පිටියට
පැමිණි තරඟකරු ආතුර වූවකු සේ නරඹන්නන්ගේ නොමද අවධානයද දිනාගනිමින්... අනෙකාට
නෙලාගෙන නෙලාගෙන යන වික්රමයන් ඔබත් නරඹා තිබේද.
නෑ නෑ porn hub එක ගැන නෙමේ මං මේ කිව්වෙ 😉. Wrestling ගැන. එහෙමත් නැහ්නං අපි TV එකේ, deck එකේ, DVD
එකේ, U බටේ බැලුව Pro wrestling ගැනයි මේ කිව්වෙ.
මිනිසුන්ගේ
මේ ගුටි ගහගැනීමේ ආරම්භය, මානව පරිනාමයත් එක්ක එන දෙයක්ය කියලයි කාරණා කාරණා දන්න උදවිය
නම් කියන්නෙ. කියන්නත් දෙයක්ද?. අපි ගහගන්න, මරාගන්න, ඒවා දිහා බලන් ඉන්න කොච්චර කැමති ජීවී කොට්ඨාසයක්ද... නෙ. අලේ මේවා
ගැන තිරිසන් සත්ව කොට්ඨාසය දැන නොගන්න තරමට හොඳයි!
එහෙම ගහගන්න
එක ඊට පස්සෙ වෘත්තියක් වෙනව, වෘත්තිය ක්රීඩකයො බිහි වෙනව, නරඹන්නන් පිරිසක් එකතු
වෙනව. පහුව මේවට මුදල් යොදවන්නන් හා සූදු- ඔට්ටුකරුවනුත් ඊට එකතු වෙනව. අන්න එතනදී
මේක හොර ගහගැනිල්ලක් වෙනව. මේ fix match හේතු භූත වෙලා සහ
අවසේස සියලු කාරණා පොදි ගැහිල... එහි දිගුවක්ව pro wrestling බිහි වෙනව. ඒ කියන්නෙ මේ wrestling කියල අපි
උඩදාන් බලල තියෙන්නෙ... කලින් සැලසුම් කළ පරිදි සිදුවන ප්රදර්ශනාත්මක තරඟ වැදීමක්. හුම්... ඉතිහාස පාඩමකටයෑ මේ සැරසුණේ. විස්තර
ඉවරයි!
|
Undertaker, Paige, John Cena |
අපෙ
කාලෙ wrestling බලන්න ගන්නෙ CD වලින්. අපේ උන් කාගේ හරි IDයක් උස්සන්
ගිහින්, rent එකට යන ගානත් දීල CD එක ඇන්න එනව. පස්සේ කඩේ එකාගේ ඇඳුරුම්කම පිට, rent ගාන විතරක් ගෙවල ගේනව. නැත්තං කවුරුහරි අයිය කෙනෙක් ගෙනාපු එකක් උන්
බලනව. ඔය අස්සේ තමයි අපේ උන් පොඩි change
එහෙකටත් එක්ක බ්ලූ බැලුවෙ. ඔහොම එකක් තමයි ඉතීම් ඒ
දවස් වල අහම්බෙන් මට බලන්න හම්බුවෙන්නෙත්. ඒ කාගෙ හරි ගෙදරකදි.
මේ කියන්නෙ O/L කාලේ වගේ.
ඉතිං ඔය CD එකක් බලපු එකෙක් පහුවෙන්ද, බලපු නැති ඈයන්ට ඕකේ විස්තර කියනව... දැන්
අර tv එකෙන්... පත්තර සිරස්තල කියවනව වගෙ. ඒ වගේමයි අපි උන්දලා
ඇඟ පුප්පන් ඉන්න Day Card හෙම පර්ස් එකේ එකතු කරල තියන්
ඉන්න පුරුද්දකුත් තිබ්බ. ඒ අතර wrestling කෙල්ලන්ගෙ card හිට තිවන.
ඉතින් ඔය කාලේ
නැගලම ගියේ John Cena. කැමා කොට කලිසමයි, දම්වැල හා ඉබ්බ Cenaට නියමට මැච් උනා. මතක හැටියට... රෙස්ලින් වලින් ප්රධානම belt එක වන WWE champion belt එක 16වතාවක් විතර Cena දිනල තියෙනව. Six
pack එක්ක හැන්ඩියට පෙනුණේ Randy Orton- The Viper සහ Dave Batista. මෙයාල
අරුණු කොට කැමති සහ වැඩි ප්රසිද්ධ සැට් එක කෙටියෙන් මතක් කරගෙන ගියොත්... Undertaker, The Rock, Kane, Triple H, Edge, Rey Mysterio, Big Show, Hulk Hogan, Goldberg, Sting, Broke
Lesner වගේ අය තමයි. පහුව ලොකුවටම ප්රසිද්ධ උන හාදයා තමයි Roman
Reigns. ආ මේ ලඟදි අසනීපයක් නිසා Bray Wyatt කියන රෙස්ලින් හාදය සෙත්තපෝච්චි වෙලත් තිබුණ.
