“ඔයා මට ඇත්තටම කැමතිද ?, ඔයා කැමති ඒ ගෑණිට නේද?” මේ ආදී ප්‍රශ්න ප්‍රේමවන්තයාගෙන් හෝ සැමියාගෙන් ඇසීමට හෙට දවසේ කාන්තාවකට තව දුරටත් සිදු නොවේ. ඒ විද්‍යාවේ හා තාක්ෂණයේ ආශ්චර්යෙන් පසුගියදා එළිදැක්වුණු නවතම උපකරණයක් නිසාවෙනි.
මේ
උපකරණය ඉදිරියේ සිටින පිරිමියා හට කාන්තාවකගේ ඇසෙන නම, පෙනෙන රූපය මගින් ඔහුගේ සිතුවිලි
හා ශරීරයේ ඇතිවන උත්තේජන, රසායනික හා හෝමෝන ක්‍රියාකාරකම් ආදී දේ මිනුම්ගත කරමින් තත්පර
කිහිපයක් ඇතුළත ඒ පිරිමියා අර කාන්තාව හට දක්වන්නේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දැයි,
මොන විදිහේ කැමැත්තක්/අකමැත්තක් දැයි මේ උපකරණය මගින් පෙන්වා දෙයි. වැඩිදුරටත් මෙම
උපකරණය පිළිබද කරුණු දැක්වූ ජෝන් හොප්කින්ස්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් වන
සමන්තා බැරට් පවසා සිටියේ මෙහි, වඩා නවීකරණයකින් යුතු උපැස් යුවලක් සේ පැළඳිය හැකි
eye captcher උපකරණයක් ද සකසා ඇති බවත් එය මේ
මස වෙළඳ පොලට නිකුත් කරන අතර එළඹෙන අප්‍රේල් ප්‍රථම දින සියලු දෙනාට මිලදී ගැනීමේ
පහසුකම සැලසෙන බවද සතුටින් දන්වා සිටියාය. මේ අතර සියලුම අන්තර්ජාල අඩවි හරහා
මිලදී ගැනීමේ පහසුකම්ද සලසා ඇති අතර විශේෂ පාරිභෝගික අංකයක්ද ඔවුන් හඳුන්වා දී ඇත.
මෙම
eye captcher උපකරණය නිමවුමේ පරීක්ෂණය සිදුකර
තිබෙන්නේ පිරිමි පාර්ශවය පමණක් සම්බන්ධ කරගෙන නිසා නවමු පරීක්ෂණයක් කාන්තාවන්ද
සම්බන්ධ කරගෙන කරන්නට අදහස් කරන බව හොප්කින්ස්න් විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායම
මාධ්‍යට එහිදී දැනුම් දුන්හ.
“අපි
මේක මුලින්ම කරේ පිරිමි සම්බන්ධ කරගෙන. පිරිමි හා කාන්තා ශරීර පද්ධති, සංයුතිය
ගත්තහම එකිනෙකට වෙනස්. ඒ නිසා අපිට සිද්ධ උනා දෙගොල්ලන්ගෙන් එක් පාර්ශවය මුලින්ම
තෝරා ගන්න.”
“ගොඩ
දෙනෙක් මේ eye captcher උපකරණය ගැන විවිධ අසත්‍ය
තොරතුරු ඵල කරනවා. විශේෂයෙන් පිරිමි පාර්ශවය. මෙයින් පුද්ගල සම්බන්ධතා, පවුල,
පුරුෂ සමාජය බරපතළ අර්බුදයකට ලක් කරන බව පවසමින්. නමුත් අපි කියන්න කැමතියි මෙතෙක්
බිහි උන කිසිම උපකරණයක් සමාජයට හානිකර නෑ මිනිසා තරම්... අපි මේක කාලයත් සමග භාවිත
කිරීමට හුරු වේවි. ඒ නිසා පිරිමි පාර්ශවය මේ සම්බන්ධව කලබල විය යුතු නැහැ.
වැඩිමනත් පිරිමියාට තමන් කැමති කාන්තාව සොයා ගන්න පවා මෙය උදව්වක් වේවි” සමන්තා
මහාචාර්යවරිය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියාය.
ඇය
එහෙම කිව්වට....... මේක පිරිමින්ට අහන්න හම්බෙන හොඳ news එකක් නම් නොවේ. තමන්ගේ ගෑනි, පෙම්වතිය මේ කන්නාඩි කුට්ටම දාගෙන ‘ආ
දැන් තමුසෙ ඊයේ කාත් එක්කද උකුළු මුකුළු කරේ....ආ. අර සඳුනි එක්කද, රේඛා, චමරි..
ඕම කියාගෙන යද්දී වැඩේ අතේ මාට්ටු.... කාත් එක්කද වැඩපලේ සෙට්, හොර එක කවුද කියල හැංගිලි
බොරු. වෙනද වගේ මරිසියක් දාන්නත් බෑ මේ මගුල් ගැජමැටික් එකක් නිසා.
අනිත්
එක මේ ගැජමැටික් එක විකුණ ගන්න මහාචාර්යවරු මොන කතා කිව්වත් කෙල වෙනව ඕන පුරුස
පරානයකට... ඇඩ්රස් නැති වෙන්නම. ගෙදරට, පෙම්වතියට අහිංසකය වගේ හිටපු කොලුවගෙ වංහුන්
එළිවෙලා... සායම යයි. ඇඟේ පතුරකුත් එක්ක. කන්න වෙන ගුටි පූජාත් මදි නොකියන්න. පෙර
සම්බන්ධ දිගෑරෙන.... ඒ අස්සෙ බිරියට බොරු කරන් ලස්සනට පවුල් කෑ කස්ටියගෙත් මළගම
තමයි මේ වෙන්න යන්නෙ.
ඒම
බැලුවොත් ඉතීම් අපේ රටේ බාගෙට බාගයක් විතර පවුල්, සම්බන්ධකම් කැඩෙන්න පුලුහං පොටක්
තමයි එන්න යන්නෙ. සමාරක් විට ලෝකෙම වෙන්ටත් බැරි නෑ. එහෙව් එකේ මේක ලංකාවට නාවට
කමක් නෑ වාගෙ.... මේ තියෙන හැටහුටාමාරක් පුරස්න අස්සෙ.
අෆ්ෆා
තවනං ලියන්ට බෑ.. මේ ලයිට් කපන අෂ්ශෙ.... මං කල්පනා කරේ ඇත්තටම ඒම දෙයක් උනොත්..
ඉඳල ඉවරයි නෙ.
*********
ඒනම්
අපිරියෙල් පළමුදා ලබන්නා වූ ලෝක මෝඩයින්ගේ දිනය හැමෝටම සුබ දිනයක් වේවා.