ගූ + ගල්. ගූගල් පවා හෙළයාගේ
නිර්මාණයක් බව ඔයාල දැනන් හිටියද?. ටිකක් පරණ බ්ලොගයො නම් දන්නවත් හිට 😉.
ඔය ෂීන්හරාජෙ
සීගිරියේ තිව්න වැසිකිළි වල එකතුවුන දේ, අවසාන product එක තමා මේ ගූ
ගල්. මේවා කැටපත් පවුරෙ පොඩි වර්සන් එක. අර මහ පත්තරේට පහුව ආ ටැබ්ලොයිඩ් වාගෙ. විදේස
කුමන්ට්‍රන එක්ක මේ දේසීය ටෞක්සනය නැති වෙලා ගියා. ඒත් උස්සන් ගිය පුරාන cell ලිපිවලින් මේ system එක හොයාගත්තු පර සුද්ද උන්ගෙ
දෙයක් වගේ මේක ලෝකයට ගෙනාව. ඒකනෙ විමල් වෛරවංස හෙම google
යන්න එපා කියල හිට හෙළයා දැනුවත් කලේ... ඒ කාලේම 😂😜
අද ලෝකයේ වැඩිම දෙනෙක්
භාවිත කරන සෙවුම් යන්ත්‍රය (search engine) එක තමයි google කියන්නේ. සමහරුනම් අනිත් ඒවා ගැන දන්නෙත් නැති තරම්. ඒ තරමට google
ව්‍යාප්තයි, සමීපයි. අනික් අතින් තාක්ෂණික ලෝකයේ නැතිවම බැරි
ආයතනයක්, සන්නාමයක්.
ඒත් අදට අවුරුදු 25කට
කලියෙන්,
ඒ කියන්නේ 1988 දී නිල වශයෙන් google පටන්
ගෙන තියෙන්නෙ කැලිෆෝනියාවේ ගැරේජ් එකක. ආරම්භකයන් වෙන්නෙ ඇමෙරිකානු පරිගණක විද්‍යාඥ
Larry Page, Sergey Brin දෙන්න
කියල තමයි කියවෙන්නෙ. වර්තමාන CEO වෙන්නෙ ඉන්දියානු
සම්භවයක් තියෙන Pichai Sundararajan.
ගූගල් එකට වර්තමානයේ
අනුබද්ධ දේවල් ගත්තොත්
YouTube, Google AI... ප්‍රධාන තව බොහෝ දේවල්
තියෙනව. ඒ වගේම ඔවුන්ගෙන් ලැබෙන තවත් පහසුකම් ගත්තොත් G-mail,
Cloud, Drive, Map, Translator, DOC, Classroom, Forms, Meet... ඇතුළු
තව දෑ බොහොමයි. ඇයි google adsense, ඒ වගේම අපි මේ ඉන්න Blog
අවකාශය පවා Googlesලා ගෙනෙ. මේ ගොඩක්
දේවල් මුදල් රහිතවම ලබා ගන්න ඕන වෙන්නෙ E mail එකක් හදාගැනීම විතරයි.
දැන් ඔයාල හිතනව ඇති
නමිය google
එක ගැන ගොඩක් දේවල් දන්නව වත් ද කියල. නෑ අලේ... මාත් මේ ටික
හොයාගත්තෙ google එකෙන්ම search කරල
තමා හිට. ගූගලය මේවා දන්නවනම් 🙈
එදිනෙදා
පහසුවට google වෙතින් මං ලබාගන්න/ දන්න ටිකක් පහළින් ලියන්නම්. කලින් tec post එකකුත් දැම්ම... වැඩිදුර ඕනනම් ඒවා
බලන්න.
මුලින්ම බ්ලොගේ profile photo එක දාන/ මාරුකරන හැටි එක කියන්නම්.
සමහර බ්ලොගර්ස්ල pic දාල නැති හන්ද ☺. Setting වල අන්තිමට තියෙන User Profile එකට ගිහින්... නැහ්නං කෙලින්ම https://www.blogger.com/edit-profile.g මේ link එකට ගිහිං පින්තූරෙ විතරක් නෙමේ
විස්තරත් හිට ඇතුල් කරන්න පුලුහං.
E-Mail -
මුලින්ම කියන්නම් email ගැන. අපි ගොඩ දෙනෙක් එක එක ඒවාට වෙනවෙනම mail
address පාවිච්චි කරනව. නැත්තං දෙකතුනක් වෙන්නත් පුළුවන්.
