත් ගෙනත් හදිසියේම සම්මත කරන්නේ ඒ මගින් ජනතාවගෙන් පාලකයන්ට ඇතිවෙලා
තිබුණ අප්රසදෙ යටපත් කරන්නද කියල හිතන්නත් බෑ... අහිංසක වත්මන් ජනපති රනිල්තුමා
හන්ද. මොකද එදා free
Wi-Fi දෙන්න ලැහැස්ති උන උතුම නෙ මෙතුම. ඒ වෙනුවෙන් බැලුම් උඩ යැව්ව
හරීන් පවා අද ඉන්න රජයක් ගැන අහිතක් හිතන්න පුළුවන්ද අපට. බෑ නෙ 😉?
බාල ඖෂධ ගෙන්වීම,
අසූචි කන්ටේනර් වලට නිරපරාදෙ මුදල් ගෙවීම, පොලිසියෙන් නොහික්මුණු වෙඩි තැබීම් හා
වෙනත් ක්‍රියා ගැන වගේ ඔය social media වල විතරක් සවිස්තරව සැරිසරන... රජයේ හා රජයෙන් මෙහෙයවෙන පොලිසියෙන්
සිදුවන දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන මේ වගේ පොඩි පොඩි news
නම් තඹේකට මායිම් කරන්න නරකයි. මොකද මේවා දැනගන්නව කියන්නෙම මහජනයගෙ මානසික සහනය
නැතිවෙන, මහජන කැළඹීම ඇතිවන වැඩ. අඩුගානේ රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
දුන්න කියල විස්තර ඇතුව පළ කරපු, අති ගෞරව වැඩ බලන පොලිස්පති අතීතයේ සම්බන්ධ වද
දීමේ සිද්ධිය වගේ ඒවා පවා නියාමනයක් ඇතුව පළ වෙන්න ඕන.
සමාජ
මාධ්‍යය වාරණය වෙන්න ඕන!
කාලෙකට කලින් නයි මතු
වෙන එක, මේ ලඟදි නම් අවලෝකිතේශ්වර මතු වීම වගේ ආගමික/ සමාජීය ඉතා වැදගත් සිදුවීම්
අපි දැනගත්තෙ. සවිස්තරව දැනගත්තෙ කොහෙන්ද?. රාජ්‍යය හා රජයට සමීප මාධ්‍යය වලින්.
අන්න ඒ වගේ මාධ්‍යය ටික විතරක් ඉතුරු කරල අනික් ඔක්කොම ඒවා වහ දාන්න ඕන. එහෙම කරලා
රජයට, ඇමතිවරුන්ට හිතවත් මාධ්‍ය ආයතන කීපයක් අතට සමාජමාධ්‍ය බලය/ ආධිපත්‍යය ලබා
දෙන එකක් හෝ ඒ ව්‍යවසායකත්වය ඇති අයට හම්බකරගෙන දීල රට නැගිටිනකම් අපි බලන් ඉන්න
ඕන... 2048 වෙනකම්.
නැත්තන් කොහොමද රජයක්
හෝ පාර්ලිමේන්තු ඇමති/ මන්ත්‍රීලා ගමකට යන්නෙ... රෙදි ඇඳගෙන. කොහොමද කොපි පොත්
බෙදල ඊළඟ ඡන්දෙ දිනන්නෙ.
ඒ වගේම රජයේ මතයට/
වැඩපිළිවෙලට විරුද්ධ, නිදහස් මාධ්‍යවේදියෙක් හෝ පුද්ගලයෙක්ගෙ උපකල්පනයක්, අදහසක්
මත ඒ කෙනා හදන සමාජමාධ්‍ය කොමිසම ඉස්සරහට නිතර නිතර ගෙනත් ප්‍රශ්න කරන්න ඕන. එහෙම
කරලා ඔහුව රජයේ වැඩපිළිවෙලට එකතු කරගන්න ඕන. බලහත්කාරයෙන් හරි කමක් නෑ. ඒ වගේම උපහාසාත්මක
කාටුන් ශිල්පියෙක්ගේ කාටුන් තහනම් වෙන්න හෝ නියාමනය වෙන්න ඕන. මොකද මැති ඇමතිලට
අපහාස කිරීම වරදක්. නිවන් සුව පැතීම බරපතළ වරදක්!
තව... බොරු, නිර්නාමික
සමාජ මාධ්‍යය ගිණුම්, විවාදෙදි කතා කරපු ඇමතිලා කිව්ව විදියටම හොයාබලන්න ඕන. බලන්නම
ඕන. පහල වීඩියෝවෙ ඉන්න ඉරාජ් මහත්මාගෙ page ටිකෙන්ම පටන් අරගෙන.
අපි උඹල නොදැන මේ වගේ කොච්චර දැල් වලට අහුවෙලා ඇතිද - (Kaali-කාලී එක්ක ඉරාජ්)
රටේ FB, YouTube ඇතුළු අනික් social media වලින් වෙන... නීති - සමාජ විරෝධී, වෛරය, ක්‍රෝධය
සහ ආගමික ගැටීම්, ලිංගික අපරාධ හා බාල වයස් - කාන්තා හිංසන වලට උදව් වෙන ක්‍රියා
වලට අපි කවුරුත් විරුද්ධයි විය යුතුයි. ඒකෙ දෙකක් නැහැ. සහ ඒවාට අවශ්‍ය අණපනත්,
නීති සකස් වෙන්න ඕන. ඒත් ඒ එකකින් හෝ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහස, අන්තර්ජාලය
හරහා තම රැකියාව කරන අයට ඒ ඉඩකඩ ඇහිරීම, නිදහසේ සමාජමාධ්‍ය
භාවිත කිරීමට නොහැකි වීමද මානව අයිතිවාසිකම් කඩවීමක්. වරදක්. එය සිදුකිරීමට යමෙක්, කණ්ඩයමක් උත්සහ කිරීම හෝ ක්‍රියාවට නැංවීම වරදක්. දඬුවම් ලැබිය හැකි
හා ලැබිය යුතු වරදක්.
මේ වැරදි වර්ග
දෙකම හා එය ක්‍රියාත්මක කරන දෙකොටසම අප තරයේ හෙළා දැකිය යුතුයි.