රෙස්ලින් ගහන
අයගෙන් ලෝකෙම දන්න පොර තමයි ඉතිං The Rock (Dwayne Jonson). සුපිරි Hollywood නළුවෙක් වෙන්න luckකාරයෙක් උනා Rock. දැන්නම් කාලක ඉඳල... Cena, Batista වත් දැක ගන්න ලැබෙනව සිනමාවෙන්. අනික් සමහරක් අය රඟපෑවත් ඉදිරියට එන්න
නම් බැරි උනා.
රෙස්ලින්
පිටිය තුළ dramatically පුම්බල අපිව බය කරපු හාදය මතක්
කලොත් ඒ තමයි Undertaker. හිටි ගමන් මිනිහ එන්නෙ මිනී පෙට්ටියෙන්.
තව හාදයෙක් හිටිය ඌ නම් සිරාම පොර... Boogeyman. පණුවෝ
කකා හැරමිට්ටකුත් අරං එන මහ නසරානි පෙනුමකින් තියෙන්නෙ ඌට. ඒ මදිවට ඌ අනික්
එවුන්ටත් පණුවෝ කවනව 😵.
තව මොනවද ඔය වගේ මතක් වෙන... හුම්!
බඩ තඩියෙක්
හිටිය අනික් තරඟකරුවන්ගෙ මූණේ පුම්ක අතුල්ලන###. විහිලු කෑලි දාන අඟුටුමිටි ඈයො. අතරින්
පතර වලල්ලට එන celebritiesල.
Donald Trump හෙමත් ඇවිත් සමහර wrestlersලගෙන් ගුටි පාරවල්
ලබා ගත්ත. මිනිහ ඉතිං රෙස්ලින් වලට අයත් කොම්පැනියක අයිතිකාරයෙක් නෙව.
අනිත් කේෂ්
එක තමයි කෙලි වළි. සමහර ඒව බලන් හිටියෙ... මේකි දැන් හැට්ටේ ඉරාගෙන පයෝදර එළියෙ දාගනී,
දැන් දා ගනී කියන බයෙන්. ඇත්තමයි!. (ඒත් කෙල්ලන්ගෙ ඒවා බැලුවේ නැතිම තරම්). කැමතිම
female wrestler ගත්තොත් Paige. ඇය ගැන හදිච්ච film එකක් තමයි ලඟදි ආපු Fighting
with My Family (2019).
|
Boogeyman, Batista, Randy Orton |
වළල්ලේ ඉඳල
හිටල lip kiss හෙමත් මාරු උනා. ඒත් අපිනම් ඇහැක් ඇරල
බැලුවෙ නැති තරම්. ඒ විතරක් නෙමේ සමහර උන්දලගේ ගෑණු වෙන උන් එක්ක set උනා.
එක restler කෙනෙක්ගෙ ළමය ring එකේ තියන්, උඹේ තාත්ත ඌ
නෙමේ මම කියල වෙන wrestler කෙනෙක් ළමයටම කිව්ව (දැන් ඌත් wrestler කෙනකේ). ඒ වගේම... පුරුදු පුහුණුවෙන් උනත් ගොඩක් භයානක් දේවල් ළමයි
ඉදිරියේ සිද්ධ උනා. (පොඩි ළමයින් ඒවාට ගාවගන්න එකනම් හරි මදි කියලයි දැන් හිතෙන්නෙ).
මේ ඔක්කොම
අස්සෙ සමහරු injured උනා. වයසට ගිහිං රෙස්ලින් වළල්ලෙන්
සමු අරන්... Hall of Fame උනා. සමහරු ආයතන පරිපාලනයට set උනා.
මේ ඔක්කොම
අතරෙ, වසරේ දැවැන්ත එළිමහන් සැණකෙළිමය අත්දැකීම... Wrestle Mania එක. හරියට
31 රිදී රැයක් වගේ 😖. ඒ කාලේ මේ CD එක එන දවස් ලංවෙනකොට අපේ
උන් කඩෙ පැත්තෙ නිතරම බඩ ගානව. මොකද පහු උනොත් CD එක ආපහු
එන්න සතියක්වත් යන හන්ද.
දැන්නම් ජාලෙ
සැරිසරන අතර, dataත් යහමින් ඇති නම්... කට ඇරං ඉතිං මේවයේ
පරණ match බලනව. අතරින් පතර 😊!