ඒත් ප්‍රධාන/නිල mail එකක් තියෙනවනෙ. ඒක phone no එකක් හරහා verify
තියෙන්නම ඕන. සහ අනෙක් mail වලට මේ ප්‍රධාන එක recovery
email විදිහට පාවිච්චි කරන එකත් නුවණට හුරුයි. මොකද අපිට පස්සෙ
කාලෙක මේ වෙනත් mail එකක password මතක නැතුව ගියොත්... ඒක blog එකට පාවිච්චි
කරන mail එකම උනොත්. ඒ වෙලාවට ප්‍රධාන mail එක හරහා අරක recovery කරගන්න පුළුවන්.
Google Lens -
අපිට ඉස්සර වගේ ලියපු document එකක් හෝ වෙන ඕනෑම එකක් word එකකට ගන්න, ඒ
කියන්නෙ hard copy එකක් soft copyයක් කරගන්න දැන් හරිම ලේසි. මේකට කියන්නෙ
google lens පහසුකම. කරන්න
තියෙන්නෙ තියෙන document එක පිංතූරයක් මාධ්‍යයෙන් google search by image කරලා text බොත්තම ඔබන්න විතරයි. Text එක මොහොතින් එනව. කොහෙට හරි copy කරගන්න
විතරයි තියෙන්නෙ. එතනම text එකට අමතරව option දෙකක් තියෙනව. ඒ search සහ translate. (පොඩි පොඩි අඩුපාඩු තිබ්බත් දැන් බොහෝ දුරට මේ වැඩේ බොහොම සාර්ථකයි).
- translate එකෙන් කැමති භාෂාවකට translate කරගන්නත්
පුළුවන්.
- search by image හෝ ඊට
උඩින් තියෙන find image source එකෙන්... ෆොටෝ එකක් search කරලා ඊට සමාන photo හෝ එය අන්තර්ගත තැන්, site හොයාගන්නත් පුළුවන්.
Google Translate -
ඒ වගේම තමා google translate හරහා අපිට ඕනනම් document එකක් හෝ site එක්ක article එකක් කියවාගන්න (read) පුළුවන්. ඒ වගේම අපි කියවන දෙයක් ඒකට කියල type කරවගන්නත් පුළුවන්.
Google Docs –
Google translate එක හරහා අපි කියවන දෙයක් type කරවගන්න එක දිගට කියවන්නට ඕන. ඒ හන්ද එකට වඩා ලේසි Google Docs. Docs වලට
ගිහින් tools à voice typing
තෝරාගන්න. නැහ්නං Ctrol+Shift+S ඔබන්න. ඒ කරහම මයික් එකක් එයි. එකේ පොඩිවට උඩින් තියෙනව language එක select කරන තැනක් එතැනට ගිහිං සිංහල දෙන්න.
දීල මයික් on කරන් ඕන දේ පැහැදිලිව කියවන්න type වෙයි. සමහර වචන/ වාක්‍ය පොඩ්ඩක් වැරදිවට type
වෙයි. ඒවා හදාගන්න. ඒත් වැඩේ ගොඩක් සාර්ථකයි, ඉක්මන්. උන්න හැටියට මලා මදැයි නෙ. ඒ
වගේම translate ඇතුළු තව දේවල් Docs වලින් කරගන්න පුලුහං... පොඩ්ඩක් සෝදිසි කරලා ඒවා හොයාගන්ට.
Google Drive –
Drive ගැන කියන්න ඕන නැහැනේ. GB 15ක data තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් අය එක්ක ඒවා බෙදා ගන්නත්
පුළුවන්. Anyone access දීල... link එක share කරගෙන. ඒත් සමහරු කැමති නෑ තමන්ගේ email address එක link එකට
ගියහම පෙන්වනවට. ඒකට කරන්න තියෙන්නෙ අර link එක auto download වෙන විදිහට හදාගන්න එක. ඊට පස්සේ email එක අහුවෙන්නෙ නෑ 😉
කරන්න තියෙන්නෙ drive link එකේ [/file/d/ පටන් (එය හැර) /view? දක්වා කොටස] path
එක අරගෙන auto generate link එක ගාව past
කරන එක.
auto generate link එක -
https://drive.google.com/uc?export=download&id=